Friday, May 16, 2014

තනිකම


_____________

තැනින් තැන සෙනඟ මඟ ඇරුනු වැහි වළාකුළු කීපයක් ඇරුනකොට බලන්න තරම් වැදගත් කිසිවක් අද අහසේ නෑ..ඒත් පුරුදු විදියට සිගරට් එකක් පත්තු කරන් අහස බලන්න බැම්ම උඩින් වාඩි උනා..අද මම එන්නත් කලින් ඉර මලගම් ගිහින්..ඒ වෙනුවට මාසේ පලවනි හඳ පලුව පායලා..මම එන්න කලින් මැරුනු ඉර ගැන දුක් වෙන්නද කලින් පායපු හඳ ගැන සතුටු වෙන්නද හිතන්න තරම් වත්  හිතේ අද එකලාසයක් නෑ..

මඟ ඇරුණු වැහිවළා ටිකෙන් ටික එක්තැන් වෙනවා..උන්ට උන්ගේ සහෝදරයා හම්බෙනවා..ඒ සතුටට වගේ උන්ගේ දිශාංකයේ ගමන් මග වේගවත් කරනවා..මුන් මේ කැරලි ගහන්නේ අළුත් ‍යුද්දෙකටද නැති නම්..................

මා ගැන වත්  හරි හැටි අව්බෝද‍යක් නැති හිත පන්ඩිතකමට පන නැති වළාකුලු ගැන හිතනවා.මූටත් පිස්සු.

මහා සංහාරයක් ඉවර කොට යන වීරයෝ වගේ කුරුළුසේනා තමන්ගේ උන් හොයා ගෙන පියාඹිනවා..

දැන් නැත්නම් තව ටිකකින් වැස්සොත්  හොඳයි..
අද නොවැම්බර් 05 වෙනිදා.මට ජීවිතේ වටිනම දේවල් ලැබුනෙත් වටිනම දේවල් ලැබුනෙත් අද වගේ දවසක..දෙවියෝ පුරුද්දට වගේ අදත් මගේ ජීවිතේ විශේෂ දෙයක් කලා..ඒ ගැනත් දුක්විය යුතුද සතුටු විය යුතුද අදත් මට නිනව්වක් නැහැ..

ජීවිතේ තව මොනවද මහ ලොකු දේවල් ගොඩක් ඉල්ලනවා..
ජීවිතේ මහ හිස්තැනක්..
තේරුමක් නැති උඩක් පලලක් නැ‍ති වැදගම්මකට නැති ලියමනක් මේක..

තොල පිච්චෙනකොටයි මතක් වුනේ සිගරුටුව නිවී ඇති බව..මට අදින් ජීවිතේ තවත් අළුත් අවුරුද්දක් පටන් ගන්නවා. ඉක්මනින් වැස්සොත්  හොඳයි.. මේ තනිකම හේදිලා යන්න අළුත් අවුරුද්දෙවත්..

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

No comments:

Post a Comment