Thursday, May 15, 2014

වාසනාවන්ත සිගරට් කොටය සහ අවාසනාවන්ත මම






__________

මා නුඹ රස කර උරන්නට පටන් ගතිමි
සිනිඳුවට නුඹව අල්ලා හිතේ හැටියට ඉරුවෙමි
අළු සුළඟේ යා යැයි බියට පරිස්සමට බඳුනට කැඩුවෙමි.
නුඹෙ කහට පැල්ලම් මතු පිට තොල්වල සහ පපුවේ තැන්පත් වුනි
අවසානයේ නුඹව බිමදා පාගා එක්වර අවසන් ගමන් යැව්වෙමි.

ඇය රසකොට මා ඉරීමට පටන් ගත්තීය.
ඇය කෙදිනකවත් මාව අල්ලා නැත
මාගේ ශේෂයන් පිළිබඳ ඇයට තැකීමක් නැත.
සුළඟේ ගියත් නොගියත් ඇයට කාරි නැත
අවසානයේ වුවද ඇය මා පාගා මරා නොදමයි.
තවමත් ඇය මා පිච්චී අළුවෙන හැටි බලාසිටී.

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment