අකුරැස්ස ඉඳන් මාතරට යන බස් එකට අපි දෙන්න ( [Indrachan] , mama ) ඉස්සරහ දොරෙන් ගොඩ උනේ ආසිරි හෝල්ට් එකෙන්..
බස් එක කොට කොට ඇවිත් බොධිය ගාව නැවත්තුව.
ඉස්සර දොරෙන් a/l පන්තියක නංගි පැටියෙක් සල්ලි නොදී හොරා වගේ බහින්න යනකොට කොන්දොස්තර සහයක අයිය(වයස 55 විතර අයියෙක්) කෑ ගැහුව රුපියල් 10 න් රීලෝඩ් දාන් නෑ සල්ලි දීල යන්න කියල.කෙල්ල ලැජ්ජාවෙන් ඇඹරිල සල්ලි දීල ගියා.
25යි තව 3 යි අඩු මගේ ගානට, අයිය ඩ්‍රයිවර් මහත්තයත් එක්ක කතාවට වැටුන.
කට වහන් ඉන්න බැරි කමට අපිත් කතාවට හොට දැම්ම..
පරන ගානට තිබ්බනම් අයියගේ ගාන ශේප් නේද.මුන් ඒකත් වැඩි කරානේ දැන් තා රුපියල් තුනක් එපැයි. එහෙම කියල මම කතාවට හොට දැම්ම.
මල්ලි 88,89 කාලේ අපි රුපියල් 2.75 සිගරට් එක රු25 ට බීව.ඒකාලෙත් එහෙම බීපු අපිට ඔය රුපියල් තුන ගානක් නෙමෙයි.උබලට තමා අවුල.. බුලත් කහ බැඳුනු දත් ටික විලිස්සා මා දිහාවට අව්‍යාජ හිනාවක් දැන්ම..
බස් එක ස්ටෑන්ඩ් එක ඉස්සරහ විය..කහ ඉර ලඟින් සිගරට් එකක් බොන්න විජයගිරියට යන්න
එහෙනම් ලොක්කා අපි යන්නම් කියා අයියගෙ පිටට තට්ටුවක් දාල අපි දෙන්න පැන ගත්ත..
යථ්ාර්තය අපි දෙගොල්ලන්නටම ඒ රුපියල් තුනේ අගේ දැනෙයි.මොකද අපිට පිනට සිගරට් ලැබෙන්නෙවත් පලමු වන පන්තියේ රදලයන් වත් නොවේ..ඒත් නැවැත්වීමට සූදානමක් නැත.ඒ අපේ හැටි. අඩුවූයේ සිගරයට් බීමද, ගෙදර ගෙනියන්න තිබූ රුපියල් තුනද.එතකොට ඒ තුනට මොකද උනේ??????
No comments:
Post a Comment