Friday, September 12, 2014

බඹරෝ වරෙන් මගේ ලොවට - අළුත උපන් හුස්ම අරන්


හීන වලට වෙඩි තියන්න
හැන්දෑවට මෙහෙට
ගිනි නූලක් ඉන බැඳලා
උල් කට්ටෙන් හිල් කරන්න
ලේ ගලනා හිත දිහාන
ආදරයෙන් බලා ඉන්න
ස්විස්තියක ඈ ඔතලා
සුළං රොදක පාකරන්න…
වේළුණු ඉර මඩල දිගේ
මගේ ලොවට එළිය අරන්
කොළොම් තොටින් නැව් නැග්ගා
ලමාතැනී පෙමක් අරන්
වල්මත් උන තනි හිනෙක
උඹ හිටියා ලොවට හොරෙන්
හිතක් නොමැති නුඹේ රුවට
වහ වැටුනේ කිමද කියන්…
පිම්මේ ගැහෙන පපුව ගැඹුරේ
ඉන්න ගහලා දුම බඳින්න
ජීවිතයම හැරදාලා
ඈ එක්කලා පෙම් කෙලින්න
හීන ලොවෙන් යලි එනකොට
වේදනාව තියලා එන්න
බැරියර් නැති පාර කියන්
උඹේ ලොවෙන් නැවැත එන්න…
යාළු - බාල සඳ ඇවිදින්
කියන රහස් මට හොරාට
විකා බැලු අඹයේ රහට
හිරි වැටිලා ආත්මයම
නුඹෙන් තොරව ලොවක් ඇතැයි
හිත කිව්වත් තිත්ත රහට
මංම වියපු මකුණු දැලක
හිර වෙලානේ ජීවිතයම

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment