Thursday, May 15, 2014

ආදරයක් උනානම්,



මූණ බෙරි කරගත්ත අහස දැන් හෝ තව මොහොතකිඅනෝරාවක්ව පොලව තෙත් කරා වී..
කළු කර ගත්‍ත අහස දැක්කම නෝක්කාඩුවකට පස්සේ නුඹේ මුහුනත් මේ වගේ වෙන්න ඇති කියලා හිත කියනවා..
කාලෙකින් වැටෙන අනෝරාව බලා පොරොත්තුවෙන්
‍රංචු ගැහුනු දෙමලිච්චෝ එකම ගෝර නාඩුවක්.හරියට නුඹ ලඟ උන්නු කාලේ මගේ අකීකරු සිතුවිලි වගේ..
කන ළඟින් හෝ ගාන  තෙත හුළඟ නුඹයි මායි විතරක් දැන උන්න රහස් කතා වගේ..
අහේතුවකට ටිකක් වැඩියෙන් අද නුඹ හිතේ ඇවිදිනවා..
ජීවිතේ නුඹ එක්ක බද්ධ වෙලා.
චූටි චූටි  දේ වලින්
ඇසිල්ලකින් හිතට දුවන් එන පාර
නුඹ තරම් දන්න තව කෙනෙක්
නැති තරම් ඩා..
ආදරයක් උනානම්,
නුඹව ඇතෑරල මං ගොඩක් කල්,
ඒත් ඒක අංශුවක් නෑරම
ලේ වලට දිය උන පිස්සුවක් ඩා..
දවසක ඇත්තමයි ම‍රලා දානවා..

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment