Wednesday, May 14, 2014

ගුත්තිල - මූසිල

අවීචියේ දොරවල් ඇරිලා
නව ලෝකෙට මූසිල වැඩලා
මුහුණත් මැලවී - දෑසත් පැරදී
හිස පැලිලා රුධිරය ගලලා

සමතැන ඉල්ලූ අමන කමින්
ලද්දේ මොනවාදෝ රජුගෙන්
මූසිල ඇවිදියි - කඳුලැලි හල හල
උඩ දැමුමට ගුලි බිම සොයමින්

උඩ සිට පන්සීයක් ඇවිදීන්
අදටත් රඟ දෙති බිම සුරඹුන්
උඩ දැමුමට ගුලි අතයට දෙයිනම්
තත් කැඩුනත් වසතැකි යහතින්

RéDRüM

ඡායාරූප අයිතිය : Lakshan Hirumal

No comments:

Post a Comment