Saturday, February 17, 2018

| නිවන් යන්න තහනම් 06 |


පහුගිය දවස් ටිකේ බුකියෙ වැඩිපුරම දැක්ක රූපයක් තමයි මේ.. නමක් ගමක් නම් මම දන්නේ නෑ. ඒත් ඒ සියදිවි හානි කර ගත්ත ඡායාරූප ටික නම් මමත් බැලුවා.. ඔය සිද්ධිය ගැන එක එක මිනිස්සු හිතන විදිය ගැන නා නා විදියේ සටහන් ගොඩක් දැක්ක.
ඇත්තට සියදිවි හානි කර ගන්න කෙනෙක් ලඟ නැත්තේ මොකක්ද ?
ඒ පුද්ගලයට නැති උනේ මොකක්ද කියලා කෙටි සටහනක් ලියන්න හිතුනා..
භෞතික ලෝකය පිළිබඳ මැවුම්වාද විසාල ගානක් තියනව. ඔය මැවුම් වාද එකක් වත් ගැන මං හරියටම නම් දන් නෑ.
ඒත් බුදු හාමුදුරුවෝත් ඔය ලෝකේ හැදුනේ, මනුස්සයා හැදුනේ කොහොමද කියලා විස්තරයක් කරලා තියනවා අග්ගඤ්ඤ සූත්‍රයේ. ( රස පොලව හැදුන හැටි, ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් පල්ලම් බැස්ස හැටි , ශක්ති නිර්මාණය, ධාතු නිමාණය දක්වාම.. )
සිය දිවි නසා ගත්ත කෙනෙක් ලඟ නැත්තේ මොකක් ද ?
වැස්සට හරි බුද්ධාගම පිරීයඩ් එකේ හිටපු උන් අහලා ඇති සතර මහා භූත පිළිබඳ සංකල්පයක්.
ලෝක ධාතුවේ සියල්ලම නිර්මාණය වෙන්නේ සතර මහා භූතයිගෙන්.
සතර මහා භූතයෝ කියන්නේ මොනවද ? ඒවගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කොහොමද ?
සතර මහා භූත නිර්මාණය සිද්ධ වෙන්නෙ පටිච්ඡ සමුප්පන්නයෙන්.
මනෝමය වශයෙන් ගොඩ නැගිලා මනසේ ආරම්භයක් පටන් ගෙන ක්ශනයකදි පටිච්ඡ සමුප්පාදය චක්‍ර හතරක් ක්‍රියාත්මක වෙලා එහි අවසාන චක්‍රය ක්‍රියාත්මක වීමෙන් තමයි භෞතික වන්නා වූ සතර මහා භූත, රූප විදියට විද්‍යමාන වන්නේ..
මේ ප්‍රොසෙස් එකේ සර්වඥ නොවෙන අපිට අහු වෙන්නේ අන්තිම චක්‍රයේ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන ඝණීභවනය උන තත්වය පමනයි. ධාතු නිර්මාණය සිද්ධ වෙන්නේ ඒකෙන්. මිනිස් ලෝකේ එහෙම නැත්නම් මේ ඝනීභවනය උන ලෝකේ සියල්ලම පවතින්නේ මේ ධාතු ස්වරූපයෙන්.
ප්ලාස්ටික් හාල් ඇටේ ඉඳන් අඩි පහක් හයක් උස කිලෝ පනස් පහක් හැටක් බර මේ සරීර කූඩුව දක්වා විතරක් නෙමෙයි මේ භෞතික ලෝකයේ සනිදස්සන ( ඇහට පේන ) සියල්ලම පාහේ නිර්මාණය වෙන්නේ මෙන්න මේ පඨවි, ආපෝ , තේජෝ , වායෝ කියන සතර මහා භූතයන්ගෙන්.
න්‍යශ්ඨිකයක් විදියට උප්පත්තිය ලැබූ මොහොතේ පටන් මේ ගෙවෙන තප්පරය වන තුරුම අපි හැමෝම දඟලන්නේ ඔන්න ඔය කිසි සේත් අපිට 100% පාලනය කර නොහැකි ධර්මතාවයන් ටිකක් අපේ අණට නතු කර ගන්න, පාලනය කරන්න.
ඔය සතර මහා භූත ක්‍රියාකරිත්වයෙන් වටිනාකම් නිර්මාණය වෙනවා..
අවිද්‍යාවෙන් නිර්මාණය වෙන සියළුම මායාරූප විපරිනාමයට ලක්වෙනවා. ඒ මායා රූප විපරිනාමය උනාට ඒහි වටිනවා කියන නාමගෝත්‍රය දිගින් දිගටම අපි පවත්වාගෙන යනවා..
නැවත ඒ වටිනා දේ ආස්වාදය කිරීමේ ආසාව. ඔය ආසාව ඇතුලේ තමයි හරියටම සතරමහා භූත ක්‍රියාත්මක වෙන්නේ.
වටිනවා කියන භුක්තිය ඇත් නම් ඒකේ බැඳිලා ඉන්න අවශ්‍යතාව ඇති වෙනවා. ඒක තමයි ආපෝ ගති ලක්ෂණය.
ඒ රූපය ඔප්නංවගන්න ඕන වෙනවා. (වැඩිදියුණු කරගන්න) ඒක තේජෝ ගති ලක්ෂණය..
ඒකේ සැරිසරන්න ඕන වෙනවා.. ඒක වායෝ ලක්ෂණය,
ඒක පවත්වා ගන්න ඕන වෙනවා..
ඒක තමගි පඨවි ලක්ෂණය.
නමුත් කොයි තරම් උත්සාහකරත් අපිට කවම දාවත් ඕක පාලනය කරන්න බෑ. සිය දිවි නසා ගන්න තිරනේ කරන කෙනෙක් නොදන්නේ ඔන්න ඔය පුංචි කෑල්ල. අවබෝධ කරන් නැත්තේ ඔන්න ඔය පුංචි කෑල්ල..
අපිට ඒක පාලනය කරන්න බෑ.ස්ථිර වටිනාකමක් කමක් දෙන්න බෑ.
සරලව අම්මගේ අක්කගේ ගෑනිගේ පටන් යාන වාහන සියල්ලම පාහේ මේ සතර මහා භූතයන්ගේ එක් එක් අවධි පමණයි..
ඒ කිසිම දෙයක් අපිට ඕන විදියට පවතින් නෑ..
ඔය ටික අමාරුවෙන් හරි තේරුම් ගත්ත නම් මොන තරම් වටින දෙයක් නැති උනත් මැරෙන්න තරම් දුක හිතෙන්නෙ නැතුව ගොඩ යාගන්ඩ පුළුවන්.

