මා බොහෝ මගේ ජීවිතයට ආල වෙමි.මන්ද ඒ ජීවිතය මගේ නිසාම නොව,ඉන් අඩක් නුඹ ලියා දුන් නිසාය.තව දුරටත් ජීවිතය පිළිබඳ අලුතින් සිතීමට හේතුන් ඇත් දැයි මා නොදනී.නමුත් මා ජීවත් විය යුතුය.දැන් මාගේ ජීවිතයේ තිබෙන්නා වූ අයහපත්ම දෙය මා තව දුරටත් ආශ්වාස ප්‍රශ්වාස කිරීමයි..නුඹේ හෘද සාක්ෂියේ නිදහස පතා නුඹේ වාසියට මට යහපත් ජීවිතයක් පතන බව දනිමි..මේ නුඹ මට ජීවිතයේ ලියාදුන් අවසන් පරිච්ඡෙදයයි.තව දුරටත් ලිවීමට දැනුමක් හෝ වුමනාවක් නැත..නුඹ මාගේ ජිවිතයේ වසන්තය,ගිම්හානය හෝ ශීත සෘතුව නොවේ..කලින් කලට සෘතූන් මාරු වන ජීවිතයයි නුඹ මගේ..මා ජිවත්විය යුතුය.මේ මා නුඹෙන් ඉල්ලූ ජිවිතය නොව.නුඹ මට ලියා දුන් ජීවිතයයි..
No comments:
Post a Comment