Friday, May 16, 2014

පමා වුන නත්තල


_____________________

නත්තල් ගස අපේ - ටිකක් පරණ වගේ
ඊයේ හම්බවුනේ පාරේ තිබිලා ඉබේ
තරහ වෙන්න එපා ජේසු පුංචි අපිට අනේ
නැත්නම් නත්තල ගන්නේ අපිත් නියම දිනේ

හිස් සැමන්ටින්  මලක් පිපිලා දැක්කද හැඩවෙලා
අපේ හිතේ පිපෙනා මල් පෙණුනද හිනහිලා
වීදි සරණ ලමයි නිසා අපි පරක්කු වෙලා
කියා ඔන්න ජේසු බබා ටිකක් තරහ වෙලා

පරණ ගසක් හැඩ කරන්න හිස් භාජන දමා
ජාති රැසක ළමයි ඔන්න එකට එකතු උනා
ඒක දැකලා ජේසු බබා තුටින් සිනාසුනා
පුංචි අපිත් ඒක නිසා ගොඩක් හිනා හුනා

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

No comments:

Post a Comment