Wednesday, May 14, 2014

359°

මගේ හිත මලක් නොවීම ගැන මහා පසුතැවිල්ලක් මා හට ඇත.මගේ අවාසනාවට එය ගලක් විය.එහි කෙටූ රූපය නොමැකෙයි.මෙ ලොව සියලු දෑයින්ගේ වෙනස් වීමේ රාමුව 359° කි.ඉන් ඔබ්බට එක අංශකයක් හෝ වෙනස් වූ පසු නැවත පටන් ගත් තැනමය.නමුත් නුඹ වෙනුවෙන් හිත ඉවසන අවසන් අංශකයේ කලා ඉවර වන්නේ කවද්ද යන්න ගැටළුවකි..
කොටු පවුර වහේ ඝණකම වුවද එය හිතකි.
හේතුවක් නැතිව දෙවියන්ටවත් ඔලුව නොනමන මට මේ තරම් ඉවසිය හැකිවෙතැයි හීනෙකින් වත් නොසිතුවෙමි.නමුත් මෙය උපරිමය නොවිය යුතූය.
මේ ගෙවෙන තප්පරයේත් නුඹ ඔහු ලඟින් හිඳ උනුහුමට ගුලිවී රාමදාන් සඳ බලනවා ඇති.
නමුත් පුරුදු විදියට අදත් වැරදිකරු මාය..
නහයට උඩින් අඟලක් ගිය වතුර ඔළුවට උඩින් අඩියක් ගියත් වෙනසක් නැත.

අතීතය අමතක කල යුතූයි..නුඹට එය පහසුය.නුඹට වර්තමානයක් හා අනාගතයක් ඇත..ආදර කිරීමට හා ලැබීමට මූල බීජ ඇත..නමුත් වර්තමානයක් හෝ අනාගතයක් නැති මට ඉතිරි මතකයන් පිරුනු අතීතයක් පමනි...ඒ අතීතයෙන් අඟලක් හෝ නුබට නොදෙමි..මට තනි අයිතිකරු වීමට නුඹ එය අමතක කිරීමම හොඳය.

No comments:

Post a Comment