Wednesday, May 14, 2014

හින

හීන හීනියට
හිතේ දැවටෙන්න
පාන්දරම හීනයක් අරන් නුඹ එන්න
බැරිමනම් කමක් නෑ,
නුඹ නෑවිත් ඉන්න..
කට්ට අව්වට පිච්චෙන
මගේ ගෙංදගම් පොලවට
ගිනි ගහන අව්වක් වී වැටෙන්න
පිච්චිලා දියවෙලා යන්න
බැරිමනම් කමක් නෑ,
නොවැටිලා නුඹ ඉන්න..
අනෝරා වැහිවැටෙන
අහස් ගඟෙන් වැස්සක්ව නුඹ වැටෙන්න..
ඟංවතුර ගැලුවත් කමක් නෑ
මට සේදිලා දියවී යන්න
බැරිමනම් කමක් නෑ,
වැස්සක්ව නුඹ නොඑන්න..
ජීවිතේ විසිවෙලා යන
චණ්ඩ මාරුතයක්ව නුඹ එන්න
පුළුවනි මගේ ජීවිතේ
ඒ හුළඟෙ පා කරන්න..
බැරිම නම් කමක් නෑ,
සුළඟක්ව නුඹ නොඑන්න..
මහ මෙරක් තරම් බර
දෝරෙ ගලනා සෙනෙහසත් අරන්
ඔබ එන්න..
හැමදාම නැතිවාට කමක් නෑ.
රහසේම ඉකිගසන මයි හිතේ
නුඹ ඉන්න...

R é D R ü M

M ü R D è R  

( Mar 24, 2012)


Posted via Blogaway

2 comments: