Saturday, May 24, 2014

අමුතු පාතාලයා


___________________


ගේමක් නෑ මේ පාර
ගේම් දෙන්නේ කවුද අපිට
අපි ලයිෂන් චන්ඩි
බෝතලේට මිනී මරන

ඇරපන් පුළුවන් නම් කට
අම්මපයි හලනවා ඉස්සරහ දත් දෙක
හවසට බත් පැකට් එකයි
රෑට මල්ලිට සාත්තුවයි
හම්බෙනවා නොමිලේම

ආච්චි මලා නේද ගිය සතියේ
ඡන්ද කාඩ් එක එවපන් කෙලවගන් නැතිව
උස්සනව උඩ පැන්නොත් නංගිව
දානවා පෝලිමක් හංදියේ තියලම

උඹලා පෑනෙන් චීනඩිකරාටි ගහන හැත්ත
උගත් බුද්ධිමත් උපාධි කාරයෝ සෙට් එක
මතක තියා ගනින් මල්ලි,
ලියුවොත් අපේ ගැන
ගලවල දෙනවා පපුකෙහෙත්ත
උඹේ අම්මට බල බල ඉන්න..

මල්ලී උඹටයි කියන්නේ..
මං හරි ආදරෙයි උඹට.
නොලිය ඉඳපන් අපේ ගැන.
මම කුණු කානු බේබද්දා,
බෝතලේට මිනී මරන..

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment