Friday, May 16, 2014

දෙවියෝ ඔහි හිටු !!


___________________________

දේවාලේ දොර උදෙන්ම ඇරලා - හඳුන් කපුරු දුම් කදිමට යොදලා
නාගසලම් හඬ වේගෙන් දමලා - ආතුරයෝ එති පෝලිම් ගැහිලා

ඉසුරු ලෝක ඇති කොළයක් පෙනෙනා
පසුම්බියේ කොණ දතකින් ඇදෙනා
නිල් කොලයක් දේවාලෙට පිදෙනා
ඉසුරු කොලේ යට සූරා බැලෙනා

පන් මල්ලේ ඉරි ඔක්කොම ඉරිලා
චීත්තයේ මල් ඔක්කොම හැලිලා
පසුම්බියේ මුළු අඩියම බලලා
කාසි පඬුරු ගෙන දෙවියෝ දුවලා

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

No comments:

Post a Comment