Tuesday, March 31, 2015

කහ ඉරක් උඩ හැපී මියදෙන ප්‍රේමය

කොළඹ හැන්දෑ අහස අහම්බෙන් මුණ එල්ල ගත්තේ හරියට ගෙදර එන මහත්තයට නෝක්කාඩු දාන ආදරණීය නෝනා කෙනෙක් වගේ.
බිංදුවෙන් බිංදුව කඩන් වැටුන වැහි බිංදු එකින් එක මඩ පාටට පොලවට දියවෙලා යන්නේ හරි අපූරු සිත්තමක් වගේ..
මන් සිත්තරෙක් උනා නම්,
උඹ තරම් සොදුරු සිත්තමක් තවත් නැති තරම්..
මහා හුස්මක් අහසට පිම්බේ අහසට වදින්න නෙමෙයි.
උඹ උන්න හිතේ හුස්මකටව ඉඩ නැති බව නාස් පුඩු වලටත් පසක් කර දෙන්න.

උඹ මේ අකුරක් වත් දන්නව නම්.
සහතිකයි උඹව වෙව්ලාවි,
කඳුළු පනීවි උඹටත් හොරාටම,
මම උඹ අඬනව දකින්න ආස එකම දවස උඹට මගේ ආදරේ දැනෙන දවස විතරයි..



තව වැඩි වෙලාවක් යන්න කලියෙන් කළුවර දවස ගිල ගෙන හඳ මුදුන් වේවි.
දවස ඉවර වේවි.

මන් බයයි හෙටට,
නෑ මම බය හෙටට නෙමෙයි..
හෙට ගැන මම කලින් නොදන්නකමට..

අද උඹ හිටියා.
කතා කලා,
හීන මැව්වා..
කාලේ කෑවා..
හුස්ම ගත්තා...
හිනා උනා...

හෙට...

මම හෙට ගැන දන්නේ නෑ..

මම ආදරෙයි අද දවසට.
උඹ අද මගේ හීනේ මට ඕන විදියට
මම ආස ගෑනි විදියට ජීවත් උනා..

කියලා ඉවර කරන ආදරේට වඩා
හිතේ තියන් විඳින,
විඳවන ආදරේ පට්ට රහයි…

උඹේ තරු ඇස් කවදා හරි මාව මරවයි.


R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment