ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රක සමාජවාදී ජනරජයේ,
අති පූජනීය දේශපාලනය ගැන කතා කිරීම අපගේ කාර්‍ය්‍ය නොවේ.
උද්ඝෝෂනයක් යනු,
බලය අල්ලා ගැනීමේ අදහසින් හෝ ආණ්ඩුව පෙරලීමේ අදහසින් තොරව සමාජ අසාධාරණයක් වෙනුවෙන් නඟන හඬකි.
එහෙව් සමාජ ශබ්දයකට පහරදීම ප්‍රජාතන්ත්‍රවාදය ද..?
ප්‍රශ්නාර්තයකි..
ප්‍රජාතන්ත්‍රවාදය මිනිසුන් දහස් ගණනකගේ ලේ සෙලවීමෙන්,කැපවීමෙන් ලබාගත්තකි.
මාවෝ සේතුන්,ලෙනින්,කස්ත්‍රෝ,වීරපුරන් අප්පුලා,ඇස්. මහිංද හිමිලා,මද්දුම බණ්ඩාරලාගේ ජීවිත කැප කිරීමෙන් ලබා ගත්තකි.
ප්‍රජාතන්ත්‍රවාදය,
."පීනික්ස්(Phoenix)"
පක්ෂියා වැනිය..
පීනික්ස් පක්ෂියා අළු මතින් නැගිට ගිනි ගෙන දැවී මිය යයි.
නැවත ඔහු බිහිවන්නේ අළු වලිනි.
ප්‍රජාතත්‍රවාදය,
"ලේ"
මතින් නැගිට, ලේ වලින්ම නැසී යයි..
එය නැවත ස්ථාපනය කිරීමට ලේ සෙලවිය යුතූම වේ.
එහෙයින්, වඩා වටිනුයේ
අළු මතින් නැගිටුනු පීනික්ස් පක්ෂියා රැක ගැනීමයි.
මන්ද..මොහු මිය ගිය හොත් නැවත නැගිටිය යුතූ වනුයේද අළු මතින්ම වේ....
R é D R ü M
No comments:
Post a Comment