- රම්.

| නිවන් යන්න තහනම් 05 |


හාමුදුරුවෝන්ට වඳිනවාද ?? එහෙනම් කියවන්න.. 
__________________________________
භික්ෂු , භික්ෂුනී , උපාසක, උපාසිකා සිව්වනක් පිරිස සංඟ හොබවයි.
- සෝහින්ති සූත්‍රය.
( එසේ නම් බුද්ධ දේශනාවට අනූව සංඟ යන්න භාහිරෙන් බැලූ බැල්මට තෝරා ගත හැක්කක් නොවේ. තුන්බෑ ජටිලයන්ට බුදු වූ බව ඔප්පු කර ගැනීමට තථාගතයන් වහන්සේ පවා බොහෝ වතාවක් උත්සාහදරා ඇති බව සඳහන් වේ.
විශාකාවන් ඇතුලු ගිහිවතාවත් තුල සෝවහන් උන පිරිස් ගැන ද අප අසා ඇත.නමුදු ඒ පිරිස් ද අයත් වූයේ සංඟ සාසනයට ය. සිවුරක් පෙරව ගත් පමනින් සංඟ විය නොහැක.. සංඟ යනු මාර්ගඵල ලැබූ පිරිසයි. සිවුරු දැරූ මාර්ගඵල ලාභීන් පරමාථ සංඝ ලෙසද, සිවුරු දැරූ මාර්ගඵල අවබෝධ නොවූ පිරිස සම්මුති සංඟ ලෙස ද දෙයාකාරයකි. )
" සංඟ " යන්නෙහි පරමාර්ථාර්තය - ආහුණෙය්‍යෝ,පාහුණෙය්‍යෝ, දක්ඛිණෙය්‍යෝ,
අංජලිකරණීයෝ ,අනුත්තරං
පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති.
( චතුරාර්‍ය සත්‍ය න්‍යාය අහුවෙලා, න්‍යායත් සමඟ පෑහෙනවා, න්‍යායෙන් ලෝකේ දකිනවා.සංකාරයන් දියකර හැරලා .. රාගයෙන්, දේවේශයෙන්, මෝහයෙන් පටිච්ඡ නිර්මාණය නොකරන නිසා කිසි කෙනෙක්ට කරදරයක් බාදාවක් නැති උත්තරීතර පිං කෙතකි)
" සිවුර " - සිව් + උර
( චතුරාර්‍ය සත්‍ය උර දරන් ඉන්නවා. හරියට නීතිය සාමය රකින පොලීසියට පොලිස් නිල ඇඳුම වගේ. චතුරාර්‍ය සත්‍ය අවබෝධකර ගත් සහ අවබෝධයට යන අයට සිවුරක් තියනවා. )
" මහණ " - මහ + අණ
( සංස්කාරකයන්ගේ අනිච්ඡ , දුක්ඛ , අනත්ථ බව සඳහන් තථාගතයන් වහන්සේගේ මහ අණ පිළිපදින පිරිස මහණ ඝණයට අයිති වෙනවා. )
" හාමුදුරුවෝ " - හාමු + දුරුවෝ
( හාමු වීම් නැති නම් බැඳීම් දුරු කරන පිරිස , එසේත් නැති නම් දුරු කිරීමට බැඳී ඇති පිරිස )
" සඟ ගුණ නමස්කාරය "
සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ,
යදිදං චත්තාරි පුරිසයුගානි
අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ,
ආහුණෙය්‍යෝ,පාහුණෙය්‍යෝ, දක්ඛිණෙය්‍යෝ,
අංජලිකරණීයෝ ,අනුත්තරං
පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති.
_________________________________
සංඟයා වැඳිය පිදිය යුත්තේ එහෙයිනි..
සංඟ සාසනයට ඇතුලත් විය යුතු පිරිස් තෝරා ගැනීම ඔබ සතුය..
- රම්.

| නිවන් යන්න තහනම් 04 |



කේතුමතියේ වැසියන්ගේ අපූරුකම් ගැන අමුතු වෙන් කියන්න ඕන නෑ.. උන්ට ඇත්තටම ගොඩක් දේවල් වලට හේතුවක් ඕනම නෑ..

සමන්ත භද්‍ර සහ රැස් වළල්ල මේ දවස් වල ප්‍රධානම මාතෘකාවක්.
ඉතිං සමන්ත භද්‍රට හේතුවක් නැතුව බනින මිනිස්සුන්ට හේතුවක් හොයලා දෙන්නයි,
ඉරාජ් ගේ රැස් වලලු කම්පියුටර් ජිල් මාට් එක ගැනයි ටිකක් ලියන්න හිතුනා..

භද්‍ර ගේ රැස් වළල්ල,
ඇත්තටම මොකද්ද ඔය සීන් එක..

මනුස්සයෙක්ගේ ඇඟෙන් රැස් විහිදෙන්න පුළුවන්ද?

අප මහා සැදැහැවත් බෞද්ධයෝ දැන් කියාවි, "කාල කන්නි පරයා ගිහින් බලපන් බුදු පිළිමක්. අප මහා තිලෝගුරුන්ගෙන් රැස් විහිදුනා.." කියලා ..
බුදුන් ගෙන් විතරක් නෙමෙයි විහාර සිතුවම් වල දෙව් බඹුන් ගෙන් පවා රැස් විහිදෙන සිතුවම් තියනවා.. ඒත් අප මහා සැදැහැවත් බෞද්ධයන්ට ඔය පිංතූර වලට සාදු සාදු කියනවා මිසක් ඕක කොහොමද වෙන්නේ කියන එක හොයලා බලන්න අදහසක් නෑ..

