Tuesday, June 10, 2014

(අ)වාසනාවන්තී

රූටනා දෑස කඳුළැලි වෑහෙනා
හංගලා උදයම ගෙදරින් පිටවෙනා
හීනයක් කොහෙද අහසේ පෑදෙනා
නොවැස්සොත් හොඳයි බිස්නස් සරු වෙනා

පීදෙනා හීන ගෙන ඉරමල ඉපදෙනා
වාසනවා අද ගෙනෙතැයි හිනහිලා
ලේ උනන උගුර අව්වට වේලෙනා
වෙව්ලනා දෑත ගෙන විස්සක් දිගුකලා

තෝරලා අංක උඹ ලෑල්ල පීරලා
බේරලා ගන්නකොට ඇස් දෙක දිළිසෙනා
හූරලා හොයයි සමාන රූපිනා
පෑහෙනා රැවක් නෑ මට හමුවෙලා

හාරලා හදවත වාසනාව වල දමා
බෙදනවා හැමට පොදුවේ නැත පමා
දිවැස් හෙලන දෙවිවරැ කල කොඩිවිනා
වාසනවා මා හා නැත හිනහිලා

R é D R ü M

M ü R D  è R


Posted via Blogaway

No comments:

Post a Comment