Tuesday, July 15, 2014

"අපි ගමනක් යං" එක් අතුරු කතාවක්

දිග හැරුන කොණ්ඩය
නමින් එය ස්ට්‍රේට්
නිල් පාට රාග ඇස්
ලෙන්ස් නැතිව උපතින් ආවාලු
මගේ ලඟින් ඈ නැවැතුවා
නවීන පන්නයේ රියක්
ඉක්මනින් ගොඩ වෙන්න
පිටිපස්සේ ට්‍රැෆික් එක
නුපුරුදු තැනක
පලවෙනි වතාව මෙන්
මං ටිකක් ඇඹරුනා.
"කොහෙද යන්නේ"
ඇස් පිය ගැහුවද
මතක නෑ මට හරියට
නිච්චචියක් නැති ජීවිතේ
පිච්චියක් නැති පොකැට්ටුව
හැංඟුවා මං ලැජ්ජාවට
ඈ දැක්කාද දන්නේ නෑ..
ඈ මා ආදරය කරනා තැනැත්තිය...
නැවතුවා එක තැනක
ඈ ඇගේ රිය
දුවන්නට හිතුනා බැහැලා වේගෙන්ම
අහස උසට නැඟි බිල්ඩින් මෝලක්
කිව්වා ඒ club එකලූ

පැකිලේනා අඩිය
වාරු නැති කකුල
පිරිමි කම අරන් පපුවට
තියෙව්වා අඩිය
නුපුරුද්දක් නොපෙනෙන ලෙසට

හප්පේ මේ කුමක් මේ???
සුර විමනක් වත්ද
පැත්තකින් ඇසෙන
කන්දොස් ගිරියාව
සංගීතයක් යැය රස
විදියි එතන දන
අහෝ මේ කුමන
කරුමෙකට අහු උනාද මම
වැඩක් නෑ වෑයාම
මගේ නුපුරුදු බව
අහු උනා ඔක්කොටම
දියට බසිනා
හංස ධේනුවක් මෙන්
ඈ එක් උනා මිතුරු කැල අස්සට

රූ සොබාව රුක ගන්න
මුක්කු ගැසු ගැහැනුන්
පිරිමි කම පෙන්නන්න
රැවුල වැවු පිරිමි
දෙකටම නැති
නපුංසකයන්
විකාරයි මට නම්
ලෝකයම..

පුරුදු මගේ නිහඬ බව
තමා මට උන් එකම මිතුර
නුඹ රඟන හැටි ආදරෙන්
බලන් උන්නා ඈත හිඳ
පුළුවන් කමකට නෙමෙයි
ආදරේ හින්ඳ මම

චිකන් බුරියානු
එයයි නුඹෙ ඇනවුම
කොහොම කන්නද
මං මස් ඉරන්
දිරවන්නේ නෑ ඒවා මට

බලන කල ජනේලෙන්
එළියේ මා දුටුවේ
නේක විදි වාහන අමුතු හැඩයට
තවත් ඉන්න බෑ පෙම්බරී
කකියනවා හිත හොඳටම
කුණු කානුවක් ලඟ
කොකෙක්
අහ් මේ මගේ ලෝකේ එකෙක්
ඌ විතරයි එවෙලේ මා දුටු සැනසිල්ල
අනේ ඇති පෙම්බරී
තවත් බෑ ඉවසන්න
අපි යමු ඉක්මට

පාරේ යන හිඟන්නෙක්
දුටුවා මම අහම්බෙන්
දැන් ඇති පෙම්බරී
අපි ඉන්නේ ලෝක දෙකක

R é D R ü M

M ü R D  è R

No comments:

Post a Comment