බුදුන්ගෙන් , දෙවි වරුන්ගෙන් , භද්‍රගෙන් විතරක් නෙමෙයි අපේ ඇඟෙනුත් රැස් විහිදෙනවා..
බුදු දහමෙත්, පැරණි යෝගි සාස්තරයන්ට අනූවත් මනුස්ස කය වටා බඹක් පමන රැස් වලල්ලක් පිහිටනවා.ඒ කාරණය විශේෂයෙන් දිවැසකට, සමාධියකට, එහෙම නැත්නම් ඥානයකට ගෝචර වන කාරණයක් නිසා මෙච්චර කාලයකට බටහිර විද්‍යාව මත පදනම් වෙච්ච සාමාන්‍ය ජනයා ඒක විස්වාස කළේ නෑ. නමුත් දැන් තියෙන කිරිලියානු ඡායාරූප ක‍්‍රමය, ඕරා කෑම් ඡායාරූප ක‍්‍රමය වගේ අති නවීන තාක්‍ෂණ ක‍්‍රමවේදවලට මේ කාරණය ගෝචර වෙලා තියෙන නිසා, ඒ ගැන බොහෝ පර්යේෂණ කරල මේ කිරණමය ශරීරය ඡායාරූපවලටත් හසු කර ගෙන තියෙනවා. වර්තමානයේ ඕරා වළල්ල හෙවත් රැස් මඬල කියල හඳුන්වන්නෙ මේ කිරණමය කය.

ඕරා එක කොහොමද නිර්මාණය වෙන්නේ,

ඕරා එක බලපවත්වන්නේ මේ මොහොතේ හිතේ නිර්මාණය වෙන රාග, ද්වේශ, මෝහ , අලෝභ, අදෝස, අමෝහ සිතුවිලි පදනම් කරගෙන. ඕරා යනත්‍ර හරහා කරපු පරීක්ෂණ මගින් නූතන විද්‍යාවේ ඕක ඔප්පු කරලා තියනවා. ඒක හරියට තොරණක බල්බ් පත්තු වෙනවා වගේ සීන් එකක්.

ඊට අමතර භාහිරව ඇති වෙන බලපෑම් මඟින්ද ඕරා එකට වෙනස් කම් ඇති කරනවා.
සිංදු, ෆිල්ම්, පිරිත්, සෙත් කවි , වස් කවි, බෝධි පූජා , ශාන්ති කර්ම , ශ්ලෝක , ගීතික, භජන් මේ හැම දේකින්ම ඕරා එක පිරිසිදු කිරීමත් අපවිත්‍ර කිරීමත් සිදු වෙනවා. කොටින්ම වැන්ඳට පස්සේ බුදු සරණයි කියලා ඔළුව අත ගෑමෙන් පවා ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ඕරා එක පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය.

තවත් ලිහාගෙන ගියොත් මේක යෝගී ඉගැන්විම් වලට අනූව හිසේ සිට දෙපතුල දක්වා මනුස්ස සරීරයේ ශක්තීන් උත්පාදනය කරන චක්‍ර 7 ක් ගැන සඳහන් වෙනවා. මේ චක්‍ර හත නූතන විද්‍යාවේ ප්‍රායෝගික පරීක්ෂණවලින් පවා පිළිගෙන තියනවා. කුණ්ඩලීණ ශක්තිය කියන්නේ ඔය චක්‍ර හත අවධි වීමෙන් නිර්මාණය වෙන ශක්තිය. ( චක්‍ර හත තියන තැන දැන ගන්න ඕන නම් උඩරට මනාලියකගේ තැලි හත ඔබ්බවපු තැන් ටික බලන්න)
ඕරා කෑම් කියන යන්ත‍්‍රයේ සංවේදකයට වම් අත තියල ක‍්‍රියාත්මක කළාම ඒ පුද්ගලයගෙත් ඕරා වළල්ල ඇතුළු චක‍්‍ර 7 ක් ඒ යන්ත‍්‍රයේ පෙන්වනවා. ඒ යන්ත‍්‍රයට පුද්ගලයගෙ ඕරා වළල්ල ග‍්‍රහණය කර ගෙන ඒ අනුව ගති ස්වභාවය කියවන්න පුළුවන්. ඒ වගේම ඒ ඒ චක‍්‍රවල ඒ ඒ මොහොතේ තියෙන ශක්ති ප‍්‍රමාණයත් විවිධ වර්ණවලින් පෙන්වනවා..

බුදු දහමේ සූවිසි පට්ඨානයේ සඳහන් වෙන සමනන්තර – අනන්තර ප‍්‍රත්‍යය පිළිබඳ ඉගැන්වීමේ තියෙන්නේ මේ ගැන. භෞතික විද්‍යාවෙ අනුනාදය සංකල්පයේ තියෙන්නේ මේ ගැන.. ඒක හරියට බ්ලූටූත් වගේ ක්‍රියාවලියක්.
සමාන දේට සමාන දේ ඇදිලා ඒමක්.බෝධි පූජාවකට කලින් ගාතා කියලා බුදුන් වැඳලා කරන්නෙත් හිත සුද්ද කරන් කරන්නේ ඕරා එක සකස් කර ගැනීමක්. අනන්තර ප්‍රත්‍යයට ආකර්ශනය වන්නට සමනන්තර ප්‍රත්‍ය සකස් කර ගැනීමක්.

ඔය කරුණු සියල්ල සාරාංශ කරලා ගත්තම එ වෙලෙහි හිතේ ඇති වෙන රාග, ද්වේශ, මෝහ , අලෝභ, අදෝස, අමෝහ සිතුවිලි පදනම් කරගෙන ඕරා එකෙහි වර්ණ නිර්මාණය වෙන බව පැහැදිළියි

හැබැයි ඔය කතන්දරය ඉහළ මාර්ග ඵල දාරින් ගේ වෙනස් වෙනවා. මාර්ගඵල ලාභීන්ගේ ඕරා එකෙහි යම්කිසි නියත භාවයක් පවතිනවා.මොකද ඒ අය වීතරාගී, වීතදෝසී, වීතමෝහී ගුණ වඩල ගති නියත කර ගෙන තියෙන නිසා. ඒ නියත ගතිවලට අනුව ඒ වගේ අයගේ ඕරා වළල්ලට ඇදිලා එන්නේ සුද්ධ කිරණමයි. බාහිර ලෝකයේ සිදු වන සිදුවීම්වලින් ඒ අයගෙ හිත් සාමාන්‍ය අයගෙ වගේ වෙනස් වෙන්නෙ නැති නිසා, ඕරා වළල්ලත් නිතරම වගේ එකාකාරයි. ඒනිසා සාමාන්‍ය මනුස්සයෙක්ගේ ඕරා එකට වඩා මාර්ග ඵල ලාභියෙක්ගේ ඕරා එක ශක්තියෙන් වැඩී..

ඔන්න ඔහොමයි බුදු රැස් විහිදෙන්නේ..

රැස් ගැන හේතුවක් නැතුව බැනපු සැදැහැවත් බෞද්ධයන්ට මීට අමතවර ඕරා එක ගැන දැන ගන්න ගූගල් දෙවියන් සරණ ගිහින් #human #aura#science කියලා හොයලා බලන්න පුළුවන්.

______________________________

දැන් #සමන්ත භද්‍රගේ බුද්ධාගමට හැරෙන්නම්,

උඹ මම, භද්‍ර ඇතුළු අපි හැමෝම ඉන්නේ නිමක් නැති කෙලවරක් නැති ආතල් එකක් හොයන සංසාර චාරිකාවක.. එතෙක් මෙතෙක් මට තේරෙන භාෂාවෙන් ධානත්ම චින්තය දේශනා කරන මම දැකපු හොඳම ජීව මාන ඩයල් එක සමන්ත භද්‍ර.එකේ තර්කයක් නෑ. මල් පූජ කරලා බුදුන් වැඳලා නිවන් යන්න බැරි බව ඉස්සලම මම ඇහුවේ සමන්ත භද්‍රගේ ඉගැන්වීමකින්.. ඒක සීයට සීයක් ඇත්ත.. භද්‍ර හරි ලස්සනට හොඳ මනුස්සයෙක් විදියට කොහොමද භෞතික ලෝකේ ජය ගන්නේ කියන එක කියලා දෙනවා.
කොහොමද සල්ලි කාරයෙක් වෙන්නේ කියන එක කියලා දෙනවා. කොහොමද කෙල්ල බූට් එක තිබ්බම හිත හදා ගන්නේ කියන එක කියලා දෙනවා. ඒ කිසිම් දේශනාවකට තර්කයක් නෑ..
තක්කෙටම පොර ඒක කියනවා.

"හොඳ බ්‍රේන්ඩ් කැපෑසිටියක් තියන මනුස්සයෙක්ට ගහන්න බැරි ගේමක් නෑ."

ආදර්ශයෙන් සහ දේශනාවෙන් සමන්ත භද්‍රගේ ඉගැන්වීම ඔන්න ඕක.

"ආස්වාදය" කොහොමද මයින්ඩ් ප්‍රක්ටිස් එකෙන් නිර්මානය කරන්නේ.. බුද්ධ දේශනාවේ සඳහන් ලෝක ( ලෝක ගොඩ නැගෙන්නේ පටිච්ඡ හරහා. පටිච්ඡ නිර්මාණය ලොකු කතාවක්. දහම් පාසල් අවසාන පොතේ ඕක ගැන ලොකුවට විග්‍ර කරලා තියනවා " පටිච්ඡ සමූපාදය " කියලා පාඩමක. දැන ගන්න ඕන කෙනෙක් ඒක කිය වන්න.) නිර්මාණය ගැන හරි අපූරුවට භද්‍ර දේශනා කරනවා..

හැබැයි බුද්ධ දේශනාව කියන්නේ භද්‍ර කියනවා වගේ ගේම් ගැහිල්ලක් වත්, ලෝක නිර්මාණය වත් නෙමෙයි..
කේතු මතියේ ඈයෝ ගොඩක් දේවල් වැරදි තැන් වලින් අල්ල ගන්න උපන් හපන්නු.

The mind is everything.What you think, you become - Gautam Buddha.

ඕක හරි හරියට share උන පෝස්ටුවක්. ඔය පෝස්ටුවේ ආතල් කෑල්ල අපි අල්ල ගත්තා මිසක් ඕකේ ඇතුලට බැහැලා බලන්න කවදාවත් අපිට අයිඩියා එකක් ආවේ නෑ. ඔය කියන්නෙත් ලෝක නිර්මාණය. හැබැයි බුද්ධ දේශනවේ ඔතනින් නවතන්නේ නෑ.. හැබැයි භද්‍ර ඔතනින් බුද්ධාගම නවත්තනවා. භෞතික සැපක් ආතල් එකක් හොයන මිනිහෙක්ට ඔය කෑල්ල දැන ගත්තම ඇත්තටම හොඳටම ප්‍රමාණවත්.

හැබැයි ඔය කෑල්ල විතරක් දැන ගන්න නම් අපිට බුද්ධ දේශනාවක් ඕන නෑ. #Law #of #attractionතියරියේ කියලා දෙන්නෙත් ඔය ටිකමයි..

බුද්ධ දේශනාව කියන්නේ ඔයිට හාත්පසම වෙනස් පැත්තක්. බුද්ධ දේශනාව ඔතනින් නවතින්නේ නෑ.. බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ පටිච්ඡ හරහා ඔය කියන ලෝක නිර්මාණය ගැන මුළින්ම අවබෝධ කර ගැනීම,

ඊට පස්සේ ඕකේ විපරිනාමයත්, ඕකේ දුක්ඛ ස්වභාවත් ආනිසංස ආවබෝධය..

ඊටත් පස්සේ ඕක නිස්සාරණය..

භද්‍ර ගේ දේශනාවේ වැරද්ද භද්‍ර පෙන්නන්නේ සදාතනික ආතල් එකක් නෙමෙයි. ඒකත් විපරිනාමය වෙන තවත් ආතල් එකක් පමණයි..

බුද්ධ දේශනාව කියන්නේ සදාතනික නිවීමක්..

ආවට ගියාට භද්‍රට නොබැන බනිනවා නම් භද්‍රට මෙන්න මේ හේතුව නිසා බනින්න. මොකද ඒ දේශනාව සංසාරේ දික් ගස්සන තවත් පටිච්ඡ හදන පොසිටිව් තිංකින් තියරියක්, බුද්ධ දේශනාවේ වැදගත්ම කොටසක් වසං කිරීමක් මිසක් බුද්ධ දේශනාව නොවෙන නිසා..

හැබැයි යක්කුන්ට දෙයියොන්ට බුදුන්ට බයේ මන්තර කියනවා වගේ කිසි තේරුමක් නැතිව ගාතා කියන අපල වලට පන්සල් යන කේතුමතියේ වැසියන්ට භද්‍රගේ මයින්ඩ් ප්‍රක්ටිස් තියරියත් කාන්තාරේකට අනෝරාවක් වැටුනා වගේ ආතල් එකක්..

මෙහෙව් කේතුමතිය, මෙහෙව් චින්තනයක නිවන් යන්න තහනම් වීම පුදුමයක් නෙමෙයි..

භද්‍ර ගේ රැස් විහිදීමත්, ඉරාජ් ගේ කොම්පියුටර් ජිල් මාට් එකවත් මහ ලොකු පුදුම වෙන්න සීන් එකකුත් නෙමෙයි..

- රම්.

| නිවන් යන්න තහනම් 03 |


ඇත්තටම මොකක්ද මේ නිවන?
අපි බුද්ධාගමේ ද?

නිවන පිළිබඳව මට නම් ඇත්තේ සරල අර්ථකතනයකි.  ඒක හරියට නරක පුරුද්දකට ඇබ්බැහි වෙලා හිටපු එකෙක් ඒකේ නිස්සාර අර්ථය තේරුම් අරන් යහපත් දිවිපැවැත්මකට හුරුවීම වගේ සිම්පල් අදහසකි.

Ex : දවසකට සිගරට් පැකට් එකක් විතර බොන එකෙක් කසාද බැඳලා හරි , ලෙඩ වෙලා හරි සිගරට් බොන එක නවත්තනවා. සිගරට් බොන එක නවත්තන විදිය අදාල නැත  හේතුව අදාල නෑ. ඒත් ඒක නවත්තනවා.

ජනපද කල්‍යාණි අහිමි වීමේ අවුලෙන් හිටිය නන්දට සත්‍යාවබෝධය මාර්ගයට පිවිසෙන්න ලැබුනේ පිළිස්සුන වැඳිරියකගේ  දෘෂ්‍ය මායාවක් දැකිමෙනි. ආගම සතු භෞතික විද්‍යාවට පටහැනි යම් දෙයක් වේද එය භාවිතා වුනේ සත්‍යාවබෝධය සඳහාම පමනි. නමුදු කේතුමතියේ වැසියන්ට නම් වැඩි පුරම හිත යන්නේ ආගම සතු එකී විද්‍යාවට පටහැනි විශ්වකර්මයට පමනි.

නි + වාන = නිබන = නිබ්බාන
නි = නික්මීම
වාන = තෘෂ්ණාව

මීට වඩා පැහැදිලි හොඳ නිර්වචනයක් බුද්ධාගම කට පාඩම් කල කේතුමතියේ වැසියන්ට නිර්වාණය සම්බන්ධයෙන් ඇත.

නමුත් අද හවසටත් ඔවුන් පන්සලට ගිහින් පහන් 1000 පත්තු කොට පුද පූජා පවත්වයි. නිර්වාණය සොයයි. බෞද්ධයකු ලෙස පහන් 1000 පත්තු කිරීමෙන් නිවන ලැබෙයි නම් flash light එකක් පත්තු කොට ශෝට් කට් එකකින් නිවන් දකින්න බැරි ඇයි දැයි ඔවුන්ට තර්කයක් නැත. එසේ සිතීම පවා පව් පිරෙන මිත්‍යා දෘෂ්ටික සිතුවිල්ලක් ලෙස ඔවුන් සලකයි.

නිවන යනු අවිහිංසාවදයද?

නිවන යනු අවිහිංසාවාදය නම් නිගන්ටයන්, ජෛනියන් තම්ගේ දර්ශනයන් ඇතැහැර බුදු දහම වැළඳ ගන්නේ ඇයි. " මන් මස් මාලු කන් නෑ පස් පව් කරන් නෑ. " කේතුමතියේ වැසියන්ට ඇති එකම නිදහසට කරුණ මෙයයි.  නිර්වාණය හෝ බුදු දහම යනු මේ කිසිවක් නොවෙයි නමුදු මේ සියල්ලම බුදු දහමට නිවණට ඇතුලත් වේ යැයි ඔවුන් නොසිතයි. මන්ද යත් දහම්පාසලෙන් සමාජයෙන් බුදු දහම කියා මොකද්දෝ ඔවුන්වත් නොදන්න ලබ්බක් ඉන්ජක්ශන් කර හමාරය.

ඔබට නිවන පිළිබඳව තව දුරටත් කේතුමතියේ වැසියන්ගෙන් දැන ගැනීමට අවශ්‍යනම් පෝය දිනකට උදෑසන නිවන් අවබෝධයට මඟ පහදා ගන්න සිල් සමාදන් වෙන්න යන ආච්චි කෙනෙක්ට " good morning ආච්චි, නිවන් සුව අත්වේවා.! " කියා බලන්න. අම්මගේ අප්පගේ පටන් ඔබට නිවන ගැන ඒකාන්ත අව්බෝධයක් ක්ශනකින් ලැබෙනු ඇත.
තව දුරටත් කරන්නේ මොකද්ද කියාවත් නොදැන කේතුමතියේ වැසියන් තමන්වත් නොදන්නා මොකද්දෝ මගුලක් බුද්ධාගම,නිර්වාණය කියා පතුරවමින් සිටියි.

උප්පැන්නේ ආගමට බුද්ධාගම තියන එකෙක් මලා නම් මල ගෙදර ඉදිරි පිට " නිවන් සුව අත්වේවා. ! "
නොවරදින තොරණකි.එතකොට නිවන යනු මරණයෙන් පසුව හම්බෙන දෙයක් ද? මන් දන්නා තරමින් නම් මරණයෙන් පසු නැවත ඉපදිමක් නොලබන්න අරහත් ඵලයක් ලබා තිබිය යුතුය. සෝවහන් වුවත් නැවත ඉපදීමක් ඇත.
එසේ වීත් තව දුරටත් පෝය දවසේ උදේට තවම ජීවතුන් අතර සිටින ආච්චිට "නිවන් සුව අත්වේවා..! " නොකීම කේතුමතියේ වැසියන්ට ගැටළුවක් නැත..

අපි බුද්ධාගමේද ?? කේතුමතියේ වැසියන්ට නැවත සිතන්නට කාලය එළඹ ඇත. මේ අබුද්ධස්ස කාලයකි..  නමුදු කේතුමතිය හැරුනු කොට ලෝකයම මිත්‍යාවන් දැඩිව බැහැර කරමින් පවතී.

_________________________________________________________________

" ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බාණන්ති....."
චතුභාණවාර පාළියේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වන මෙම පාඨයෙන් නිවණෙහි ස්වභාවය පෙන්නුම් කෙරේ. සියලු සංඛාරයන්ගේ සිඳීමක් වෙයි. සියලු උපධීන්ගේ දුරලීමක් වෙයි. තෘෂ්ණාව ක්ෂය වීමක් වෙයි. නොඇලීමක් වෙයි.
_________________________________________________________________

- රම්.

Monday, June 8, 2015

නැවතුනෙමි, උඹ ඇතැහැරිය තැන.



"baba im lvng" මා දවස අරඹන්නේ උදෙන්ම උඹේ ආදරනීය වචනයෙනි.

මා උඹ වෙනුවට ලෝකය ඇතැහැර ඇත.

"දවසක ඇත්තටම උඹ ගිය දවසක මගේ ජීවිතේ එතනින් නතර වේවි සුදු හාමිනේ.. අහන්න,,
මම උඹට මහ ගොඩක් ආදරෙයි..උඹට හිතා ගන්නවත් බැරි තරම්."

ප්‍රේම ය දැකීමට ප්‍රේමයෙන් පිට සිය ප්‍රේමය බැලිය යුතුය..

මා ප්‍රේමය බලමින් සිටියි.

මා උඹට පෙම් කර තරමත්,
උඹ මට පෙම් කර තරමත් ප්‍රත්‍යක්ශ වෙයි!!

බේබද්දා කියූ ලෙසම උඹ ගිය තැන නැවතුනෙමි.


"මා ජීවිතයේ ඇති අමිහිරිතම දෙය උඹව මට අහිමි වීම නොවෙයි. සැරින් සැරයට අහිමි වීමට උඹව මට ලැබීමය.. මා ජීවත් වීමටත්, මිය දීමටත් එකම හේතුව එයයි."

- රම් නම් බේබද්දා..