Saturday, May 24, 2014

අමුතු පාතාලයා


___________________


ගේමක් නෑ මේ පාර
ගේම් දෙන්නේ කවුද අපිට
අපි ලයිෂන් චන්ඩි
බෝතලේට මිනී මරන

ඇරපන් පුළුවන් නම් කට
අම්මපයි හලනවා ඉස්සරහ දත් දෙක
හවසට බත් පැකට් එකයි
රෑට මල්ලිට සාත්තුවයි
හම්බෙනවා නොමිලේම

ආච්චි මලා නේද ගිය සතියේ
ඡන්ද කාඩ් එක එවපන් කෙලවගන් නැතිව
උස්සනව උඩ පැන්නොත් නංගිව
දානවා පෝලිමක් හංදියේ තියලම

උඹලා පෑනෙන් චීනඩිකරාටි ගහන හැත්ත
උගත් බුද්ධිමත් උපාධි කාරයෝ සෙට් එක
මතක තියා ගනින් මල්ලි,
ලියුවොත් අපේ ගැන
ගලවල දෙනවා පපුකෙහෙත්ත
උඹේ අම්මට බල බල ඉන්න..

මල්ලී උඹටයි කියන්නේ..
මං හරි ආදරෙයි උඹට.
නොලිය ඉඳපන් අපේ ගැන.
මම කුණු කානු බේබද්දා,
බෝතලේට මිනී මරන..

R é D R ü M

M ü R D è R

මහත්(මා) වල්කම



________________

අලුත් දවසක් පටන් අරන්.. ඇඳ මාව බදාගෙන නිදි වදින්න ආසාවෙන් බලන් ඉන්නවා.
ඊට කලින් හිතට ආපු දේ ලියලම ඇඳ සනසන්න හිතුනා.

"සුදූ ඔයා මගේ පන.අද වෙනකම් මම වෙන කෙනෙක් දිහා බලලා නෑ.බලන්නෙත් නෑ.." බස් එකේ පෙම් මුල්ලකට වෙලා  ඔය ටික කියන්නෙත් ඉස්සරහ ඉන්න කොකා කෝලා බෝතලේ වගේ ඇන්ටිගේ පස්ස දිහා බලන්. දැන් ගොඩක් උන් කියාවි "අපෝ මූ කියන වල් කතා. අපි නම් එහෙම් නෑ.අපි හොඳ ලමයි" කියලා..
එහෙම කියනවා නම් ඌ කොල්ලෙක් නෙමෙයි. එක්කෝ කොලු කොලුකාරයෙක්. එහෙමත් නැත්නම් රහත් වෙලා.
පිලිගත්තත් නැතත් ඇත්ත ඒක බන්..

අමාරුවෙන් කෙල්ලෝ හිරට ගහගෙන පස්සෙ කෑල්ලක් පේන්න පලාගෙන යන්නේ උන්ට කන්නාඩියෙන් බලන්නද..
නෑ අපිට බලන්න..ඉතිං හත්දෙයියනේ ඕක බලලා රස වින්ඳ කියල ඇති වැරද්ද මොකද්ද???
දැන් කෙල්ලෝ නම් කියයි "අපෝ එහෙම එකෙක් අපිට නම් එපා " කියලා.ඒ කියුවට ඒ කෙල්ලගේ තාත්තා එයාව බස් එකට දාලා එයාගෙම යළුවගේ කකුල් දිහා බලනවා ඇති.. ඒ තරම් කර්කෂ්ඨ සමාජයක් බන් මේක.

මොලේ තියන ගෑනු දන්නවා, ඒක පෙන්නුව ඇඟ බේරන් පැත්තකට වෙන්න.
මොලේ තියන මිනිස්සු දන්නවා, ඒක ඇහෙන් බලලා හිතෙන් අල්ලා රස විඳින්න..

වැදගත්කමෙයි වල්කමෙයි වෙනස ඒක..

ඒත් ජීවිතේ එක අවස්ථාවකදී ඔය කියපු කතන්ද‍රේ කනපිට පෙරලෙනවා..

රාගය සහ අනුරාගය..

අතින්වත් අල්ලන් නැතිව ඇහෙන් දකින්නෙවත් නැතිව ඇඳට ගන්න පුළුවන් ගෑනියෙක් හැම මිනිහෙක්ගෙම ජීවිත වලට එනවා. ඒ ආදරය කියන පහන් හැඟීම එක්ක.

ඒ තමන් බඳින ගෑනිමයි කීවොත් ඒක පට්ට පල් බොරුවක් බන්.1% වත් එහෙම වාසනාවන්ත උන් නැතිව ඇති.ඒ අපි ලබා උපන් හැටි.
එත්,

අවුරුදු හැට හැත්තෑව ගිහිල්ලත් ඒ දේ නොවිඳපු උන් මේ ලෝකේ ඕන තරම් ඇති..
ඒ වගේම
අවුරුදු හැට හැත්තෑවක් ගිහිල්ලත්
අතින්වත් නොඅල්ලපු, සුවඳවත් නොදන්න, හරි හැටි රූපයක්වත් මතක නැති ගෑණු එක්ක එක්ක ජීවත්වෙන මිනිස්සුත් මේ ලෝකේ ඕන තරම් ඉන්නවා බන්...

අව්වට රත් වෙන, පින්නට cool වෙන මේ ගෙන්දගම් පොලවේ ජීවත් වෙන් මිනිසුන්ගේ වල්කම මට පේන්නේ ඔහොමයි බන්..

R é D R ü M

M ü R D è R

අවසන් බලාපොරොත්තුව




ජීවිතය පිළිබඳ සියලු බලාපොරොත්තු අහවරව එල්ලා මැරීමට නියම වූ මිනිසෙකු,
අවසන් බලාපොරොත්තුව තබා ගන්නේ දෙවියන් ගැන නොව..
තමා එල්ලීමට නියමිත ලණුව ගැන‍ය..

R é D R ü M

M ü R D è R

මිනිස්සු හරි පුදුමයි






මිනිස්සු හරි පුදුමයි.මහ මෙරක් තරම් බලාපොරොත්තු හිතේ පුරවගෙන ජීවත් වෙන්න අලුත් හුසමක් අලුත් බලාපොරොත්තුවක් හොයනවා.
අතින් ලිස්සලා යන හැම තප්පරයක්ම අයිති අතීතයට බව දැන් දැනත්,
ගෙවෙන හැම තප්පරයකම අනාගත‍ය හොයනවා..
පුදුම‍යක් නෑ.. ඒ මිනිස්සුන්ගේ හැටි බව දැනන් උන්නා.
අතීතය වර්ථමානය අනාගතය තුනම එකක් වූ කල්හි ගෙවෙන තප්පර වලින් වැඩක් නැති වෙනවා...
අලුත් හුස්මක් අලුත් බලාපොරොත්තුවක් හොයන මිනිස්සු අස්සේ
මම, අද දවස ගෙවා ගන්න ජීවිතයක් හොයනවා..
මේ ගෙවෙන හැම තප්පරයක්ම ජීවිතයක් නැති මට ඇති ඵල කිමැයි..
එපා මට මේ තප්පරය..

R é D R ü M

M ü R D è R

අපූරු ආසාව




______________



දවසේ පලවෙනි සිගරට් එක කඩි මුඩියේ නිවලා දාල ආපු පලවෙනි CTB ලදරමේ එල්ලුනා.
ඊයේ පායපු බැහැලා නොගිය හඳ හින්ඳා නින්දක් නැති වෙච්ච ඇස් දෙක ජිල් බෝල දෙකක් වගේ.
මිනිස්සු දිහා බලන්න ලැජ්ජයි උන්ට මාව කොහොම පේනවද දන් නෑ කියලා උදේ පාන්දර..
පෙම් මුල්ල එහා පැත්තේ තිබ්බ හිස් සීට් එකේ වාඩි උනා.
අනේ ජෝඩුවක් ඉන්නවා ඉසුරුමුණි පෙම් යුවල වගේ අමාරුවෙන් වෙලිලා ගැරඬි දෙන්නෙක් වගේ.
මේ කොල්ල ටිකක් රැවුල කොන්ඩේ වවන් රසතා ඩයල් එකක් වගේ. හිතට ආපු පලවෙනි ප්‍රශ්නේ "මේ කෙල්ල මේ කොල්ලට ආදරේ කරනවා ඇත්ද" කියලා..
සද්ද නැතිව ඕවා අහලා බලලා ගුටිකන් නැතිව ඇස් දෙක පියා ගත්තා.

ගෑනු කියන්නේ හරි පුදුම ජාතියක්.
මොන කෝණෙන් මොන විද්වත්තු මොන නිර්වච්න ගෙනාවත් උදේ හවස මේ ගෙන්දගම් පොලවේ මට හම්බෙන ගෑණු නම් එහෙමයි.
උන් හැම වෙලේම වෙනස හොයනවා..
අරූ ලඟ නැති මූ ලඟ තියන එක මොකද්ද..
අරූට වඩා මූට තියන එක මොකද්ද..
අරූටයි මූටයි දෙන්නටම නැති ඒවා මොනාද
අරූට වඩා මුගේ කොච්චර දිග ද
අරූට වඩා මුගේ කොච්චර පලලද

"ඊයා,චීක්,අපෝ,චාටර්,ඈයියා" කීවට
උන් හරි ආසයි
රස්තියාදුකාරයින්ට, බේබද්දන්ට,සල්ලාලයින්ට,කවිකාරයින්ට.

උන් හරි ආදරෙන් ඇවිත් ඒ මිනිස්සු ලඟ නතර වෙනවා..
ලඟින් ඉන්නවා.. හොයලා බලනවා.. පැණි බේරෙන සුරංගනා කතා කියනවා..
දුක කියනවා, දුක බෙදාගන්න කතා කරනවා..
ඔමාර් ඛයියාම්ගේ කවි වගේ මේ ලෝකේ රහක් නැති කවිත් වර්ණනා කරනවා..ට‍යිම් පාස් කරනවා.. රස්තියාදු ගහන්න එපා, බොන්න එපා අරක එපා මේක එපා වගේ එපා ටෝක්ස් 1000ක් දෙනවා.. වෙනම ආද‍රණීය ලෝකයක් මවනවා.

ඒත් උන් කවදාවත් ආදරේ කරන් නෑ..
ඒක නිකම්ම නිකම් ආසවක් විතරයි.

අපේ එහා ගෙදර පොඩි සෙල්ලම් බල්ලත් මම වෙනද විසි කරන තැනට වඩා වෙනස් තැනකට කෝට්ට විසි කරොත් ගොඩක් ආසා වෙන් දුවන් ගිහින් අරන් එනවා..

ඒවගේ සිම්පල් තියරි එකක් උන්ගේ ඒ මවන ලෝකේ.

අවාසනාවට උන් හිතන් නැති දෙයක් තියනවා..
උන් ඒ ආස කරන්නේ හැඟීන් දැනීම් තියන මනුස්සයෙක්ට බව..
ඒ  මනුස්සයගේ කරුමයක් තිබ්බොත් උන්ගේ ඒ ආදරේ වගේ පෙන්නන ආසාව ඒ මනුස්සය ආදරේ කිය ජීවිතේට එකතු කර ගන්න බව..ඕකට තමා ඉංග්‍රිසි‍යෙන් කරුමේ කියන්නේත්..

බහින තැන කිට්ටුයි තව ලියුවොත් ගාල්ලටම යන්න වෙනවා.මෙතනින් බැහ ගන්න එක ඇඟටත් හිතටත් දෙකටම සනීපයි.

R é D R ü M

M ü R D è R ‍

මම බැල්ලියක්ට ආදරේ කලා




මම කිරිල්ලියන්ට ආදරේ කලා
වැඩක් නෑ.
උන් ඉගිලුනා ඉගිලුනාමයි
අහසේ පාරවලුත් නෑ..
ඉතින් මම හාවියන්ට ආදරේ කලා
වැඩක් නෑ.
උන් දියුව දියුවමයි
රින්ගපු බෙනවල පාරක් වත් නෑ..
ඉතින් ඒ නිසා මම
බැල්ලියක්ට ආදරේ කලා..
ලඟින් බැඳල හරි තියා ගන්න පුළුවන්නේ හිතන්..
ඒකත් වැඩක් නෑ..
ඒකි වෙන බල්ලෙක්ගේ..


R é D R ü M

M ü R D è R

වැරදුන තැන ඉඳන්..



ජෙට් එකකටයි කෙල්ලෙක්ටයි පුළුවන්ලු මිනිහෙක් ගොඩක් දු‍ර අරන් යන්න.
ඒවගේම
බොතලයකටයි ගිටාර් එකටයි පුළුවන් අතරමං වෙච්ච මිනිස්සු ආයේම එක්කන් එන්න.
ඒ වගේම පෑනකටයි කොලයකටයි පුලුවන් ඒ මිනිස්සුන්ගේ ජීවිතේ ආයෙම ලියන්න..වැරදුන තැන ඉඳන්..



R é D R ü M

M ü R D è R

කිරි නැති තනේ




_________________________


අන්ඬන විට ඉල්ලා තනේ කිරි
නෑ පුතේ දැනුනේ හදේ ගිනි
බඩේ ගිනි දැවුනා ඊට වැඩි
ඒ නිසයි වැද්දේ නිදි නොදී කිරි..

