Thursday, May 15, 2014

"සදාකාලික මිනිස්සු"




ගිලුනු නැව් නැග්ග
සුදු මිනිස්සු..
සුදු කළු මිනිස්සු..
කළු සුදු මිනිස්සු...
ඔක්කොගෙම ළඟ එකම දහදිය සුවඳ
හිතට දැනෙන ආදරණී‍ය මිනිස්සු..
එක වරක් නොව තව සිය වරක්
නුඹ උපදින්න..
අනූනම වතාවක් නුඹ එක්ක දිවි පුදන්න..
ආසයි මටත් පොඩි හරි වීරයෙක් වෙන්න..
නෑ..
ඇතතටම නැවුම් පසක් පෙරලන්න නුඹ එක්ක ඉන්න..
සුදු හුණු ගාපු ගෙවල් වලින් එලියට බැහපන්
කළු සුදු මිනිස්සු..
මේ ගන්ධබ්බ අවදියයි..
සූදානම් වෙයන් උප්පත්තියට..
ලෝකේ දිහා පොලවේ ඉඳන් බලන මිනිස්සු,
දාඩිය සුවඳ බලන්න,
ලේ රස උනත් විඳින..

නුඹ දැකපු හීනය..
ඉවරවෙයි තව නොබෝ දිනකින්..
එතකම්ම නිවන් නොදැක
අපි සමඟ ඉනුමැන ..

"චේ"

මේ වෙනසකට කාලයයි..
එය සදාතනිකයි..


R é D R ü M

M ü R D è R
(සදාතනික තාරුණ්‍ය "චේ" සැමරුම)

No comments:

Post a Comment