Saturday, February 17, 2018

| නිවන් යන්න තහනම් 03 |


ඇත්තටම මොකක්ද මේ නිවන?
අපි බුද්ධාගමේ ද?

නිවන පිළිබඳව මට නම් ඇත්තේ සරල අර්ථකතනයකි.  ඒක හරියට නරක පුරුද්දකට ඇබ්බැහි වෙලා හිටපු එකෙක් ඒකේ නිස්සාර අර්ථය තේරුම් අරන් යහපත් දිවිපැවැත්මකට හුරුවීම වගේ සිම්පල් අදහසකි.

Ex : දවසකට සිගරට් පැකට් එකක් විතර බොන එකෙක් කසාද බැඳලා හරි , ලෙඩ වෙලා හරි සිගරට් බොන එක නවත්තනවා. සිගරට් බොන එක නවත්තන විදිය අදාල නැත  හේතුව අදාල නෑ. ඒත් ඒක නවත්තනවා.

ජනපද කල්‍යාණි අහිමි වීමේ අවුලෙන් හිටිය නන්දට සත්‍යාවබෝධය මාර්ගයට පිවිසෙන්න ලැබුනේ පිළිස්සුන වැඳිරියකගේ  දෘෂ්‍ය මායාවක් දැකිමෙනි. ආගම සතු භෞතික විද්‍යාවට පටහැනි යම් දෙයක් වේද එය භාවිතා වුනේ සත්‍යාවබෝධය සඳහාම පමනි. නමුදු කේතුමතියේ වැසියන්ට නම් වැඩි පුරම හිත යන්නේ ආගම සතු එකී විද්‍යාවට පටහැනි විශ්වකර්මයට පමනි.

නි + වාන = නිබන = නිබ්බාන
නි = නික්මීම
වාන = තෘෂ්ණාව

මීට වඩා පැහැදිලි හොඳ නිර්වචනයක් බුද්ධාගම කට පාඩම් කල කේතුමතියේ වැසියන්ට නිර්වාණය සම්බන්ධයෙන් ඇත.

නමුත් අද හවසටත් ඔවුන් පන්සලට ගිහින් පහන් 1000 පත්තු කොට පුද පූජා පවත්වයි. නිර්වාණය සොයයි. බෞද්ධයකු ලෙස පහන් 1000 පත්තු කිරීමෙන් නිවන ලැබෙයි නම් flash light එකක් පත්තු කොට ශෝට් කට් එකකින් නිවන් දකින්න බැරි ඇයි දැයි ඔවුන්ට තර්කයක් නැත. එසේ සිතීම පවා පව් පිරෙන මිත්‍යා දෘෂ්ටික සිතුවිල්ලක් ලෙස ඔවුන් සලකයි.

නිවන යනු අවිහිංසාවදයද?

නිවන යනු අවිහිංසාවාදය නම් නිගන්ටයන්, ජෛනියන් තම්ගේ දර්ශනයන් ඇතැහැර බුදු දහම වැළඳ ගන්නේ ඇයි. " මන් මස් මාලු කන් නෑ පස් පව් කරන් නෑ. " කේතුමතියේ වැසියන්ට ඇති එකම නිදහසට කරුණ මෙයයි.  නිර්වාණය හෝ බුදු දහම යනු මේ කිසිවක් නොවෙයි නමුදු මේ සියල්ලම බුදු දහමට නිවණට ඇතුලත් වේ යැයි ඔවුන් නොසිතයි. මන්ද යත් දහම්පාසලෙන් සමාජයෙන් බුදු දහම කියා මොකද්දෝ ඔවුන්වත් නොදන්න ලබ්බක් ඉන්ජක්ශන් කර හමාරය.

ඔබට නිවන පිළිබඳව තව දුරටත් කේතුමතියේ වැසියන්ගෙන් දැන ගැනීමට අවශ්‍යනම් පෝය දිනකට උදෑසන නිවන් අවබෝධයට මඟ පහදා ගන්න සිල් සමාදන් වෙන්න යන ආච්චි කෙනෙක්ට " good morning ආච්චි, නිවන් සුව අත්වේවා.! " කියා බලන්න. අම්මගේ අප්පගේ පටන් ඔබට නිවන ගැන ඒකාන්ත අව්බෝධයක් ක්ශනකින් ලැබෙනු ඇත.
තව දුරටත් කරන්නේ මොකද්ද කියාවත් නොදැන කේතුමතියේ වැසියන් තමන්වත් නොදන්නා මොකද්දෝ මගුලක් බුද්ධාගම,නිර්වාණය කියා පතුරවමින් සිටියි.

උප්පැන්නේ ආගමට බුද්ධාගම තියන එකෙක් මලා නම් මල ගෙදර ඉදිරි පිට " නිවන් සුව අත්වේවා. ! "
නොවරදින තොරණකි.එතකොට නිවන යනු මරණයෙන් පසුව හම්බෙන දෙයක් ද? මන් දන්නා තරමින් නම් මරණයෙන් පසු නැවත ඉපදිමක් නොලබන්න අරහත් ඵලයක් ලබා තිබිය යුතුය. සෝවහන් වුවත් නැවත ඉපදීමක් ඇත.
එසේ වීත් තව දුරටත් පෝය දවසේ උදේට තවම ජීවතුන් අතර සිටින ආච්චිට "නිවන් සුව අත්වේවා..! " නොකීම කේතුමතියේ වැසියන්ට ගැටළුවක් නැත..

අපි බුද්ධාගමේද ?? කේතුමතියේ වැසියන්ට නැවත සිතන්නට කාලය එළඹ ඇත. මේ අබුද්ධස්ස කාලයකි..  නමුදු කේතුමතිය හැරුනු කොට ලෝකයම මිත්‍යාවන් දැඩිව බැහැර කරමින් පවතී.

_________________________________________________________________

" ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බාණන්ති....."
චතුභාණවාර පාළියේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වන මෙම පාඨයෙන් නිවණෙහි ස්වභාවය පෙන්නුම් කෙරේ. සියලු සංඛාරයන්ගේ සිඳීමක් වෙයි. සියලු උපධීන්ගේ දුරලීමක් වෙයි. තෘෂ්ණාව ක්ෂය වීමක් වෙයි. නොඇලීමක් වෙයි.
_________________________________________________________________

- රම්.

No comments:

Post a Comment