Friday, May 16, 2014

අලුත් මනමාලි


___________________

නුහුරු නිසයි රන් මිරිවැඩි පා පැටලී - ගියේ
රවනු එපා පුතුනුවනේ ඔබෙ මංගල - දිනේ
ඔසරි පොටේ එල්ලීගෙන ඔබ දිව ආ - දිනේ
පය පැටලී වැටෙනු බලා අත දී - සිනසුනේ

දිස්නේ ඔබේ කුමරියගේ ඇස් දෙක යයි - කඩා
නොවැන්දාට තරහක් නෑ ඈ අත් දෙක - හදා
කණ්ණාඩිය වැනි පොලවේ මගේ රුව බොඳ - වෙලා
පා ලිස්සයි එලියට වී හිටියොත් මට - හොඳා

අප්පච්චී ගොළුවීලා නෙත් දෙක ඇත - අයා
කුමාරවරු දොඩන වඳන් තේරෙන් නැති - නිසා
කඳුළු මොකද ඇහුවා මං මුවටම කන - තියා
ගෑරුප්පුව පපුවේ ඇනී ලේ ගලනා - නිසා

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

No comments:

Post a Comment