Thursday, September 18, 2014

පව්කාර අම්මා කෙනෙක්

දා බිඳු වැටි පුංචි තට්ටය
හොර ගල් අහුලලා වටයක් කැර කැවී…
තාප්පයට උඩින් අඟලක් ඉස්සී

"ස්ස්… ස්ස්……
සරෝජි අක්කේ..
අම්මා කතා කලාද??"

මා පුතු මෙන් පොඩි සාදු
දාහක් හීන නිල් දෙනෙතේ පුරවන්
අසයි කට උල් කරන්..

"නෑ හිමියනි
නුඹෙ මෑණි
අදත් නුඹව ඇමතුවේ.."

නුඹේ අම්මා එතර ගියා
කාසි අරන් එන්ට ගියා
හිනා වැලක් ගඟේ ගියා
ගඟට උඩින් කොක්කු ගියා

සසර කතර අතර මගක
එතර වෙන්න පාරක් මැද
තනිව දමා නුඹව මෙහේ
නුඹේ අම්මා යන්න ගිහින්...

අත මිටින් ගෙන
පඬුරු දුන් කොලයක්
ලොකු හිමියෝ ඒ දැයි
පුංචි මුව ඇස් කරකවා
හිනා උන මුවෙන්
අලුත් පැතුමක් අරන්

"සරෝජී අක්කේ..
මේකෙන් කාඩ් එකක් දා ගන්න.
ලොකු සාදු නැති වෙලාවට
මං තාප්පෙ උඩින් ගඩොලක් තියන්නම්
උඹ අරන් දියන් එකම එක ඇමතුමක්
මගේ අම්මාට.."

තුරුළු කොට බදන්
මා පුතු මෙන් උණුහුමින්
ඉඹින්නට හිතුනා
පව්කාරකම පැත්තක දමා
මාත් අම්මෙක් නිසා..

අම්මා නැති පුංචි පුතේ
දන් හැලියේන් බෙරි බත මැද
කඳුළු කැටද ඇනෙන්නේ
සන්සුන් මුව ඇසූ ගාතා
නැලවිලි ගී වගෙයිනේ
සසර මගින් එතරවන්න
පෙරුම් නොවෙයි පුරන්නේ
උඹේ දුකයි මගේ ඇසින්
කඳුලැල් වී වැටෙන්නේ…

"ලොකූ සාදු නැති දොහකදි
ගල තියන්න තාප්පේ උඩ
නුඹේ ඇමතුම අරගෙන මම
ඉන්නම් හොර තාප්පේ ලඟ.."

දුක කියපන් නුඹෙ අම්මට
බුදු හිමිටත් නෑ සෙන්නට
මං ඉන්නම් බුදු මැදුරේ
දොර අයිනේ
ලොකු හිමි ඒදැයි බලාන..

නිල් මානෙල් ඇස් ඇති
පුංචි හිමියනේ…

මතු බුදු වෙන දවසක නුඹ
ලොකු හිමිටත් හොරෙන් මෙමට
දුරකතනය දී පලයන්
කමා කරලා මං කල පව.…

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment