Saturday, May 24, 2014

තෑග්ග (ගා‍ර්මන්ට් පතිවත II)




__________________________________________


ඔබ විසින් දුන් ආදර‍ය ඇත මාස තුනකට මෝරලා

මුල් දවස් වල දින පතා දුටු නිසා මට මහා පාළුවක්
තුරුළුවී ඇත සිතට නිතරම නැති නිසා ඔබගේ හඬක්
ඇමතුවෙමි දුර කතන ඔස්සෙ මාරු කර ඇත සිම් එකක්
තවම සිහිහිවෙයි නුඹේ සිනාව මගේ සිත තුල නැහැ බියක්

ඇඳුම් කම්හල අසල ඔබේ මුහුණ දකින තුරු බිඳක්
හින්ඳි නළුවෙක් වෙතැයි යෙහෙලියෝ කියන විට දැනුනා සැපක්
ඉල්ලූ හැමදේම ඔබට දුන්නේ ඒ නිසයි මගේ හිතට දැනිලා ප්‍රීති‍යක්
හින්ඳි නළුවෝ අවංකයි ඔබ එනවමයි මට නෑ සැකක්

සමහ‍රක් විට දෙමව්පියෝ ඇති නීති දාලා බයවෙලා
බිඳක් ඒ වැට කඩුළු අස්සෙන් එන්න "ශාරුක්" පේවිලා
කියන්නට ඔබ වෙතට රහසක් මමත් ඉන්නවා පුලපුලා
ඔබ විසින් දුන් ආදර ඇත මාස තුනකට මෝරලා


R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment