Saturday, May 24, 2014

කිරි නැති තනේ




_________________________


අන්ඬන විට ඉල්ලා තනේ කිරි
නෑ පුතේ දැනුනේ හදේ ගිනි
බඩේ ගිනි දැවුනා ඊට වැඩි
ඒ නිසයි වැද්දේ නිදි නොදී කිරි..

අඟුල් මල් පිල උඩ වැතිර නිදි
අඟුල් මල් පිරිත කීමට කෙනෙක් නැති
රැයක නුඹ ආව නොකී බැරි
පුවත කිවා අඟුල් ඇස් රතුවිනි..

කුස ගින්න නුඹට මෙන් මටද ඇති
මගේ බඩ පිරුනොත් නුඹට කිරි
වල්කමේ ගිහින් එනකොට පවක් නැති
ඉතිරී වී තිබ්බොත් දෙන්නම් නුඹට කිරි..

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment