Saturday, May 24, 2014

ගාර්මන්ට් පතිවත,




____________

ඉදිකටුවේ තුඩ ඇනිලා මිරිකා බැලුවා ගලන්න ලේ නෑ
නූල් කොනක් නෙත් වැදිලා නෙත් දෙක මිරිකා බැලුවා කඳුලු බිඳක් නෑ
මම එනතුරු බලන් ඉඳලා හනස්ස හොඳටම නිවිලා ගිණි පුපුරක් නෑ
අප්පච්චිගේ තොල් පැලිලා ජීවන කූඩුව දිරලා පිණි බිඳුවක් නෑ
රකුසන්ගෙන් මා රැකලා ඔබ ඉන්නා බව දැනිලා මට තනියක් නෑ..

හදවත නැති මිනිසුන්නේ දවස පුරා ලේ බොන්නේ කිසිම් තෙතක් නෑ
සංගුව දැන් නද දෙන්නේ පිසාචයන් වටවෙන්නේ කිසි අඩුවක් නෑ
අප්පච්චියේ පලයන්නේ රැකියාවට බිලිදුන්නේ රැකුම් වැඩක් නෑ..

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment