Monday, June 8, 2015

නැවතුනෙමි, උඹ ඇතැහැරිය තැන.



"baba im lvng" මා දවස අරඹන්නේ උදෙන්ම උඹේ ආදරනීය වචනයෙනි.

මා උඹ වෙනුවට ලෝකය ඇතැහැර ඇත.

"දවසක ඇත්තටම උඹ ගිය දවසක මගේ ජීවිතේ එතනින් නතර වේවි සුදු හාමිනේ.. අහන්න,,
මම උඹට මහ ගොඩක් ආදරෙයි..උඹට හිතා ගන්නවත් බැරි තරම්."

ප්‍රේම ය දැකීමට ප්‍රේමයෙන් පිට සිය ප්‍රේමය බැලිය යුතුය..

මා ප්‍රේමය බලමින් සිටියි.

මා උඹට පෙම් කර තරමත්,
උඹ මට පෙම් කර තරමත් ප්‍රත්‍යක්ශ වෙයි!!

බේබද්දා කියූ ලෙසම උඹ ගිය තැන නැවතුනෙමි.


"මා ජීවිතයේ ඇති අමිහිරිතම දෙය උඹව මට අහිමි වීම නොවෙයි. සැරින් සැරයට අහිමි වීමට උඹව මට ලැබීමය.. මා ජීවත් වීමටත්, මිය දීමටත් එකම හේතුව එයයි."

- රම් නම් බේබද්දා..

1 comment:

  1. මචං මං උබේ පෝස්ට් ගන්නද...පේජ් එකක් කරන්න..කිසිම වෙනසක් කරන්නේ නෑ.

    ReplyDelete