" මළවුන්ගේ අවුරුදු දා
තමයි මගේ අන්තිම දා
අවුරුදා ගෙවී යත්ම
මම මෙතනින් නික් මෙනවා
ඉක්මනින්ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවත එන්නට ආ හැකි
මළගිය ඇත්‍තන් කැටුවම
මම මැරුණයි කියල කවුද
ඔය හැටි දුක් වෙන්න ඉන්නෙ
පිටි පස්සෙ කඳු ගැටයේ
රැහැයියො නම් ඔහෙ අඬාවි
මගේ හුස්ම ගිය දාකට
පාර අයිනේ වල දමාවි
යන එන අය සොහොන උඩට
මලක් විසි කරල යාවි
මොන මලක්ද විසි කරන්නෙ
සුබකි මලක් විසි කරන්නේ
කවුද දිය බිඳක් ඉහින්නේ
අහසෙ දෙවියො දිය ඉහින්නෙ "
මළවුන්ගේ අවුරුදුදා - එදිරිවීර සරච්චන්ද..
No comments:
Post a Comment