Tuesday, March 31, 2015

අප්ප්පච්චී උඹට දැනෙයි නම්




රැයක් නම් කිමැයි
පිණි දිය නොවැටි කල
ගසක් නම් කිමැයි
ඵල නැති ඉති රැගෙන
ගඟක් නම් කිමැයි
මුහුදට නොවැටි විට
පියෙක් නම් කුමට
දරුවන් ලඟ නොමැත

හිතක් නම් කිමැයි
දුක් ගිනි නොදැන්නෙ
ඇසක් නම් කුමට
කඳුලක් නොම වැටුනේ
පිනක් නම් නැතැත්
ලැබුමට පිතු සෙනෙහේ
පතන්නම් පියෙක්
ලැබුමට මතු බවයේ

විතක් මදු විතෙන්
පිරවෙයි මධු බඳුන
පෙනෙයි මට රුවක්
නාඳුනනා ලෙසට
අදත් නුඹ අවොත්
දිවියට සෙනේගෙන
ඉතින් අවසරයි
හිඳුමට තුරුලේ ගෙන


R é D R ü M

M ü R D è R

මහත්වරුනි, අහන්!!!



ඕ. අයි. සී මහත්තයට වඩා
වැඩිපුර මම අයිති
ඔය මහත්තරුන්ට
ඌ පිනට කෙලවපු ජඩයා

අම්මේ හෙට
ගුරු දෙගුරු රැස්වීම…

නා නා විදියේ
ලොකු ලොකු වැදගත්
පියවරු හිටියත් උඹට
නම දෙන්න ඉන්නේ
මං විතරක්ම කරුමෙට

පරක්කුයි
ඕ. අයි.සී මහත්තයෝ
යන්න ඕන එකට ඉස්කෝලෙට
කොල්ලා ඇති බලාගෙන

වල් බැල්ලී
උඹ මටද බෑ කිව්වේ..
උඹ අද යන්නේ
ඉස්කෝලෙ නෙමෙයි
හිරගෙදර…



මගේ මහත්වරුනි!!!

අසන් මේ අවනඩුව
ඇප අරන් එන්නේ කවුරුන් ද
ඇපත් නැති ජීවිතේ හට..

අම්මේ..
පොලීසියේ ලොක්කගේ පුතා
මම වගේමලු..
එකම මූණලු..

කිව්වා රැස්සීමේදී
නක්කලේට හිනා වීලා
නිමලා නැන්දා
අල්ලපු ගෙදර...

මමත් හිනා වීලා
නක්කලේට,
ඔව් ඒ අපේ තාත්තා
අම්මට කෙලවනවා ඇති
පොලීසියේ ඉඳගෙනම
කිව්වා කට ඇද කර
මූණ රතුවෙන්න...

R é D R ü M

M ü R D è R

ආදර කඳුළු බිංදුවේ




ඇහිපිල්ලමක් උඩ ඉඳන්
උඹ දාන සත්තන්…
ඉවසනා ඇහිදාර
ගල් වෙලා තිබියන්
කම්මුලක් දිගේ ගලන්නට
පිං කරලා නැත් නම්
පිරිමි හිතකට දාව
නොම ආයේ ඉපදියන්
ආදරේ කරන උන් තව
ලෝකේ ඇති හොයපන්
කදමළුත් බැඳගෙන
නවතින්න පලයන්
යන ගමන් මන් හිංදා
උදව්වක් කරපන්…
හිත දැම්මා විකුණන්න
විකිනිලා දැයි බලපන්

R é D R ü M

M ü R D è R

සුදු හාමිනේ

හරි හරියට කවි ලියවෙන්න
මේ රෑ තව දික් ගැහෙන්න
උඹ හිටියාම මට ඇතී
මේ රැය මට පහන් වෙන්න


දුර ඈත එපිට රාජධානිය



යතාර්ථයට සහ මායාවට
බොහෝ එපිටින් දුර ඈත එපිට,
හොඳ සහ නරක ඉක්මවූ
අපූරු මිනිසුන් කොට්ඨාසයක් විසින්
රාජධානියක් පිහිටුවාගෙන ඇත..
අපි එහෙදි මුණ ගැහෙමු..
එහි අපට අප මුණ ගැසේවි…

සැ.යු - ☞ මෙහි මිනිසුන් යනු මිනිසුන්‍ ය.
☞ ඇතුල් වීමේ මුරපදය -
"මත්වීම"


R é D R ü M

M ü R D è R

මගේ ආදරණීය සුදු හාමිනේ



ඇස් අස්සෙන් රූටලා
ඝණ රැවුල මතට වැටි
බින්දුව
කඳුළු බව දැන ගත්තේ
හිත හොරෙන් කිව්වාම

කාගෙද ඒය?

නොදන්නා සේ
මාද ඇසූවෙමි
කනට කර හිතට..

උඹේ නොවෙයි..
උත්තර බැඳීය පිරිමි හිත..

පපුව මත මුනින්අත
උණුහුමට ගුලිවෙලා
නිදා උන් හාමිනේ
නොමැත අද මා ලඟ

එය මගේ බව වැටහුනේ
උඹ නොමැති උන රෑයක..

- රම්.

කහ ඉරක් උඩ හැපී මියදෙන ප්‍රේමය

කොළඹ හැන්දෑ අහස අහම්බෙන් මුණ එල්ල ගත්තේ හරියට ගෙදර එන මහත්තයට නෝක්කාඩු දාන ආදරණීය නෝනා කෙනෙක් වගේ.
බිංදුවෙන් බිංදුව කඩන් වැටුන වැහි බිංදු එකින් එක මඩ පාටට පොලවට දියවෙලා යන්නේ හරි අපූරු සිත්තමක් වගේ..
මන් සිත්තරෙක් උනා නම්,
උඹ තරම් සොදුරු සිත්තමක් තවත් නැති තරම්..
මහා හුස්මක් අහසට පිම්බේ අහසට වදින්න නෙමෙයි.
උඹ උන්න හිතේ හුස්මකටව ඉඩ නැති බව නාස් පුඩු වලටත් පසක් කර දෙන්න.

උඹ මේ අකුරක් වත් දන්නව නම්.
සහතිකයි උඹව වෙව්ලාවි,
කඳුළු පනීවි උඹටත් හොරාටම,
මම උඹ අඬනව දකින්න ආස එකම දවස උඹට මගේ ආදරේ දැනෙන දවස විතරයි..



තව වැඩි වෙලාවක් යන්න කලියෙන් කළුවර දවස ගිල ගෙන හඳ මුදුන් වේවි.
දවස ඉවර වේවි.

මන් බයයි හෙටට,
නෑ මම බය හෙටට නෙමෙයි..
හෙට ගැන මම කලින් නොදන්නකමට..

අද උඹ හිටියා.
කතා කලා,
හීන මැව්වා..
කාලේ කෑවා..
හුස්ම ගත්තා...
හිනා උනා...

හෙට...

මම හෙට ගැන දන්නේ නෑ..

මම ආදරෙයි අද දවසට.
උඹ අද මගේ හීනේ මට ඕන විදියට
මම ආස ගෑනි විදියට ජීවත් උනා..

කියලා ඉවර කරන ආදරේට වඩා
හිතේ තියන් විඳින,
විඳවන ආදරේ පට්ට රහයි…

උඹේ තරු ඇස් කවදා හරි මාව මරවයි.


R é D R ü M

M ü R D è R

උඹට ලියූ ජීවිතේ



.
මහා වරුසාවකට අසු වී
තුරු පතක් අග්ගිස්සෙ හිඳ
හඬා වැටෙනා බොළඳ
කඳුළු බිඳු
ලෝකයා හට නොදැනුනේ
අනෝරාවක් වැටි නිසා

මහා සංහාරයක් ඉවරවී
ඉතිරී පැමිණි සෙබළුන්
ආදරෙන් සිප වැලඳ ගන්නා
කඳුළු බිඳු
ලෝකයා හට පෙනුනේ
උදෑසන පිනි බිඳු නිසා

ජීවිතේ ගම්දොරින්
තෙහෙට්ටුවෙන් නික්ම යන
සංවේග වූ සුසුම් සුළඟින්
උඹේ මුදු වත නොඉම්බේ
උන් හිතේ තුවාලෙන්
වේදනාවෙන් උන් නිසා

දෝරේ ගලනා සෙනෙහසින්
කඩා හැලෙනා වක්කඩින්
වේලිච්ච හිත පිණි ඉහන්
වඩිනු මැන මගේ දිවියට
උඹේ නමටම ලියු නිසා

R é D R ü M

M ü R D è R

බුකියේ සිටි එපා කල බේබද්දා


ෆේස් බුක් ගිණුම ඉවත් කොට දින කිහිපයක් ගෙවී ඇත..
පුරුදු ලෙස අනුපමයත් නිශාදයත් ජූඩත්
"මොන හු*@# ද යකො වෙලා තියෙන්නේ??කෝ තෝ?? "යැයි ඇමතීය.
වැඩිය කතා නොකරත් සැබෑවටම මට ආදරේ තිළිණි අක්කා "මල්ලී කෝ උඹ යැයි."
යැයි ඇමතීය.
අයේෂ අක්කාත්,රසික අයියාත්, නයන අයියාත් තවම ඇමතුවේ නැත.

මෙවර මගේ ආදරණීය අක්කාටත් මා අමතක වී ඇත. දොසක් නැත ඈ කාර්‍යභහුලය සහ ඈ මගේ හැටිය සහ අග මුල හොඳ හැටි දනියි.

රුෂාලියා,
අඹ යහළුවන් ගොඩ අස්සෙන් මට හමුවුන එකම අඹ යෙහෙලිය.(වතුර මෙන් කැපුවත් වෙන් නොවෙන මිතුදම)
නමුදු ඈ මගේ වැරදි තේරීමක්දැයි හිතෙන තරමට ඈ දැන් මට දුරය.

මා බුකියෙන් මේ අපූරු මිනිසුන් හැරුණු කොට බලාපොරොත්තු වූයේ තව චරිත දෙක තුනක් පමනි..

අනිත් මූණට හිනා වෙන බහුතරයෝ
"රම් නැද්ද??"  අසන්නේ "අපො කාලකන්නිය නැති තරම හොඳයි යැයි හිත අස්වසා ගැන්මටය .

හුඟ දිනකින් හරි හැටි මත් වූ නිසා දෝ ආදරණීය මත් බව රුධිර කේෂ නාලිකා පසාරු කරගෙන ඔක්කාරයට එන තරමට ගතට දැනෙයි. එය හරියට හිතට දැනෙන ඔක්කාරයට එන තරමට පිරුණ උඹේ ආදරය වැනිය,.

මත් වීම යනු,
ඇගෙන් පෙර මා ජීවිතයේ තිබූ සොඳුරුතම දෙය ය.

කවිකාර අම්මණ්ඩි එහෙමත් නැති නම් බේබද්දගේ කතාවේ පණ පෙවූ යථාර්තී සුදු බතල කොටේ එහෙමත් නැති නම් මගේ ආදරණීය සුදු හාමිනේ..
මගේ ජීවිතය වූයේ කෙදිනකදැයි මා නොදනියි.
නමුදු ඇගෙන් පසු ජීවිතය සම්පූර්ණය.
ඇගේ ආදරයෙන් පසු ඉතිරි කිසිවක් නැත..

සැබෑ ජිවිතය හිංදි චිත්ත්‍රපටියක තරම් සරල පරාර්ථකාමි නැත.
අපි බෝහෝ දේ ගලප ගත්තද බොහෝ දෑ ගැලපුනද රාම සීතා ඉරිසියා හිතන ජෝඩුව වුවද
අපි වෙන්ව ගත් කල අපිට අනන්‍ය වූ අප හා බැඳුන් තවත් ප්‍රශ්න කොට්ඨාසයක් ඇත..

මා ජීවිතයේ තිබූ කළු පැල්ලම් එමටය. රස්තියාදුකමත් ලියවිල්ලත් බේබදුකමත් හැරුණු කොට ඉතිරියක් නොතිබුනි.

උඹ හොයන්නේ පලමු වෙනියෙකි.
රාස්සයෙක් නොවෙයි නොවෙයි මනුස්සයකි .
අවාසනාවකට අතින් ගිලිහුනු එකදු තප්පරයක් වත් මට ඇද ගත නොහැක..
එකදු කළු පැල්ලමක් වත් මකා දා නොහැක.

අහම්බෙන් accident එකක් මෙන් කඩා වැදුනු උඹෙන් පසු උඹ මා ජීවිතයේ අන්තිමයා වන තුරුත් මා නොදැන උන්නේය.බය නැතිව සියල්ල ලියන්නේද උඹ අවසාන නැවතුම් පොල නිසාය.
උඹව අංශුවක් නෑරම ලේ වලට දිය වී හමාරය..
ආදරයෙන් හිතක් නැති රාස්ස රස්තියාදුකාරයා බලාගත් හදාගත් උඹේ මටසිළුටු ආදරයෙන් පසු කිසි දෙයක් නැත..
පෙර කිසි කලක නොවූ පුදුම විලසින් ඒ ආදරය තුල මා වාරණය වී ඇත.පිළිවලක් වී ඇත.
නමුත් තව දුරටත් ඒ ආදරය නැත.

ඇස්පියන් කන්දක් මුදුනටම ආදරයෙන් ඔලුව අත ගා ගෙන ගොස් පයින් ගැසු කලක මෙන් හිත අන්දුන් කුන්දුන් වී ඇත.

මා දන්නේ මත් වීමට හා ලිවීමටය..
තව කෙකුට දුක් ගැනවිල්ල කියා හෝ මූණෙන් පෙන්නා හෝ හැසීරීමෙන් පෙන්නා හෝ වෙනයම් විදියකින් හිතේ අස් වැසීමට මට නොහැකි බව දනියි.

කලින් බුකියේ ලිපියක් පල කල විට "වාව් , පට්ට, එලකිරි" කමෙන්ටු ටිකක් සහ ලයික් කිහිපයක් මට ලැබෙයි.ඊටත් වැඩියෙන් මා සතුටු වූයේ එකෙක් හෝ වැඩියෙන් මා ලියූ  දෙය කිය වූ විටය.

නමුදු දැන් හිත පට්ට වෙනස් වී ඇත.
උඹේ ආදරයෙන් පිරුනු පසු හිත්තේ ඇඟිල්ලක් ගැසීමටවත් ඉඩ නැත..
මා කිසිවකුත් මොකෙක්වත් නොකියවන බව දනියි,එහෙත් හිතේ ගෝරනාඩුවට මීට වඩා හොඳ බෙහෙතක් නැත මේ හැරුණකොට ඇත්තේ තිරිසනෙක් මෙන් මගේ ලේ දැකීමට ඇති තුච්ච ආශාව පමනි.

මගේ ආදරණීය සුදු හාමිනේ,
උඹ ප්‍රථම වසන්තය ගැන කවි ලියයි.
එහෙත් මට උඹ ජීවිතයේ සෘතුවක් නොවෙයි.. කාලෙන් කාලෙට සෘතු මාරුවන ජීවිතයයි උඹ මගේ.

අනේ,,,මම උඹ පතපු කෙනා උනා නම්.
මා ගැනම මා තුල කැකෑරෙන බද්ද වෛරයක් බොහෝ කලකට පෙර මෙන් නැවත ඉපදී ඇත.

මම උඹේ ඉඳුල් නොවූ පලමු වෙනියා නොවෙයි. හොඳම කෙනාද, හීන සැබෑකරන ලොකු මිනිසාද නොවෙයි.
එහෙත් මම උඹට දුන් ආදර තරමට කිසිවක් උඹට නැවත නොලැබෙන බව මම දනියි..
මම උඹට ආදරේ කලේ දැනෙනටය.
දරදඬුවය..
රම් ආදරේ කලේ මතක හිටින්නට ය..
කවි ලිය වෙන්ටය..
කවද හරි ඒ ආදරය දැනෙන විට කඳුළු පනින්නටය..මා උඹේ තරු ඇස් වල කඳුළු දකින්නට ආස කල එකම දවස එයයි.

මගේ සුදු බතල කොටේ,
උඹෙන් පසු ජීවිතය සම්පූර්ණය.
උඹ මගේ අන්තිමයාය..

උඹේ තරු ඇස්,
ජම්බෝල කම්මුල් මිනීමරුවාව නොමැරුවොත් මැරිලා යන්න හිතෙන තරමට උඹට ආදරය කරන බව දිවුරුවෙමි.
රම් වචනය රකියි..
උඹ මාව මරවන තුරුම මම ආදරය කරමි.
උඹ සහ මම යනු සියල්ලම ය..

R é D R ü M

M ü R D è R  

Monday, March 30, 2015

වහින්නට හැකි නම් (පවන 01)

වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොයිදෙන පැලක රහසින්

රැඳෙනට හැකි නම් ලමා කැල
හඬන දෙතොලඟ සිනාවක් වී
පිපෙන්නට හැකි නම් දුරින් දුර
නෙලා ගත හැකි වන මලක් වී

වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොයිදෙන පැලක රහසින්

නිදන්නට හැකි දෙනෙත් තුල
සැබෑ වෙන සුභ සිහිනයක් වී
ගැයෙන්නට හැකි නම් දොරෙන් දොර
ලොවම ඇහැරන ගීතයක් වී

වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොයිදෙන පැලක රහසින්

ගායනය - නන්දා මාලනියෝ.

ප්‍රේමය පිළිබඳ මිනිස්සුන්ට තියෙන්නේ හරි පටු පෞද්ගලික සන්කල්පනාවක්..
ප්‍රේමය මොන තරන් පොදුයි, ප්‍රේමය නම් මොන තරම් පලලයිද ගැඹුරුයිද

සංකෘතිකමය වශයෙන් බටහිරය සංකෘතියට වඩා සිය දහස් ගුණයකින් ඉදිරියට ආ සංස්කෘතියක් ආසියාවේ තිබුනද.. එහි අඩුව ප්‍රේමයි, එය හරිම පෞද්ගලික කුහක සකල්පනාවක් පමනක් වීමයි..

තරුණයෙක් වීත් විප්ලවීය සිතුවිලි නැතිනම් මනෝවිද්‍යාත්මක ගැටලුවක් යැයි ප්‍රබුද්ද  මිනිසෙකුගේ කතාවක් දැක ඇත.විප්ලවය කියූ සැනින් බොහෝ ශ්‍රී ලාංකීය තරුණ හිත් තුල මැවෙන්නේ ටයර් පුලුස්සන ගෝනි බිල්ලන් එන වෙඩිතියා ගන්නා රජය පෙරලා කැරලි කරුවන් බලයට එන පට්ට ආතල් හීනයකි..

ඒත් ඉන් එහාට...
ඊට පස්සේ මොකද වෙන්නේ ඔවුන්ට හීනයක් නැත.

සැබෑ විප්ලවවාදීන් සොයන්නේ යුක්තිය ය.. ඔවුන් සටන් වදින්නේ විමුක්තිය සොයා ය. ඔවුන් විමුක්ති සටන්කාමීන්‍ ය..
එය
රජය පෙරලන පට්ට ආතල් හීනයක් නොවේ දිගු ගමනකි.

නන්දාමාලනියෝ කියූ වා වගේ ඉදෙන්නට හැකි නම් බත නොඉදෙන පැලක ඉපදෙන්න තරම් පරාර්ථකාමි ප්‍රේමයකි..
හීනයකි,,

විමුක්තිය වෙනුවෙන් ලියවුන එතෙක් මෙතෙක් මා ඇසූ හොඳම ගීතය මෙයයි.

