ඇසිල්ලකින් සිත සිතුවමක් අඳියි,
ඇසුරු සැනකින් මකා ගනියි..
මම රාවණා වෙමි.
කෙදිනකවත් සීතාට පෙම් නොකරමි.
නමුදු,
නුඹේ සෞම්‍ය බොල් පිණි වැස්සෙන්
මහා කළු ගල් මයි හිත දියවී ගොසිනි..
හෙට රාම ඒවි.
නුඹව ජම්බුද්ද්වීපයට ගෙනයාවි.
නොමැරුනොත් මාත් හෙට ඉඳීවි.
නුඹේ මතකය මගේ විජිතය පුරා සක්මන් කරාවි..
R é D R ü M
M ü R D è R
No comments:
Post a Comment