Thursday, May 15, 2014

පුංචි සිල් ඇත්තා



පුංචි පුංචි සිල් ඇත්තා - රෝස දෙතොල් බිඳ ගත්තා
නිල් මානෙල් දෙනෙත් පුරා - මුතු ඇට පිරුනා
පාට පාට යානවල - වැඩම කරපු සිල් ඇත්තෝ
වළඳන දන් සුවඳ දැනී - හුස්ම හිර උනා

මොන්ටිසෝරි ඉස්කෝලේ - සිල් ගන්නා දින එනකම්
අපේ පුංචි සිල් ඇත්තා - දින ගනන් කලා
අට සිල් ගත් පුංචි හිතේ - භාවනාව ඈත ගිහින්
හිම කිරණක් අතට අරන් - පෙර පිං ඇත්තන්
අම්මා ලඟට තුරුල් වෙලා - ඒක වලඳනා

පෙර බුදුවරු බණ කීවෙ - කුසගිනි නිවුනට පසුවලු
අත්තම්මා කියන කතා - හිතේ දැවටුනා
අපේ කාලෙ සෝපාකල - සිල් ගත්තත් පව් සිදුවෙයි
යාන්තමට බණ දන්නා - හිතට වැටහුනා
මොන්ටිසෝරි ගුරුතූමියනි - ගන්න එපා කිසි තරහක්
සල්ලි නැතිව සිල් ගන්නට - බැරි බව දැණුනා..




(දින පොතේ පරන පිටුවක්)




R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment