Thursday, May 15, 2014

ලෝකයටම අද අලුත් දවසකි.





වියතෙන් වියත ඈතින් අනවසරෙන් මාගේ අඳුරු ගුහාව තුලට කඩා වදිනුයේ අද දවසේ හිරුට අයිති හිරු කිරණයන් ය..
අනවසරෙන් නමුදු පුරුදු කාරයෙක් මෙන් මගේ නාස් පුඩු වල දැවටෙනුයූ මහා නියං සමයක ඇද වැටුන අනෝරාවකින් පසු එන දූවිල්ල ගැබ් නොවූ සිහි සුළං රැල්ලකි..
මේවා නුපුරුදු නමුදු පුරුදු වූ තිබූ දෑයිනය
ඇසට අසුවන මානයේ ඇති මකුලත ගසේ කොල නියඟයෙන් පසු අහුවූ මහ වැස්ස ගැන සිත මින් දුවිල හෝදාගෙන අලුත් දවස සූදානම් වන බව පත්‍ර මත ඇති ලා පිනිබිඳු කියා පෑවේය.

ලෝකයටම අද අලුත් දවසකි..

මා, මාගේ අදුරු ලෙනෙහි කවුළුව විවර කලේ ඒ අළුත් දවස බැලීමේ අටියෙන් නොවේ.
මා කවුළුව වැසීමට පැවති ලෝකය යතාපරිද්දෙන්ම පවතිනවාද යන්න බැලීමටය..

මා හොඳාකාරවම දනී.මෙය මෝසමක් නොව අවාරයේ ආ සංවහන වැස්සකි..නමුත් මා එය විඳීයි.හෙට කුමක් වුවත් අද දවස මට දැන් ආලෝකය සමඟ එක්ක ගත කල හැක.


R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment