________________________________
කෙන්දෙන් කෙන්ද අමුණලා
සුදු පිරුවටක් ගොතාලා
හීනයක් කියා නම තබාලා
අන්ඳන්න සිතූවා
සත්තකයි මතක නෑ නුඹට
හෝදලා වැලේ දමාලා
වේලෙන හැඩ බලාලා
මහන්සියට දන්නෙම නෑ
ඇස් පිය උනා
මොහොතකට..
වල් බල්ලෙක් ඇවිල්ලා
පිරුවටේ කොනකින් ඇදලා
ඈතට දුවාලා
නොපෙනෙන ඉමක..
පිරුවටේ මඩ ගෑවිලා
ඉරිලා පොඩි වෙලා
නුඹ එක්ක ගිය පවට
බල්ලෝ..,
ආයෙත් වල්කමේ යනදාට
වල්කමේ ආ පිරුවට
ගිනි තියල පලයන්
බල්ලො රෙදි නොඅදින
හන්දා..
R é D R ü M
M ü R D è R
No comments:
Post a Comment