සටහන - රම්.

මරණය





















හැන්දෑ වැස්සට
කලියෙන්
වතුසුද්ද ගස යට
තිබූ තුඹස
විස ඝෝර සර්පයොද
වුව ඉඳිනර්
කාලාන්තරයක සිට
තියෙන
බුදින්නට රිසි අහින්සක
තලගොයි හාමි
තලු මරන් දිව දමන්
අලුත් වැස්සට කලියෙන්
ආලෝකය සොයා
ඉගිල ගිය මෙරු රැල
පියා පත් තිබුනි
පිච්ච ගහ ලඟ
තණබිස්ස උඩ
අහෝ ප්‍රේමය මරණය!!

- රම්.

පර්ස්

උඹේ ආදරෙත් හරියට
මගේ පර්ස් එක වගේ…
ඇති මගුලකුත් නෑ
නැති මගුලකුත් නෑ
සමහර දවසට පිරිලා
සමහර දවසට හිස් අමතක වෙලා යන තරමට
ඒත් මොන දේ තිබ්බත් වැඩක් නෑ
ඒකේ ලයිසන් එක නෑ…





R é D R ü M


M ü R D è R

වැරදුන දඩයම




විදාහල පියාපත්
දුර ඈත අහස් කුස
පියඹනා කිරිල්ලී
අමෝරා තුවක්කුව
බලා හරි එල්ලය
පත්තුකලා උණ්ඩය
දඩයක්කාර මම

බිම වැටී උන්නා
කිරිල්ලිය මා සතුව..

හීනියට වේදනාවක්
දැනෙන විට වම් ඇලය
අත ගා බැලුවා
පපුව මම හෙමිහිට

හිත ලෙයින් පෙඟී තිබුනා
ඇගෙ ආත්මය මා සතුව
නොමැති බව දැනගෙන

කුණු ගෑවුන දෑත මත
වැතිර උන් සුදු කිරිල්ලිය
තවමත් අහසේ බව වැටහුනේ
මටත් වෙඩි වැදුනාම…

R é D R ü M

M ü R D è R

Sunday, March 29, 2015

ස්ටේටුව

හරි මිලයි කියූ
කඳුළු
තියන් උන්නා
විකුණන්න
තොග සිල්ලර
මිලට
ගොඩක් උඩින්
පැන්නොත්
එකක් නොමිලේම…
කේවල් නොකොට
ගන්න උන්
හිටියා පෝලිම්
ගැහීගෙන
ඇගේ මාර්කටිං
නිසාවට…
"ස්තූතියි.,
නිකම් දුන්නත් එපා!!
මම අඬන කෙනෙක්
නෙමෙයි.."
වෙන කෙනෙක් ගෙන්
අහලා බලන්න…

මගේ උද්ච්චකමට
සිනාසී ඈ……
ආයෙම,
" කඳුළු!!! කඳුළු!!!!
අනේ මගෙනුත්
ගන්න කඳුළු!!!
ලාබයි කඳුළු…!!! "
කස්ටමර් කෙනෙක් හොයයි…

R é D R ü M

M ü R D è R

රාස්සයාගේ කඳුළු




ඒයි,

කඳුළු බිංදුව..
ඇහිදාර උඩ ඉඳන්
තනියම
කුමක්ද උඹ නටන
ජෝගිය…
කියාපන් පාදඩය
මට…
පෙම්වතිය හැර
ගියාවත් ද උඹ??
නාඩපන් නාඩපන්,,

කඳුළු එන්නේ මිනිසුන්ට
අපිට නොවෙයි
වටහා ගනින් ඒක...


- රම්.

ප්‍රේමය සහ රාගය

හිත අපි ගහමු ගිවිසුමක්


"ඇය"

නම් ලාභාංශය,

බෙදාගන්නට සමසමව


මීට හිතාදර,

ගත..







R é D R ü M


M ü R D è R