Saturday, May 24, 2014

මරණය එනු මැන


________________________________________


ඝණ කළුවර මැදින්
හෙමින් හෙමින් නොන්ඩි කකුල බිම දිගේ ඇදන්
මරණය එනු මැන මා කෙරේ..
සීරුවට හෙමින් වැළඳ ගනු මැනවි මා..
මා සනසාලන්න මරණය,
නුඹයි මගේ සැනසිල්ල..
හීනිවත් සීතලක් නොදැනෙන්න
මා තුරුළු කර ගනු මැනවි..
හිස ඉස්මත්තෙන් දැල්වෙන පහනට
තෙල් බිඳුවක් වත් කරන් නැති
ජීවිතයෙන් මට ඇති ඵල කිමද..
නුඹ මගේ සැනසිල්ල..
නුඹ මගේ ගැලවිල්ල..
නුඹ එනතුරුයි මා ජීවිතය සමඟ ගනුදෙණු කරන්න හේතුව..
ඉතිං ඇයි තව පමා..
මාව සනසාලන්න..
මූසලම විලාපය කර
ජීවිත මැදින් මා රැගන යනු මැනවි
කරුණාවෙන්... 
හත් දිනක් ගෙවෙනකම්
කවුරුවත් නැහැ හඬන්නට..
ජීවිතය මෙන් මා
මග අතනොඇර,
ඝණ කළුවර මැදින්
නුඹේ කළුවරම විජිතයට
මා රැගෙන යනු මැනවි...
මරණය,
එනු මැන මා කෙරේ...
ආදරයෙන්...



R é D R ü M

M ü R D è R

1 comment:

  1. ඉපදුනේ අප සැවොම
    මරණයත් රිසි සේ
    ලැබ නොහැකි ලෝකයක
    ගියත් කළුවර මැදින්
    මරණයේ විජිතයට
    හැකි වේද ලැබ ගන්න
    උඹ හොයන සැනසීම ...

    ReplyDelete