Friday, May 23, 2014

උඹලා හරි අපූරු - මිනිස්සු කැම්පස් කොල්ලෝ

උඹලා හරි අපූරු මිනිස්සු
කැම්පස් කොල්ලෝ
බඩගෝස්තරේට නෙමෙයි
ලියනවා ලොක්කට
පැම්පස් ඇඳන් යන්නම
ඒත් බන් සමාජය හෙන විසයි
තනියෙන් ඉන්නකොට
ජීවිතේ හරි බරයි
හම්බවෙ සම්බුව
පූට්ටු වෙන්න ඇට දෙකම
ලොක්කා හෙන වසයි බන්

දන්නවා තොපිට තියන බව
ඌරෙක්ට වගේ බඩක්
ඔටුවෙක්ට වගේ පිටක්
සිංහයෙක්ට වගේ හිතක්
ඒත් බන් පරිසමට
අම්මා බලන් ඉන්නවා නේද ගෙදර

උඹලා ගුටි කෑවට
ඔලමොට්ටලයො ඉන්න රටක
දුවනවා බන් විප්ලවේ
පස්සේ දොර ඇරන්
මුන් එක්ක කරාම
බොරු නම් අහාපන්
කලින් කල උන් ගෙන්ම
ආදරේටයි කියන්නේ බන්

බැරිම නම් තොපිට අහන්න
වැලිකඩ - මහර
බෝගම්බර - කළුතර
ඒත් මදි නම් වැල්ලවාය
තියනවා තොපි වෙනුවෙන්ම
ලොක්කා දොර ඇරලම

ජ'පුර - පේරදෙණි
කැළණි - කොළඹ
රජ රට - රුහුණ
ඔය මොකෙන් ආවත්
තනියම නෙමෙයි
එකෙක් දෙන්නෙක් හරි
ඒවි තොපි එක්ක

ලොක්කට පුළුවන් නම්
සරසවිය සිපිරිගෙය කරන්නට
කරලා බලාපන් උඹලා
සිපිරි ගෙය සරසවිය
ඔය මොන සිර ගෙයත්
අරගලය ගැන පාඩම් කියලා දෙන
සරසවියක් බව
ලොක්කා දන්නේ නෑ තාම

R é D R ü M

M ü R D  è R

(ඡායාරූපය අන්තර්ජංජාලයෙන් ලබා ගත් එකකි)

2 comments:

  1. ඔය මොන සිර ගෙයත්
    අරගලය ගැන පාඩම් කියලා දෙන
    සරසවියක් බව
    ලොක්කා දන්නේ නෑ තාම

    ReplyDelete
  2. සරසවියෙ එවුන් පලකයන්ට ගහපු කනෙ පාරවල් අපෙ මිනිසුන්ගෙ හොදට හිටියා ගොඩක් වෙලාට.... පට්ට ටොක

    ReplyDelete