අඟුල් මල් පිල උඩ වැතිර නිදි
අඟුල් මල් පිරිත කීමට කෙනෙක් නැති
රැයක නුඹ ආව නොකී බැරි
පුවත කිවා අඟුල් ඇස් රතුවිනි..

කුස ගින්න නුඹට මෙන් මටද ඇති
මගේ බඩ පිරුනොත් නුඹට කිරි
වල්කමේ ගිහින් එනකොට පවක් නැති
ඉතිරී වී තිබ්බොත් දෙන්නම් නුඹට කිරි..

R é D R ü M

M ü R D è R

නුඹ ආදරය කරනවා නම්







නුඹ ආදරය කරනවා නම්,
කෙදිනකවත් සුරංඟනාවියකට ආදරය නොකරන්න.
තැඹිලි ගෙඩි වන් පිටතට නෙරූ පපුවක් තිබුනද සුරඟනුන්ට හිතක් නැත..


R é D R ü M

M ü R D è R

(100% නොමිලේ දුන් උපදෙසකි)

මගේ සඳ






_____________________

මගේ සඳ නුඹ
ඉර ඉන්න අහසේ
තියුවා කිසි අවිශ්වාසයක් නැතිව..
හිතේ හැටියට පායන්න...
ඒත් නුඹේ දිස්නෙට වහ වැටිලා
නුඹ වටා රොක් වෙන තරු දැකලා
හිත හූල්ලනවා අද...
අවිශ්වාසෙට නෙමෙයි..
තරු කැට ලඟින් ත‍රම්වත්
මා ලඟ නැති කමට...


R é D R ü M

M ü R D è R

Take it easy




______________


දන්නවා දැන් ඇති බව.
ඒත්, තවමත් මම
ඒ හීනවල කෑලි එකතු කරන්
අමාරුවෙන් අමුණගෙන..,
ඇහෙන් නොවැටී ගල් වෙච්ච කඳුළු සායම් වලින්,
හිස්තැන් වහල..
අළුත් හිත් ගොඩක් අස්සේ,
පරණ කිලිටු වෙච්ච මයි හිතත් තියලා
ඔහේ බලන් ඉන්නවා..
දන්නවා ඔයාගෙ බිමත්
මේ හිතෙන් කැත වෙනවා..
ඒත් මම කියලා මොනවා කරන්නද..
ලේ වලට දිය උන හිංද ද මංදා,
මම මහ ගොඩක් ඇබ්බැහි වෙලා ඔයාට..
එකයි හැමදේම දැනිලත්,
නොදැනුනා වගේ ඉන්නේ..
මතකද තංගමේ,
මේ කුණු ගෑවිලා, කැඩිලා,බිඳිලා,අමුණලා
කරල තියන හිතමයි..
අපි බලාපොරොත්තුවෙන් කැටයම් දාලා
හීන වලින් රේන්ද අල්ලා හැඩ කලේ...
Take it easy ඩා..
නිකමට වගේ කීවේ...

Rédrümගේ දින පොතේ සටහනක් (21.08.2012)

R é D R ü M

M ü R D è R

මරණය එනු මැන ii





__________________________

සිතුවිලි සෙනඟ ගොඩ ගැසී ලඟ ලඟම එන මලගම ගැන
කතා හරි හරියට..
ඉතින් කියන් තව දවස් කීයද මල ගමට..
හෙමින් ඉකි ගසන පාළුව බඳියි
සුදු කොඩි තාලෙට..
හිතින් හොරාට වැක්කෙරෙන කඳුළු බිඳු එකතු කර සීරුවට
හදයි රසවත් බීමක් මල ගෙදර සංග්‍රහයට
මලගම දාට හිස ඉස්මත්තේ දැල්වෙන පහනට
තෙල් බිඳුවක් වක් කරන් නැති ජීවිත‍යෙන්
මට ඇති ඵල කිමද..
මරණය එනු මැන මා කෙරේ..
වැළඳ ගනු මා
ආදරයෙන් උණුහුමට..


R é D R ü M

M ü R D è R

පාපොච්චාරණය














___________________________________





දන්නවද දුෂෙයින් මම පොඩි කාලෙ හිතුවෙ ඔයා පරාදයි කියලා..
ටිකක් ලොකු වෙනකොට හිතුව ඔයා පරාදයි මම දිනුම් කියලා..
ඒත්, අද මම තනියම පොප්ලර් ගහ යට ආවමයි හිතුනේ අපි දෙන්නම පරාදයි කියලා..
ඔයා දන්නවද වැදගත්මදේ දුෂෙයින්,
අපි දෙන්නම දන්නවා 
මොන නියඟයක් ආවත් ඒ ගහ මැරෙන් නැති බව..




R é D R ü M

M ü R D è R

වරා මලේ






ඉතිං කියන් වරා මලේ අලුත් කතාවක්
ලඟින් ඉඳන් වාඩි වෙලා පෙර නොකී කතාවක්
පෙමක් නැතත් හිතත් තියන් කොහෙ යනවද පාවීලා
හිඳින් ටිකක් නැවතීලා කියන් ඉතින් මටත් කතාවක්

කෝඩ සුළං අහස් ගැබේ
වැරහැලි නුඹේ පෙති ගිලිහෙයි දැනී මට බියක්
මලක් වගේ රැකුමට බැරි නුඹත් තව මලක්
ඉතිං කියන් වරා මලේ මටත් කතාවක්..
ලඟින් ඉඳන් නැවතීලා තවත් කතාවක්...

උණු හිම තව ගුලි ගුලි කැට තියන් මම තවත්
කියන් කිමද ඵල කිමදැයි නුඹව නැති ලොවක්..
සුවඳ නැතත් ලෙන්ගතු වැඩි නුඹත් තව මලක්..
ඉතිං කියන් වරා මලේ මටත් කතාවක්..
ලඟින් ඉඳන් වාඩිවෙලා තවත් කතාවක්...


R é D R ü M

M ü R D è R

මරණය එනු මැන


________________________________________


ඝණ කළුවර මැදින්
හෙමින් හෙමින් නොන්ඩි කකුල බිම දිගේ ඇදන්
මරණය එනු මැන මා කෙරේ..
සීරුවට හෙමින් වැළඳ ගනු මැනවි මා..
මා සනසාලන්න මරණය,
නුඹයි මගේ සැනසිල්ල..
හීනිවත් සීතලක් නොදැනෙන්න
මා තුරුළු කර ගනු මැනවි..
හිස ඉස්මත්තෙන් දැල්වෙන පහනට
තෙල් බිඳුවක් වත් කරන් නැති
ජීවිතයෙන් මට ඇති ඵල කිමද..
නුඹ මගේ සැනසිල්ල..
නුඹ මගේ ගැලවිල්ල..
නුඹ එනතුරුයි මා ජීවිතය සමඟ ගනුදෙණු කරන්න හේතුව..
ඉතිං ඇයි තව පමා..
මාව සනසාලන්න..
මූසලම විලාපය කර
ජීවිත මැදින් මා රැගන යනු මැනවි
කරුණාවෙන්... 
හත් දිනක් ගෙවෙනකම්
කවුරුවත් නැහැ හඬන්නට..
ජීවිතය මෙන් මා
මග අතනොඇර,
ඝණ කළුවර මැදින්
නුඹේ කළුවරම විජිතයට
මා රැගෙන යනු මැනවි...
මරණය,
එනු මැන මා කෙරේ...
ආදරයෙන්...



R é D R ü M

M ü R D è R

තෑග්ග (ගා‍ර්මන්ට් පතිවත II)


ගාර්මන්ට් පතිවත,




____________

ඉදිකටුවේ තුඩ ඇනිලා මිරිකා බැලුවා ගලන්න ලේ නෑ
නූල් කොනක් නෙත් වැදිලා නෙත් දෙක මිරිකා බැලුවා කඳුලු බිඳක් නෑ
මම එනතුරු බලන් ඉඳලා හනස්ස හොඳටම නිවිලා ගිණි පුපුරක් නෑ
අප්පච්චිගේ තොල් පැලිලා ජීවන කූඩුව දිරලා පිණි බිඳුවක් නෑ
රකුසන්ගෙන් මා රැකලා ඔබ ඉන්නා බව දැනිලා මට තනියක් නෑ..

හදවත නැති මිනිසුන්නේ දවස පුරා ලේ බොන්නේ කිසිම් තෙතක් නෑ
සංගුව දැන් නද දෙන්නේ පිසාචයන් වටවෙන්නේ කිසි අඩුවක් නෑ
අප්පච්චියේ පලයන්නේ රැකියාවට බිලිදුන්නේ රැකුම් වැඩක් නෑ..

R é D R ü M

M ü R D è R

A/l මල ගිය ඇත්තෝ





__________________________


මම : දන්නවද සුදූ වෙලාවකට ඔයා නොරිකෝ සං වගේ.

සුදූ : අපෝ මට පේන්න බෑ මට ඒ ගෑනිව.මට ඒකේ අවස්ථා සම්බන්ධේ මුකුත් මතක තියෙන්  නෑ.මම ඒ ප්‍රශ්නේ කරන් නෑ.

(සුදූ මූණ එල්ලන්)
මම හිතුවේ මම කත්‍රිනා කයිෆ් වගේ කියයි කියලා.

මම : ඔව්.. ඇත්තටම ඔයා කත්‍රිනා වගේයි සුදූ.. අර ගෑනිගේ අහලකින්වත් තියන්න බෑ.

ට්‍රීං ට්‍රීං ට්‍රීං.. (ෆිල්ම් එකේ ඉන්ටර්වල් ඉවරයි..මම තව ටිකක් සුදූට තුරුල් උනා...)


R é D R ü M

M ü R D è R

_______ මම රාවණා _______






ඇසිල්ලකින් සිත සිතුවමක් අඳියි,
ඇසුරු සැනකින් මකා ගනියි..
මම රාවණා වෙමි.
කෙදිනකවත් සීතාට පෙම් නොකරමි.
නමුදු,
නුඹේ සෞම්‍ය බොල් පිණි වැස්සෙන්
මහා කළු ගල් මයි හිත දියවී ගොසිනි..
හෙට රාම ඒවි.
නුඹව ජම්බුද්ද්වීපයට ගෙනයාවි.
නොමැරුනොත් මාත් හෙට ඉඳීවි.
නුඹේ මතකය මගේ විජිතය පුරා සක්මන් කරාවි..


R é D R ü M

M ü R D è R

Friday, May 23, 2014

උඹලා හරි අපූරු - මිනිස්සු කැම්පස් කොල්ලෝ

උඹලා හරි අපූරු මිනිස්සු
කැම්පස් කොල්ලෝ
බඩගෝස්තරේට නෙමෙයි
ලියනවා ලොක්කට
පැම්පස් ඇඳන් යන්නම
ඒත් බන් සමාජය හෙන විසයි
තනියෙන් ඉන්නකොට
ජීවිතේ හරි බරයි
හම්බවෙ සම්බුව
පූට්ටු වෙන්න ඇට දෙකම
ලොක්කා හෙන වසයි බන්

දන්නවා තොපිට තියන බව
ඌරෙක්ට වගේ බඩක්
ඔටුවෙක්ට වගේ පිටක්
සිංහයෙක්ට වගේ හිතක්
ඒත් බන් පරිසමට
අම්මා බලන් ඉන්නවා නේද ගෙදර

උඹලා ගුටි කෑවට
ඔලමොට්ටලයො ඉන්න රටක
දුවනවා බන් විප්ලවේ
පස්සේ දොර ඇරන්
මුන් එක්ක කරාම
බොරු නම් අහාපන්
කලින් කල උන් ගෙන්ම
ආදරේටයි කියන්නේ බන්

බැරිම නම් තොපිට අහන්න
වැලිකඩ - මහර
බෝගම්බර - කළුතර
ඒත් මදි නම් වැල්ලවාය
තියනවා තොපි වෙනුවෙන්ම
ලොක්කා දොර ඇරලම

ජ'පුර - පේරදෙණි
කැළණි - කොළඹ
රජ රට - රුහුණ
ඔය මොකෙන් ආවත්
තනියම නෙමෙයි
එකෙක් දෙන්නෙක් හරි
ඒවි තොපි එක්ක

ලොක්කට පුළුවන් නම්
සරසවිය සිපිරිගෙය කරන්නට
කරලා බලාපන් උඹලා
සිපිරි ගෙය සරසවිය
ඔය මොන සිර ගෙයත්
අරගලය ගැන පාඩම් කියලා දෙන
සරසවියක් බව
ලොක්කා දන්නේ නෑ තාම

R é D R ü M

M ü R D  è R

(ඡායාරූපය අන්තර්ජංජාලයෙන් ලබා ගත් එකකි)

Tuesday, May 20, 2014

B+


උඹ කියයි
plz understand
මං කෝම ඒම කරන්නේ
මගේ unda තාම උඹේ හිත ගාව
උඹ ලේ B+
මගේ ලේ
උඹ ඉඳලා
report full upset බන්
ජීවිතේ stuck
ආදරේ cancel
ආත්මය sell
දැන් ඇති බන්
හිත full hard up

R é D R ü M

M ü R D  è R

Saturday, May 17, 2014

ඉඳුල් වසන්තය



___________________

ඉඳුල් උන නුඹේ තොල්පෙති - ඉඹින්නට සිනිදුවට
අවසරද මට එකවරක් - මා නුඹේ නොඉඳුල් වසන්තයයි

මගේ හීනෙක ඉඳන් - මගේ නොවුන නුඹේ රුව හීනෙකින් මවන්න
අවසරද මට - නුඹ මගේ නොවුන, මගේ අයිතිකාරියයි

අපේ උන මගේ මතකය - යනදාට මට දී යන්න
ඒ මතක අයිති, මටයි - හැමදේම මගේමයි

ආයෙ නුඹ එනකම් - ඉන්න හැටි කියා දී යන්න
එනකම් නුඹ - බලන් ඉන්නට මට
නුඹ මගෙයි...
නුඹ මගේ - ඉඳුල් වසන්තයයි..


