Friday, May 16, 2014

ප්‍රේමය නම් කිමැයි..


උදේ පුකට ඉර පායපු වෙලේ ඉඳන් දුවපු පිම්ම  දැන් තමා හති දාන්නේ. තව ටිකකින් ‍රෑ වැඩ මුරය පටන් ගනීවි.එතකම් හුලං පාරක් වදින්න වහලක් නැති උඩ තට්ටුවට ආව.  සිගරට් එකේ දුම අස්සෙන් ස්ටෑන්ඩ් එකේ කොනක හේත්තු වෙලා ඉන්න ජෝඩුවක් පේනව..මිනිස්සු හැමෝම තම තමන්ගේ ලෝක වල. තමන් ගේ ආදරණීය බිරිඳ බලන්න හනි හනියේ දුවන මිනිස්සු කීයක්නම් මෙතන ඇත්ද. මිනිහෙක් දිහා අපිටත් බලන්න ලැබෙන්නේ මෙහෙමත් වෙලාවක තමයි.

ජීවිතේ කියන්නේ මහ පුදුම රේස් එකක්.හැමෝම බලන් ඉන්නේ දිනන එකටත් වඩා ඊළඟට වැටෙන්නේ මොකාද කියලා.
හුස්මක් කටක් ගන්න ඉඩක් නැති මේ රේස් එක ඇතුලේ "ප්‍රේමය" කියන්නේ අතලොස්සක් පමන විඳින බහුතරට විඳින්න වෙලාවක් නැති රික්තයක්..
‍ රිකතයක් කීවේ ප්‍රේමය තුල ප්‍රේමය හැරුන විට වෙන කිසිම දෙයක් නෑ..

මෙලොව වැඩිම පිරිසක් අර්ථකතනය කර ඇති පලමු වචනය ප්‍රේමයයි..
පරන කතාවල සින්දුවල හොර ලියුම් වල ඉස්සර ප්‍රේමය ගබඩා කර තැබීමට පෙම්වතුන් පුරුදු විය..
මේ 2013 ය..ප්‍රේමයද දැන් නවීකරණය වී ඇති.. ප්‍රේමය දැන් inbox එකට chatbox එකට web cam එකට එතත් නැත්නම් room එකකින් හොයා ගන්න තරම් පහසු භාණ්ඩයක් වී ඇත.

සංසර්ගය යන්න ඉස්සර නම් කසාදයක් බඳිනකම් හීන‍යක් වැනිය, ඒත් දැන් ජීවිතයට දැකපු නැති ගැහැනියක් අතින්වත් අල්ලන් නැතිව කිරීමට තරම් දියුණු වී ඇත..
අරුමයක් නැත සැබෑ පෙම්වතුන් ‍යුවලකට සංස‍‍ර්ගයට එක්විය යුතුම නැත..එහෙත් ඔවුන්ට sex chat කිරීමටද වුමනාවක් නැත..

ප්‍රේමය නම් කිමැයි.,
එහි තවකෙකු සමඟ කිරීමට දෙයක් නැත,බිහිකිරීමට,වද කිරීමට දෙයක් නැත.
එය පවත්නා තත්වයකි..එය සාමාන්‍ය දෙයකි.
අපි පුරුදුවී ඇති පොදු සමාජ මතයට අනූව
අප වෙත කෙනෙකු ප්‍රේමයෙන් විය යුතුය.
එහෙත් සැබෑ ප්‍රේම තුල
කෙනෙකු "ප්‍රේමයෙන් නොව කෙනෙකු ප්‍රේමය වේ."

එහි  ප්‍රතික්‍රියාව වනුයේ "කෙනෙකු ප්‍රේමයෙන්" වීමයි.
එය ප්‍රභවය නොවේ.එය ප්‍රතිඵලයකි.නැතහොත් අතුරුඵලයකි..
"කෙනෙකු ප්‍රේමය" වේ නම් එයයි ප්‍රභව..

ප්‍රේමය යනු දුකක් ‍යයි බොහෝ දෙනෙක් කි‍යති..
නමුදු මෙකී ප්‍රේමය තුල අඟලෙන් අඟල ගොඩ ගසන්නේ මතකයන් ‍ය.එහි සතුටක් මිස දුකක සේයාවක් නැත.. විරහව මෙකී ප්‍රේමයට ආභරණයක් වැනිය.
අතලොස්සක් පමනක් විඳින ප්‍රේමයේ කලාව මෙයයි..
මා දකිනා ලෙසට ජීවත් වීමේද කලාව මෙයයි...

ප්‍රේමය නම්,
නූතන බහුතර දකින තරම් පහසු
හපන,
විකන,
ලොවින කෑමක් නොවේ,
සීරුවට ඉගෙන ගතයුතු ඉගෙනගත යුතු කලාවකි.

ප්‍රේමය නම් කිමැයි,
මා විඳ ඇත..නමුත් අකුර කල හැකි අදහසක් නැත.

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

No comments:

Post a Comment