Tuesday, July 15, 2014

How I Wonder What You Are!


ඈ ගැබි ගත්තීය
විලිරුදාව හැදුනේ මටය
ඈ කියයි,
ඇය මා හමුවූ දින සිට
උපත් පාලන පෙති භාවිතා කල බව..
අහෝ පුදුමයකි
මා ස්වයංවින්දනය කිරීමෙන්
ඈ දාව දරුවෙක් කුස පිළිසිඳ ඇත
ඈ මාතෲත්වය ප්‍රතික්ශේප කරයි
අවසාන සහ තිබූ එකම
නලයත් පිපිරීම හේතුවෙන්
නල දරු උපතක් සිදු කිරීමටද නොහැක.
ඈ හට උස් මහත් වූ
අවජාතක ලොකු දරුවෙකු සිටියි
ඇය පලමු ප්‍රසූතියෙන්
ගර්භාෂය ඉවත් කල  බවද දැන් කියයි.
එතකොට මගේ දරුවා
මගේ විලි රුදාව
ඒවට මොකද වෙන්නේ..
මවක් නොමැතිව දරුවෙක්
ඉපදිය නොහැක්කෙන්
මාද ඇය මෙන් ඌව
අවජාතක ලේබලය අලවා
ගුවනට නිදහස් කෙරුවෙමි..
දැන් ඌ ගන්ධබ්බයෙකි
නුඹ යන යන තැනට
බූතයෙක් මෙන්
නුඹ පස්සෙන්ම එන..

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment