Tuesday, July 15, 2014

අම්මේ

මට අම්ම ගැන කවියක් ලියන්න ඕන.
ඒත් පන්හිඳ අද මට මිතුරු නෑ..
පාරේ ඉන්න බල්ලෝ පුසෝ ගැනත්
ලියන මට "අම්මා" ගැන මොකුත්
ලියා ගන්න බෑ..
මේ ලෝකේ තියන හැම සැප සම්පතක්ම
අම්මට දෙන්න මේ පුතාට බැරි වෙයි.
ඒත් අතීතෙන් එක දවසක් හරි
අම්මට ගෙනත් දෙනවා..
"මමී" නොවී "අම්මා" උනාට අම්මට පිං..
මං අම්මට මහ ගොඩක් ආදරෙයි..
ඒක ලියන්න වචන ඉගෙන ගත්ත දාට

"අම්මා"

කියලා කවියක් ලියන්නම්.
එතකම් මට සමාවෙන්න...

No comments:

Post a Comment