Saturday, February 17, 2018

| නිවන් යන්න තහනම් 06 |


පහුගිය දවස් ටිකේ බුකියෙ වැඩිපුරම දැක්ක රූපයක් තමයි මේ.. නමක් ගමක් නම් මම දන්නේ නෑ. ඒත් ඒ සියදිවි හානි කර ගත්ත ඡායාරූප ටික නම් මමත් බැලුවා.. ඔය සිද්ධිය ගැන එක එක මිනිස්සු හිතන විදිය ගැන නා නා විදියේ සටහන් ගොඩක් දැක්ක.
ඇත්තට සියදිවි හානි කර ගන්න කෙනෙක් ලඟ නැත්තේ මොකක්ද ?
ඒ පුද්ගලයට නැති උනේ මොකක්ද කියලා කෙටි සටහනක් ලියන්න හිතුනා..
භෞතික ලෝකය පිළිබඳ මැවුම්වාද විසාල ගානක් තියනව. ඔය මැවුම් වාද එකක් වත් ගැන මං හරියටම නම් දන් නෑ.
ඒත් බුදු හාමුදුරුවෝත් ඔය ලෝකේ හැදුනේ, මනුස්සයා හැදුනේ කොහොමද කියලා විස්තරයක් කරලා තියනවා අග්ගඤ්ඤ සූත්‍රයේ. ( රස පොලව හැදුන හැටි, ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් පල්ලම් බැස්ස හැටි , ශක්ති නිර්මාණය, ධාතු නිමාණය දක්වාම.. )
සිය දිවි නසා ගත්ත කෙනෙක් ලඟ නැත්තේ මොකක් ද ?
වැස්සට හරි බුද්ධාගම පිරීයඩ් එකේ හිටපු උන් අහලා ඇති සතර මහා භූත පිළිබඳ සංකල්පයක්.
ලෝක ධාතුවේ සියල්ලම නිර්මාණය වෙන්නේ සතර මහා භූතයිගෙන්.
සතර මහා භූතයෝ කියන්නේ මොනවද ? ඒවගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කොහොමද ?
සතර මහා භූත නිර්මාණය සිද්ධ වෙන්නෙ පටිච්ඡ සමුප්පන්නයෙන්.
මනෝමය වශයෙන් ගොඩ නැගිලා මනසේ ආරම්භයක් පටන් ගෙන ක්ශනයකදි පටිච්ඡ සමුප්පාදය චක්‍ර හතරක් ක්‍රියාත්මක වෙලා එහි අවසාන චක්‍රය ක්‍රියාත්මක වීමෙන් තමයි භෞතික වන්නා වූ සතර මහා භූත, රූප විදියට විද්‍යමාන වන්නේ..
මේ ප්‍රොසෙස් එකේ සර්වඥ නොවෙන අපිට අහු වෙන්නේ අන්තිම චක්‍රයේ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන ඝණීභවනය උන තත්වය පමනයි. ධාතු නිර්මාණය සිද්ධ වෙන්නේ ඒකෙන්. මිනිස් ලෝකේ එහෙම නැත්නම් මේ ඝනීභවනය උන ලෝකේ සියල්ලම පවතින්නේ මේ ධාතු ස්වරූපයෙන්.
ප්ලාස්ටික් හාල් ඇටේ ඉඳන් අඩි පහක් හයක් උස කිලෝ පනස් පහක් හැටක් බර මේ සරීර කූඩුව දක්වා විතරක් නෙමෙයි මේ භෞතික ලෝකයේ සනිදස්සන ( ඇහට පේන ) සියල්ලම පාහේ නිර්මාණය වෙන්නේ මෙන්න මේ පඨවි, ආපෝ , තේජෝ , වායෝ කියන සතර මහා භූතයන්ගෙන්.
න්‍යශ්ඨිකයක් විදියට උප්පත්තිය ලැබූ මොහොතේ පටන් මේ ගෙවෙන තප්පරය වන තුරුම අපි හැමෝම දඟලන්නේ ඔන්න ඔය කිසි සේත් අපිට 100% පාලනය කර නොහැකි ධර්මතාවයන් ටිකක් අපේ අණට නතු කර ගන්න, පාලනය කරන්න.
ඔය සතර මහා භූත ක්‍රියාකරිත්වයෙන් වටිනාකම් නිර්මාණය වෙනවා..
අවිද්‍යාවෙන් නිර්මාණය වෙන සියළුම මායාරූප විපරිනාමයට ලක්වෙනවා. ඒ මායා රූප විපරිනාමය උනාට ඒහි වටිනවා කියන නාමගෝත්‍රය දිගින් දිගටම අපි පවත්වාගෙන යනවා..
නැවත ඒ වටිනා දේ ආස්වාදය කිරීමේ ආසාව. ඔය ආසාව ඇතුලේ තමයි හරියටම සතරමහා භූත ක්‍රියාත්මක වෙන්නේ.
වටිනවා කියන භුක්තිය ඇත් නම් ඒකේ බැඳිලා ඉන්න අවශ්‍යතාව ඇති වෙනවා. ඒක තමයි ආපෝ ගති ලක්ෂණය.
ඒ රූපය ඔප්නංවගන්න ඕන වෙනවා. (වැඩිදියුණු කරගන්න) ඒක තේජෝ ගති ලක්ෂණය..
ඒකේ සැරිසරන්න ඕන වෙනවා.. ඒක වායෝ ලක්ෂණය,
ඒක පවත්වා ගන්න ඕන වෙනවා..
ඒක තමගි පඨවි ලක්ෂණය.
නමුත් කොයි තරම් උත්සාහකරත් අපිට කවම දාවත් ඕක පාලනය කරන්න බෑ. සිය දිවි නසා ගන්න තිරනේ කරන කෙනෙක් නොදන්නේ ඔන්න ඔය පුංචි කෑල්ල. අවබෝධ කරන් නැත්තේ ඔන්න ඔය පුංචි කෑල්ල..
අපිට ඒක පාලනය කරන්න බෑ.ස්ථිර වටිනාකමක් කමක් දෙන්න බෑ.
සරලව අම්මගේ අක්කගේ ගෑනිගේ පටන් යාන වාහන සියල්ලම පාහේ මේ සතර මහා භූතයන්ගේ එක් එක් අවධි පමණයි..
ඒ කිසිම දෙයක් අපිට ඕන විදියට පවතින් නෑ..
ඔය ටික අමාරුවෙන් හරි තේරුම් ගත්ත නම් මොන තරම් වටින දෙයක් නැති උනත් මැරෙන්න තරම් දුක හිතෙන්නෙ නැතුව ගොඩ යාගන්ඩ පුළුවන්.

- රම්.

No comments:

Post a Comment