Wednesday, May 14, 2014

බේබද්දා

මේක නම් මට පුදුමයක් - වෙන්න බැරි මහ අරුමයක්
එළාර ගෙ ලඟ දුටුගැමුණු නිදි
හැදිල දෝ මට පිස්සුවක්..

පුදුම වෙන්නට දෙයක් නෑ - මේ පේන්නේ තව දෙයක්
මාඝ ගේ ලඟ සුරනිමල නිදි
පිස්සුවක් නෑ විහිළුවක්..

දැණුන අමුතුම හීතලක් - ඇහැරුණා මට වතාවක්
කළවමට හැදු සොහොන් පිටියක්
දැකලනේ මන් හීනයක්..

මධු මතේ ඔසවා පයක් - තබන විට පෙණුනා දෙයක්
බෝ ගහක් ලඟ පල්ලියක් ඇත
ඒ පෙනෙන්නේ හැබෑවක්..

R é D R ü M (බේබද්දා)  :p

No comments:

Post a Comment