_______________________
කිලෝ එකට අටසීයක් කිරා - දෙන
ඉවත බැලූ සැනින් කුණුවුන බඩු - දමන
අසරණ මිනිසුන්ගේ සේසතටම - විදින
ණයට දෙතොත් දිනයත් බිලටම - ලියන
ඉවත බැලූ සැනින් කුණුවුන බඩු - දමන
අසරණ මිනිසුන්ගේ සේසතටම - විදින
ණයට දෙතොත් දිනයත් බිලටම - ලියන
රුපියලටත් පොඩි දරැවන් යට - කරන
බසයෙන් බනින විට කුණු වදනින් - බනින
ඉතිරි සල්ලි මැරුවටවත් යලි - නොදෙන
සෙනඟ නොමැති නම් වරුවක් හරි - කොටන
බසයෙන් බනින විට කුණු වදනින් - බනින
ඉතිරි සල්ලි මැරුවටවත් යලි - නොදෙන
සෙනඟ නොමැති නම් වරුවක් හරි - කොටන
ආත්මයට ලිපිකරු පුටුවට - නො එන
කීයක් හරි දෙතොත් විතරක් වැඩ - කරන
ඩියුටි වෙලාවේ බිස්නස් වල - දුවන
නොවරදවාම හවසට ඕ.ටී - කරන
කීයක් හරි දෙතොත් විතරක් වැඩ - කරන
ඩියුටි වෙලාවේ බිස්නස් වල - දුවන
නොවරදවාම හවසට ඕ.ටී - කරන
මේකප් වලට පලවෙනි පැය ගත - කරන
සියොලඟ පේන ලෙස සාරිය සකස - ගෙන
නොවී විඩා ලොක්කගේ සරතැස - නිවන
වැඩකට කෙනෙක් ආ කල ගෑස් - පෙන්නන
සියොලඟ පේන ලෙස සාරිය සකස - ගෙන
නොවී විඩා ලොක්කගේ සරතැස - නිවන
වැඩකට කෙනෙක් ආ කල ගෑස් - පෙන්නන
පාසැල් ඇරෙන තුරු ටියුෂන් ගැන - හිතන
අධ්‍යාපනයේ වටිනාකම නැති - කරන
වෙන දරුවන් සූරා කෑමෙන් - හැදුන
එම මුදලින් තම දරුවන් රට - යවන
අධ්‍යාපනයේ වටිනාකම නැති - කරන
වෙන දරුවන් සූරා කෑමෙන් - හැදුන
එම මුදලින් තම දරුවන් රට - යවන
නිල රථයෙන් පවුලේ වැඩ ටික - කරන
ප්‍රයිවට් සෙකට්ට්‍රිව නිති සුරත්ල් - කරන
වැඩ බැරි නිසා ඇමතිගේ දෙපතුල - ලෙවන
කොමිස් මුදල් තනතුරු හීනෙන් - දකින
ප්‍රයිවට් සෙකට්ට්‍රිව නිති සුරත්ල් - කරන
වැඩ බැරි නිසා ඇමතිගේ දෙපතුල - ලෙවන
කොමිස් මුදල් තනතුරු හීනෙන් - දකින
නිකමට නැගිට්ටත් දාහක් නම් - කපන
ඕනෑ කමින් නඩු සේරම දික් - ගහන
අසරණයගේ ඉහමොල ටිකටත් - විදින
හැරමිටියකට වැටුනත් පැන්ෂන් - නොයන
ඕනෑ කමින් නඩු සේරම දික් - ගහන
අසරණයගේ ඉහමොල ටිකටත් - විදින
හැරමිටියකට වැටුනත් පැන්ෂන් - නොයන
මහජනයා රැකුමට ගිවිසා - සිටින
වැරදි නොමැති අයගෙත් ඉල ඇට - කඩන
මුදල් දෙතොත් නීතිය බල්ලට - දමන
අසරණ මිනිසුන්ට නම් හයියෙන් - බුරන
වැරදි නොමැති අයගෙත් ඉල ඇට - කඩන
මුදල් දෙතොත් නීතිය බල්ලට - දමන
අසරණ මිනිසුන්ට නම් හයියෙන් - බුරන
බුදු හිමියන්ගේ නිර්මල රුවත් - විකුණන
පදික වේදිකාවේ බිම - අතුරගෙන
එහෙම නැතොත් හකුළා ඉනේ - ගහගෙන
මුදලාලිලා සිටිනා රටට නැහැනේ - හෙණ
පදික වේදිකාවේ බිම - අතුරගෙන
එහෙම නැතොත් හකුළා ඉනේ - ගහගෙන
මුදලාලිලා සිටිනා රටට නැහැනේ - හෙණ
ලක්ෂ ගණන් වටිනා සිවුරුම - අඳින
රුපියල් තිස්දාහ අරන් බණ - කියන
දානේට ඇවැසි දේ කල් ඇතිවම - කියන
උපාසිකාවන් අරගෙන නිවන් - යන
රුපියල් තිස්දාහ අරන් බණ - කියන
දානේට ඇවැසි දේ කල් ඇතිවම - කියන
උපාසිකාවන් අරගෙන නිවන් - යන
අධ්‍යාපනය නිදහස් ක්‍රමයට - ලැබුණ
රටේ දිලිඳු අයගේ බද්දෙන් - ඉගෙන
ඉංජිනේරු දොස්තරකම ලැබුණ - දින
පරම්පරාවම අරගෙන රට - පනින
රටේ දිලිඳු අයගේ බද්දෙන් - ඉගෙන
ඉංජිනේරු දොස්තරකම ලැබුණ - දින
පරම්පරාවම අරගෙන රට - පනින
ඩිජිටල් කරලා සංගීතය කා - දමන
ආදරයට රාගය කලතා - ලියන
හෙළුවැල්ල එලියේ දමා පොටෝ - ගහන
මෙවන් කලාවක් ලෝකයේ වෙන - කොහෙද
ආදරයට රාගය කලතා - ලියන
හෙළුවැල්ල එලියේ දමා පොටෝ - ගහන
මෙවන් කලාවක් ලෝකයේ වෙන - කොහෙද
R é D R ü M
M ü R D è R
(දන්න කියන ගොඩක් අය ගැන ලීවා.අඩුවක් පාඩුවක් මදියක් හිත රිදුමක් උනානම් කාගේ හරි සමාවෙලා නොකියවුන හොරු තව ඉන්නවනම් මේකට එකතු කරන්න)
Posted via Blogaway
No comments:
Post a Comment