Thursday, May 15, 2014

කලාව යනු කුමක්ද??





යන්න පිළිබද මහ ලොකු දැනීමක් මා හට නොමැත..විද්වතුන්ගේ නිර්මාණ මා දැක ඇත්තේ අඝ්‍රගන්‍ය පොත් වල ප්‍රදර්ශන වල වැනි ප්‍රවීනයන්ගේ තැන් වලය..එතකොට මා මේ නිර්මාණයට නමක් දෙන්නේ කෙලසද..
මේ මට එවනි තැනකින් හමුවූවක් නොවේ..
එතකොට මේ නිර්මාණය තුට්ටු දෙකේ චිත්‍රයක් ද..

වෑල්ඩින් බාස් අයිය වෑල්ඩින් කරනකොට ටයිල් කලු වෙනවට දාපු බාගෙට පිච්චුන වයිට් බෝඩ් කෑල්ලක, මිණුම් ලකුණු කරන්නට ගෙනා පැන්සල් කොටයෙන් මෙය සිත්තම් විය..

එතකොට මෙහි ඇත්තේ කලාව නොවේ ද??

කලාව යනු මා දකිනා ආකාරයට අපූරු මිනිසුන්ගේ අපූරු චිත්තවේගයන් මාධ්‍ය සමඟ කරන හරඹයකි..

භෞතිකවාදීන් සහ මූලධර්මවාදීන් ‍යන දෙකොට්ඨාශයක් ගැන මා අසා ඇත..
මේ සිත්තමෙන් මා එක දෙයක් උගත්තෙමි..

මූලධර්මවාදියෙකුට කලා කරුවෙකු විය නොහැකි බවයි..




සිත්තම - සිතුම් නිලංග.

අදහස -
R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment