Monday, March 30, 2015

වහින්නට හැකි නම් (පවන 01)

වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොයිදෙන පැලක රහසින්

රැඳෙනට හැකි නම් ලමා කැල
හඬන දෙතොලඟ සිනාවක් වී
පිපෙන්නට හැකි නම් දුරින් දුර
නෙලා ගත හැකි වන මලක් වී

වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොයිදෙන පැලක රහසින්

නිදන්නට හැකි දෙනෙත් තුල
සැබෑ වෙන සුභ සිහිනයක් වී
ගැයෙන්නට හැකි නම් දොරෙන් දොර
ලොවම ඇහැරන ගීතයක් වී

වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොයිදෙන පැලක රහසින්

ගායනය - නන්දා මාලනියෝ.

ප්‍රේමය පිළිබඳ මිනිස්සුන්ට තියෙන්නේ හරි පටු පෞද්ගලික සන්කල්පනාවක්..
ප්‍රේමය මොන තරන් පොදුයි, ප්‍රේමය නම් මොන තරම් පලලයිද ගැඹුරුයිද

සංකෘතිකමය වශයෙන් බටහිරය සංකෘතියට වඩා සිය දහස් ගුණයකින් ඉදිරියට ආ සංස්කෘතියක් ආසියාවේ තිබුනද.. එහි අඩුව ප්‍රේමයි, එය හරිම පෞද්ගලික කුහක සකල්පනාවක් පමනක් වීමයි..

තරුණයෙක් වීත් විප්ලවීය සිතුවිලි නැතිනම් මනෝවිද්‍යාත්මක ගැටලුවක් යැයි ප්‍රබුද්ද  මිනිසෙකුගේ කතාවක් දැක ඇත.විප්ලවය කියූ සැනින් බොහෝ ශ්‍රී ලාංකීය තරුණ හිත් තුල මැවෙන්නේ ටයර් පුලුස්සන ගෝනි බිල්ලන් එන වෙඩිතියා ගන්නා රජය පෙරලා කැරලි කරුවන් බලයට එන පට්ට ආතල් හීනයකි..

ඒත් ඉන් එහාට...
ඊට පස්සේ මොකද වෙන්නේ ඔවුන්ට හීනයක් නැත.

සැබෑ විප්ලවවාදීන් සොයන්නේ යුක්තිය ය.. ඔවුන් සටන් වදින්නේ විමුක්තිය සොයා ය. ඔවුන් විමුක්ති සටන්කාමීන්‍ ය..
එය
රජය පෙරලන පට්ට ආතල් හීනයක් නොවේ දිගු ගමනකි.

නන්දාමාලනියෝ කියූ වා වගේ ඉදෙන්නට හැකි නම් බත නොඉදෙන පැලක ඉපදෙන්න තරම් පරාර්ථකාමි ප්‍රේමයකි..
හීනයකි,,

විමුක්තිය වෙනුවෙන් ලියවුන එතෙක් මෙතෙක් මා ඇසූ හොඳම ගීතය මෙයයි.

සටහන - රම්.

No comments:

Post a Comment