R é D R ü M

M ü R D è R

විකටයෙක් ජීවිතේ දෙස හැරී බලයි



______________________________

හිනා වෙනවා කියන එකේ අමාරුකම මම හොඳට දන්නවා.හිනාවක වටිනකම මම හොඳට දන්නවා..
සමහර වෙලාවට මටත් දුක හිතුනම හිතෙනවා අනේ දැන් හිනා වෙන්න තිබුනනම් කියලා..

ඉතිං මම මගේ වටේ ඉන්න අනිත් අය හිනස්සන්න පුරුදු උනා.
මිනිස්සු හිනස්සලා ඒ දිහා ආසවෙන් ලෝබකමෙන් බලන් උන්නා.
ඊට පස්සෙ හිතින් චිත්‍රයක් මවා ගත්තා හිනාව කියන්නේ මේ වගේ දෙයක් කියලා.

දින සති මාස අවුරුදු ගෙවිලා ගිහිල්ලා,දැන් ඒක මගේ පුරුද්දක් වෙලා...
හිනා උන ගොඩක් අ‍යට මම හිනා උනාද නැත්ද වැදගත් උනේ නෑ.
හැමෝටම ඕන උනේ හිනාවෙන්න..

ඔව්,
උඹ හැමෝටම පේන විදියට ජීවත් වෙනවා.
හුස්ම ගන්නවා..කනවා..හොඳට බොනවා..ආතල් එකේ ඉන්නවා..
උඹලට ඒක පේනවා දැනෙනවා..
ඒත් මට...

සමහර වෙලාවට කොහේ හරි දුවලා ගිහිල්ලා හැංගෙන්න හිතෙනවා.
උඹලා හැමෝටම වඩා උස තැනකට නැගලා මහ හයියෙන් කෑ ගහලා කියන්න හිතෙනවා
මම ආයේ උඹලා කවුරුවත් හිනස්සන්නේ නෑ කියලා..
ම්ම්ම්.. උඹලට මේවා කියලා ඇති වැඩක් නෑ.උඹලට තේ‍රෙන් නෑ..

වෙලාවකට හිතට මහ බයක් එනවා හිනාව කියනදේ කවද හරි මේ තුන් ලෝකේ කොහෙන් හරි හම්බෙන දවසක මට හිනාවෙන විදිය අමතක වෙලා තියෙයිද කියලා.
නෑ මං එහෙම වෙන්න දෙන්නෑ.මං අදත් උඹලවා හිනස්සනවා.ඒ චිත්‍රේ අදත් මගේ හිතේ අඳිනවා..

මොන දේ උනත් එකක් මතක තියා ගනිල්ලා මාත් උඹලා වගේම මනුස්සයෙක්.
ම්ම්..
ඒ වගේම මාත් දෙයක් දන්නවා මම උඹලට නැතිවම බැරි විකටයෙක් කියලා..
මොකද මම වගේම උඹලත් හිනාවට ලෝබයි කියල මම දන්නවා......

R é D R ü M

M ü R D è R

Friday, May 16, 2014

අනේ මංදා

මොන්ටිසෝරි යන කාලේ හැම දෙමළෙක්ම මට කොටියෙක්..සෙල්ලම් බයිනස්කෝප්පුව අරන් මායි අක්කයි අනුලයි තොප්පි ගල කන්දේ කොටි බලනවා ජනේලේ එල්ලිලා..(පේන මගුලක් නෑ ඒත් අන්න කොටියෙක් ගියා කියල කෑ ගහනවා)
මොන්ටිසෝරි ගිහින් එනකොට ටිකක් කළු මිනිහෙක් දැක්කම අන්න අම්මේ කොටියෙක් කියලා කෑ ගහනවා.
පහ හය වසර වලට ආවම මට මුස්ලිම් මිනිස්සු පේන්න බෑ..
ඉස්කෝලේ ඇරිලා එනකොට මුස්ලිම් කෙනෙක් දැක්කම තම්බියෝ හූ හූ හූ කියලා කෑ ගහනවා.
ඒලෙවල් කරන කාලෙට එනකොට පල්ලියේ මංගල්ලේ වරද්දන් නෑ හැම අවුරුද්දෙම..
හැත්ත බුරුත්ත පිටින් රිංගනවා. එක්කො කා එක්ක හරි කොක්කක් දා ගන්න. නැත්නම් කෑලි බලන්න..
වයසින් මහ ගොඩක් නැත්ත මනසින් ඊට වඩා ටිකක් මම දැන් ලොකුයි.ඉතිං මං ඒ පොඩි කාලේ කරපු වැඩ මුකුත් කරන් නෑ මම.ඒත් මට වඩා මනසින් වයසින් ගොඩක් වැඩිමහල් අය ඇයි තාමත් මම පොඩි කාලේ කරපු තවමත් කරන්නේ කියලා නිකම් හිතුනා..

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

පමා වුන නත්තල


_____________________

නත්තල් ගස අපේ - ටිකක් පරණ වගේ
ඊයේ හම්බවුනේ පාරේ තිබිලා ඉබේ
තරහ වෙන්න එපා ජේසු පුංචි අපිට අනේ
නැත්නම් නත්තල ගන්නේ අපිත් නියම දිනේ

හිස් සැමන්ටින්  මලක් පිපිලා දැක්කද හැඩවෙලා
අපේ හිතේ පිපෙනා මල් පෙණුනද හිනහිලා
වීදි සරණ ලමයි නිසා අපි පරක්කු වෙලා
කියා ඔන්න ජේසු බබා ටිකක් තරහ වෙලා

පරණ ගසක් හැඩ කරන්න හිස් භාජන දමා
ජාති රැසක ළමයි ඔන්න එකට එකතු උනා
ඒක දැකලා ජේසු බබා තුටින් සිනාසුනා
පුංචි අපිත් ඒක නිසා ගොඩක් හිනා හුනා

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

මගේ හිතුවක්කාරි සහ දෙවියන්ගේ මල්ලි


________________________________
දවසේ පලවෙනි ඉ‍ර කිරණ මගේ අඳුරු කුටිය තුළට මා වැද්ද ගත්තේ දැන්‍ ය.දෙමළිච්චෝ දෙන්නෙක් හෙණ වලියක්.මිනිසුන් කියන විදිහට තනි දෙමලිච්චෙක් දැකීම මූසලයිලු.යකෝ එතකොට උන් දෙන්නට තනිමාව දැක්කම මොන තරම් මූසල ඇත්ද මං උන් තරම් ප්‍රේමණීය නැහැ නොවැ. මීදුමත් නැති නිසා මංවත් ජනේලෙන් එලියට දුමක් දාන්න පටන් ගත්තා.

නූතන ගැහැණිය සහ මුදල්

නොපෙනෙන තරම්  වෙනස් කම්පාන මේ දෙක ගැන ලිවීම ඵලක් නැති දෙයක් බන්.. ඒත් ඒකෙත් පොඩි ලල් එකක් ඇති නිසා අකුරු ගලපලා බලන්න හිතුවා.

බයිබලයට සහ ග්‍රීක සාහිත්‍යට අනූව මිනිසාද මිනිසාගේ සහයට ගැහැණියද දෙවියන් විසින් මවන ලදී.යෙහෝව නම් පිරිමියාගේ ඉල ඇටයකින් ඊවා නම් ලොව පළමු මනුෂ්ශ්‍ය දුව පාපයෙන් තොරව මවන විට සීයුස් මැටිවලින් තනන ලද ලොව ප්‍රතම ගැහැණිය පැණඩෝරාට දෙවිවරුන් සතු සියලු හැකියාවන්ද සෝබාවන්ද කුතුහලයක්ද දෙන ලදී.බ්‍රාහ්මණයන් ඉගැන්වීමට අනූව මනුසහ ජල ගැල්මේ එන රම්බා ලොව ප්‍රථම ගැහැණියයි.
ඔය කොහෙන් පහත් වුවද ගැහැණිය කියා කෙනෙක් දැන් මෙලොව ඇත.
ගැහැණිය යනු හරි අපූරු වස්තුවකි..
ඇය රෑමත් ය.ඉරීසියා කාරියක්‍ ය.ශෘංගාරයේ උල්පතය ලොකේ අමාරුම වේදනාව වූ විළිරුදාව පවා උහුලන්නේ ඇයය.
කාලයාගේ ඇවෑමෙන් මෙකී ගැහැණියගේ උප්පත්තික ලක්ෂණයන්ට කුමක් වී ඇත්ද..දැන් ඉන්න ගෑණුන් ලඟද මේ හැමදේම ඇත.නමුදු කොහේ හෝ තැනක වැරැද්දක් වී ඇත.කොහේ හෝ තැනක අඩු පාඩුවක් වී ඇත.
මේ සියළු හබයන් පටන් ගන්නේ ගැහැනිය දෙවියන්ගේ මල්ලි හොර මිනිහ කර ගැනීමත් සමඟ‍ය.

දැන් කාලේ සල්ලි වලට ගන්න බැරි මොනවද බන්.. අම්මගේ ආදරේ ඇරුනම අනිත් හැමදේටම මුදලින් මැනිය හැකි වටිනා කමක් දෙන්න පුළුවන් බන්.
ඉස්සර ගැහැණියට වටිනා කමක් ඇත.දැන් ගැහැණියටද වටිනාකමක් ඇත.වෙනස දැන් ගැහැණියගේ ආදරයේ වටිනාකම මැනිය හැකි වීමයි.
නෑ නෑ කියලා කෙල්ලො මොන බයිලේ ගැහැහුවත් දැන් ගෑණුන් ආදරේ සල්ලි වලටය.අපි පෙනුමෙන් අප්සට් ය.ඒත් අපි සල්ලි වියදම් කරලා හොද ඩෙනිමක් දාල සංඟක් දාල හොනට් එකකින් බැස්සොත් වෙනද නොබලන කෙල්ලොත් බලයි.ඇත්ත ඒකය.
දැන් කෙල්ලොන්ට තියෙන්නේ අමුතු ආසාවල් ඒ හැමදේම මුදල් යන පොදු සාධකය මත ගිඩ නැඟුන ඒවා බන්.ඒත් ඒවත් ප්‍රාදේශීකරණය අනූව වෙනස් ය.
කොළඹ කෙල්ලෙක් බෙන්ස් එකකින් කොල්ලෙක් ආවිට මායම් ටික අතාරියි.ඒත ඕව මාතරට එනකොට වෙනස් අපේ එකෙක් බයික් එකකින් ස්ටන්ට් පාරක් දැමූ විට කෙල්ලො බැල්ම දායි.
(ආව් අන්න @[100005338144532:2048:Zafrin]  අයියා වගේ. :p ) ඔය මොනදේ උනත් අවසානයේ බේස් වී ඇත්තේ උන්ගේ හොර මිනිහ උන සල්ලිය.

සල්ලි සහ ගැහැණිය සමඟ මිනිසුන් පවත්වන්නේද හරි අපූරු සම්බන්ධතාවයකි.සල්ලි කොච්චර දුන්නත් අපිට ඇති වෙන් නැත.කෙල්ලන්ද එසේමය කොච්චර දුන්නත් වැඩියක් නැත.මොන මහත්තය මොන බයිලේ ගැහුවත් ගොඩක් උන් එහෙමයි බන්.එහෙම නැත්නම් ඌ රහත් වෙලා.
ඒත් බහුතරයක් උන් ළඟ ඇත්තේ බබා පාට්‍ ය.උන් මේ ලෝකෙට ආපු තැනවත් දන් නෑ වගේ හැසිරෙන්නේ.

ගැහැණිය සමඟ බැඳුනු තව අපූරු මාතෘ කාවක් වනුයේ සෙක්ස් ය.. සෙක්ස් කියුවම අපේ උන්ට මැජික් වගේ.අනේ මල්ලි කුණුහර්ප කියන්න එපා කියයි..ඒත් බස් එකකට නැග්ගමා බලන තරමක් ගල් බලන්නේ උන්‍ ය.තමංගේ දූව බස් එකට නග්ගලා දුවගේ යලූවගේ කකුල් දෙක දිහා බාන්නට තරම් වාරණයන් තුල මිනිසා ගෙන ගොස් ඇත.හැමදේට මුදල් ආරෝපනය වුන මේ තරම් නවීන වෙන්න හදන සමාජෙක ඕක විතරක් මැජික් කරන්නේ ඇයි දැයි ගැටළුවකි.
"වාරණයන් වැඩිවූ විට මිනිසුන් ඉන් පලායාමට නව විදි සොයා ගනී."කලීල් ගිබ්‍රාන් කියපු කතාවක් මතක් උනා බන්..ටිවී එකේ දාන කොටු ටික අයින් කලොත් රෙද්ද උස්සල හොරෙන් බැලී මේ ප්‍රතිශතයත් අඩු වෙයි මට හිතෙන විදියට..

"පිරිමිනි දූපතන
අවසර කල රහස් තැන
මිස නොලැබෙන බැවින
ගැහැණු කවරෙද වරදේ නොබැඳෙනා."

ගැහැණිය යනු ඉඩක් ලැබුන ගමන් වැරදි කරන ජාතියකි.එය අප හැමොම දනී.දැන දැනත් අපට ඉන් ගැලවිමක්ද නැත.ඇත්ත එයය.
අපි මෙහෙම මොන ලොකු ටෝක් දුන්නත්
මහා පුරුෂයෙකු වුවත් චූල පුරුෂයකු වුවත් ළදරුවෙ සේ හැඬවීමට ගැහැණියට සහ ගැහැනියගේ හොර මිනිහාට යන්නේ ඇසිල්ලක් බඳු නිමේශයකි.අකමැත්තෙන් උනත අපිට ඒක පිළිගන්න වෙනවා.ජය.

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

උඹට උරුම හෙට


_____________________

නමක් ඇතේ අරුතක් නොමැතේ
රටක් ඇතේ මිනිසුන් නොමැතේ
සිතක් ඇතේ ප්‍රේමය නොමැතේ
ගහක් ගලක් සේ හිඳින් පුතේ

සාමය අරුතක් නොමැති නමයි
ප්‍රේමය ගැඹුරක් නොමැති තමයි
ජීවය මෙහි නැති එකම දෙයයි
පාපය මෝහය තියන එකයි

විසල් කුඹුරු තිබු පුන්‍ය බිමේ
බෝම්බ පැලවී තිබෙනු පෙනේ
පුද නැති පුදසූන් සැදෙන බිමේ
වෛරය තුල වී සිතන වුනේ

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

මටත් උන්නා යාළුවෙක් - කියා "සින්නා"


______________________________

බාල වියේ ඉඳලා - එකට හිටි සින්නා
මොකද අනේ මංදා - මාව දැමුවේ පන්නා
දවසක්දා මතකයි - බෝල ගහලා දින්නා
එදා එක්ක ආවේ - නුඹව කර පින්නා

ඊයේ හවස් යාමේ - ඇඳිරි නීති දාලා
තිබ්බ නිසයි සෝමේ - ගියේ නුඹව දාලා
මර්කට් එක ඇතුලේ - මිනිස්සු වැඩි වීලා
තනියම බෑ සින්නා - වැඩ ටික ගොඩ ගැහිලා

පුංචි කාලේ වාගේ - එකට බෝල ගහලා
කෝවිල ලඟ වැටිලා - පොල් ඔක්කොම කාලා
ඔයාලගේ අම්මා - හදන මෝරු බීලා
එකට ඉමු සින්නා - තරහ අතහැර දාලා

අද හැනඳෑ යාමේ - මුදලාලි කියලා
පොලිසිය ඇවිදින් - ඔයා ගියා කියලාඔ
දන් ගත්තට පස්සේ - හරියටම දැන ගත්තා
මාව පන්න ගත්තේ - ආදරේට කියලා

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

සුනාමිය

අනේ තොපි කරාවේ
කියයි මිනිසුන් දුරාවේ
ගොඩ ගැලූ මහ මුහුද වී මුලාවේ
ගත්තේ බිලි නෑ බැලුවේ උපන් සහතිකේ

එක වලයි කැපුවේ පොදුවේනේ
නෑ බලලා වලදැම්මේ කුලේනේ
කියන් මිනිසුනේ ඇයි දැන් මුලාවේ
මරනයට නෑ වැදගත් උපන් සහතිකේ

කියනවා සහරුන් නැහැලු සහජීවනේ
එක බත් පත බෙදන් කෑවේ උන්මනේ
පැරදුනේ මහ මුහුද මිනිස්කම ඉදිරියේ
කිමැයි දැන් ඒවා අමතකව සිහලුනේ

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

― Kailash Kher

මා දැක ඇති දෙවියන් මැවූ අපූරුත නිර්මාණය ගැහැණිය යි.
දෙවනිය ඊට සමානව මැවූ සත්සරයි..
ගැහැණිය ඝණ වස්තුවක් වීම හා සත්සර ඝණයක් නොවීම හැරුනු කොට මහ වෙනසක් මට එහි නොපෙනේ..
වස් පිහිටුවන ගැහැණුන් ගුණ පිහිටුවන ගැහැණුන් මෙන්ම සත්සරේ යක්ෂාක්ශර දේවාක්ෂර ඇත..
ගැහැණියකගේ භාෂාව වෙනස් වූ විට අදහස් සංනිවේදන අඩුවේ.නමුදු ගැහැණිය ගැහැණියමයි.සියළු අංග පුලංග එකම වේ..
ගැහැණිය සමඟ ඇති බැඳීම උපරිමාත්වයට පත්වූ විට ඇත්තේ නිහැඬියාවකි..
ආත්මීය අදහස් හුවමාරුවකි.
ගැහැණිය සමඟ ඇති  අඩු බැඳීම එනම් අනියම් ගැහැණියක් සමඟ ඇත්තේත් නිහැඬියාවකි.ඒ කතා කරන්නට දෙයක් නොමැතිවීම තුලයි.

නුඹේ කටහඬත් එලෙසයි.මට නුඹ කියන කිසිවක් නොතේරෙයි.නමුදු මා එය විඳියි.ගැහැණියක් මෙන්ම නුඹද හදවතේ හීනිම නහරයන් හරි අපූරුවට කම්පනය කරයි..නුඹේ කට හඬ දෙවියන් පිනවීමට ගීතිකා ගැයීමට දෙවියන් දුන් කට හඬක් වැනිය..එහි ඇත්තේ උමතුවකි අංශුවක් වත් අඩු නැති නිම්හිම් නැති පිපාසයකි.
උපරිමත්වයට පැමිනි ගැහැණියක් සමඟ මෙන්ම නුඹෙ කට හඬ සමඟද වචනවලට පෙරලීමට කිසිවක් නැත.
ගැහැණිය සමඟ ඇත්තේ ආදරයේ නිහඬ බව මෙන්,
නුඹේ කටහඬ සමඟ ඇත්තේ නිහඬ බවේ සංගීතයයි.
නුඹේ කටහඬට ජය!!!

Sounds of Silence
― Kailash Kher

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

කෑම සහ (හි) කීම


_____________________

77 මහ උන්නාන්සේ මේක සිංගප්පූරුව කරපු දවසේ ඉඳන් අපේ ජීවිත පට්ට එක්ස්ප්‍රස් උනා..
දැන් මේක ආස්චර්‍ ය.උදේ නැගිට්ට වෙලේ ඉඳන් රෑට ඇඳට වැටෙනකම් හතිදාන් දියුවේ නැත්නම් අපි පරාදයි.ඒක තමයි අද ලංකාවේ තත්වේ.
ඒත් ලාංකිකයෝ කියන්නේ හරි අපූරු ජාතියක්.උන් හරි ලස්සනට ජීවත් උනා.ජීවිතේ අයිතිවාසිකම් කියල නාමික දෙයක් නොතිබ්බට උන්ට ගෞරවනීය යුතුකම් වගකීම් තිබුනා..
ඒත් අද ඉතිරි වෙලා තියෙන්නේ අයිතිවාසිකම් කියල පුස්සක් විතරයි.

මේකෙ ඉන්න උන් නානා විදිහයි.ගොඩක් උන් ජීවිතේ දකින්නේ කෑම සහ සංසර්ගය පමනයි.
එක අතකට බැලුවම ඒකෙත් වැරද්දක් නෑ.අපි හැමෝම මේ මොන දෙරණත් ගහන්නේ කන්නයි #&%කන්නයි නේ.
ඒත් ජීවිතේ කියන්නේ ඕකද?
කරුමෙ කියන්නේ ඒක හිතන්නවත් දැන් අපිට වෙලාවක් නෑ.
ඉස්සර අපිට හරි ලස්සන කලාවක් තිබ්බ.කෝ අද ඒවා.වානිජ්‍යත්වය ඉස්සරහට ආවම ඔයකියන හැමදේම අපෙන් මඟ ඇරිලා.

ආදරය
_________
කෝ දැන් ඔය කියන නල්ල මලේ ආදරය.දැන් ආදර කියන්නේ හුදෙක්ම අනුකරණයක් විතරයි.youtube එකේ සුරංගනා video එකක් බලලා or ආශික් 2 එකේ තියන එක හෝ තමයි දැන් ඉන්න ගොඩක් උන් ආදරේ කියලා දකින්නේ.
කෙල්ලගේ nude photo ටිකක් facebook දාන්න තරම් ආදරේ දැන් පීච්චං වෙලා..

දැන් ඉන්න කොල්ලො කෙල්ලොන්ට කෑම ගැන ප්‍රශ්නයක් නැත.බත් පත පිනට ගෙදරින් ලැබේ.දැන් උන්ට ඇති ලොකුම ප්‍රශ්නේ &#%කීමයි.උන් ජීවිතේ යනුවෙන් දකින්නේ එච්චරයි.අවාසනාවට වැඩිපුර මෙහෙම වී ඇත්තේ ගැහැණු ලමයිය..තමන්ගේ මිනිහා පිට යෑම නවත්තා ගැනීමට දෙවියෝ උන්ට හැට හතර මායම් දී ඇත.උන් එයින් කරන්නේ වටේ පිටේ කොල්ලන් නැට වීමයි.ගොඩක් උන් හිතන් ඉන්නේ fuck එකට හැමදේම කරගන්න පුලුවන් කියලා මේ ලෝකේ.ඒත් ඔය කියන දෙයට කරගන්නෙ බැරි ඕන තරම් දේවල් මේ ලෝකෙ ඇත.යථාර්තය එයයි.

ආදර උන් හිතන තරම් ලේසියෙන් උන්ට අහුවෙන මානෙන් තියන දෙයක් නෙමෙයි.
කෙල්ලෙක් බූට් එකක් තිබූ විට සෙම සොටු පෙරන් අඬන කොල්ලෝ අද අනන්තයි.මොකද මොන මගුල් සින්දුවෙත් දැන් ඇත්තේ කොල්ලොන්ගේ අඳෝනාවල්‍ ය.උන් නොදැනම copy කරන්නේ ඒකය.

නමුත් මා දකින විදියට ආදරයේ චමත්කාරය තියෙන්නේ අහිමි වීම තුල.ඒක හරි අපූරු දෙයක්.හරියට ගෑනියෙක්ගේ කනට කරාඹු දෙකක් වහේ.නමුදු වර්තමාන සමාජ එයට සංවේදී වනුයේ හරි පහත් විදියට. කෙල්ල තරහ උනාම අඬයි,පළිගන්න කෙල්ලගේ fb account චා කරයි.ඔය වගේ ලදරු ආතල් ගනී.
ආදරය තුල ඇත්තේ ආදර පමනි.නමුදු දැන් ආදර තුල නැත්තේත් ආදර පමනි.

වැරදී ඇත්තේ මොන ඉසව්වේ දැ‍යි අවබෝදයක් නැත්නම් කල යුත්තේ තේරුන තැන සිට නැවත ගොඩ ගැනීමයි..කන්න සහ *&%කන්න ජීවිතේ හැමදේම කරන බව සත්‍යකි.නමුදු අපි අ‍තපත නොගෑ ජීවිතයේ තව ඉසව්  ගණනාවක් ඇත.විය යුත්තේ තේරුම් ගැනීමයි.අපේ මුල වනචාරීන් බව සත්‍යකි.නමුදු දැන් අපි දැණුමෙන් වැඩී මිනිසුන්නම් කොට්ඨාෂයකි.අපි කවුරුත් එය සිහියේ තබා ගත යුතුය.

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

දෙවියෝ ඔහි හිටු !!


___________________________

දේවාලේ දොර උදෙන්ම ඇරලා - හඳුන් කපුරු දුම් කදිමට යොදලා
නාගසලම් හඬ වේගෙන් දමලා - ආතුරයෝ එති පෝලිම් ගැහිලා

ඉසුරු ලෝක ඇති කොළයක් පෙනෙනා
පසුම්බියේ කොණ දතකින් ඇදෙනා
නිල් කොලයක් දේවාලෙට පිදෙනා
ඉසුරු කොලේ යට සූරා බැලෙනා

පන් මල්ලේ ඉරි ඔක්කොම ඉරිලා
චීත්තයේ මල් ඔක්කොම හැලිලා
පසුම්බියේ මුළු අඩියම බලලා
කාසි පඬුරු ගෙන දෙවියෝ දුවලා

R é D R ü M

M ü R D è R


Posted via Blogaway