Thursday, May 15, 2014

ආදරණීය මධු බඳුන



ඔයා දන්නව ඩා මම ගහ කොල මල් වලට වඩා හොදටම දන්නේ අරක්කු ගැන.අරක්කු වීදුරු වකට වඩා ඔයාට සමාන කරන්න තවත් හොඳ දෙයක් මම දන්නෑ.
කොච්චර තිත්ත උනත් පලවෙනි උගුර බීවම දෙවෙනි උගුර බොන්න දෙපාරක් හිතන් නෑ.
හරියට මුල් දවස්වල ඔයාගෙ ලොකුකම් බල බල පස්සෙන් ආව වගේ මම.
තුන්වෙනි හතරවෙනි උගුරු හරි ප්‍රේමණීයයි..ටිකෙන් ටික මත් වෙන්න පටන් ගන්නව.
හරියට වහෙන් හොරෝ හැමදේම කියා ගත්ත අපේ ආදරේ මුල් කාලෙ වගේ.
පස්වෙනි හයවෙනි වීදුරු එනකොට හොඳ ගානට පදම් වෙලා..
හරියට අපි මුකුත් නොකියම ජීවිතේ හැමදේම කියා ගත්තා වගේ..
හත්වෙනි විදුරුව කිට්ටු වෙනකොට යන ගුඩුස් එක
හරියට ආදරේ වැඩ් කමට සතියකට සැරක් නුඹ අල්ලන සන්ඩුවක් වගේ.පුදුම හුරතල් නපුරු කමින් පිරිච්ච..
බෝතලේ ඉවර වෙනකොට හිතනව හෙටනම් බොන් නෑ කියලා.
ඒත් අරක්කුත් නුඹ වගෙම හිතුවක්කාරයි..
එපා වෙන් නැති මත් බවක් ඒක..
දවසින් දවස ඇබ්බැහි වීමක් ඇරෙන්න කොනක් පටක් පේන තෙක් මානෙක නෑ.
කොයිතරම් එපා උනත් හරියට නුඹ වගේම නැතිව බෑ.
දන්නවද ඩා ඔය දෙන්නගේ තියන වෙනස...
අරක්කු වල මත් ගතිය හිඳුනම ආයෙම බොනකම් ඉන්න ඕනි මත් වෙන්න.ඒත් නුඹෙ මත්ගතිය ජීවිතේට ආපු දා පටන් තවම හිඳුන් නෑ.
ජිවිතේට ආපු දා පටන් දුකට සැපට තනිකමට අරක්කු මා ලග උන්නා.
නුබත් ජිවිතේට ආ දා පටන් හැමදේටම මා ලඟ උන්නා.
ඒත් නුඹ මාව ඇතෑරිය.ඒත් අද ටත් අරක්කු මව ඇතෑරියෙ නෑ..
මේ හැමදේම නොදන්නවා වගේ උන්නට මටත් වඩා හොඳටම දන්නේ ඔයයි ඩා..
වැදගත්ම දේ දන්නවද ඩා..
අංශුවක් නෑරම ඔය දෙන්නම මගේ ලේ වලට දිය උනා ඩා..
අංශුවක්වත් ආයෙම අයින් කරන්න බැරි තරමටම...
දවසක මරලා දානවා..



ආදරණීය මධු බඳුන
__________________

බිදෙන් බින්ඳ පිරී ඉතිරී යන මධු බඳුන නුඹ,
හිත පුරා ඇදෙන තනිකමට බෙහෙත් දෙන..
ටිකෙන් ටික ලෙවලට දිය වෙන මීවිතයි නුඹ
ආදරේ මෙන් නැතත් ඝණකමට සීරුවට..
වාරු නැති මයි හිතට නුඹයි දැන් අත්වාරුව
නුඹට මෙන් ආදරේ නෑ මම කාටත්ම..

1 comment:

  1. :D "දවසක මරලා දානවා.. " මේ වචන ටික ඔයා තවත් කවියක දාලා තිබුණා මතකයි‍. ඇයි දන්නේ නෑ. ඒ වචන ටිකට මම මාර ආසයි..අහන කොට මැරෙන්න හිතෙනවා. ;)

    ReplyDelete