Tuesday, May 13, 2014

මම සහ මම






සල්ලාලකමට හිත නැවතුනා නුඹ ලඟ
පෙම්වන්තකම් කොහින් ආව දැයි නොදනී තවමට
සල්ලාලකමට නොව පෙම් කලා ඇති වෙන්න
ජිවිතය පුරාවට මතකයට ගුලි වෙන්න
හිතින් වැටෙන කඳුළු වල හඬ
නෑහුනා සේ ඉන්න නුඹ හට
වැටහෙන්නේ කවදාද
දරදණ්ඬු පිරිමි හිතක
ගල් වෙන කඳුලු වල ඝණකම
පපුවක් ඇතත් සුරඟනුන්ට
හිතක් නැති බව හරිට
වැටහුනේ පමාවී
මම මාව හැරගිය දාය..

No comments:

Post a Comment