Thursday, May 15, 2014

හෙළුව එලිපිට වැනීම..




මොනතරම් සභ්‍ය දැයි අසභ්‍ය දැයි යන්නටත් ‍වැදගත් වනුයේ හෙළුව වනන මූල බීජය මතය..
චේ ගුවේරා ආයෙම ඉපදුනත් මාධ්‍ය ලෙස යොදා ගන්නේ ෆේස් බුකිය යි..ඒ ගැන තර්කයක් නැත..බහුතර මතයක් එකවිට ගොඩ නැගිය හැකි එකම මාධ්‍ය බුකියයි..

ගණිකාව,ලිංගිකත්වය,සරාගය මේ තුන පටලවන් දාපු ලිපි ගණනා වක් මේ ටික දිනට මා කියවීමි.ආදරය තුල රාගය උලුප්පන කවි ගනනාවක් දිටීමි,ඒකත් දැන් ‍රැල්ලක් වෙලා..

ගැහැණියකගේ හෙළුවය යනු නිතර දෙවේලේ එලිපිට දකින කවියක් හෝ සිත්තමක් විය යුතුද.?
ගැහැණියකගේ හෙළුව හැරුන කොට ගැහැණිය යන අපූර්ව වස්තුව තුල ලිවීට කිසිවක් නැතිද..
ගැහැණිය යනු කලාවට ප්‍රාණ වායුවක් වැනිය..
එහෙත් ඒ ගැහැණිය එලිපිට නිරුවතේ දැමීම කොයිතරම් අනුමත කර හැකිද...

හොඳ නිර්මාණයකට සීමාකම් තිබිය යුතු නැත..එහෙත් සංයමයක් තිබිය යුතුය,

රැවුලයි කොණ්ඩෙයි වවන් තමන්ගෙම ෆෝටෝ  චේ වගේ යැයි හිතන් තමන්ම ප්‍රසිද්ද කර ගත්තට චේ වගේ වෙන් නෑ වගේම.

කුනුහර්ප,ගැහැනියකගේ නිරුවත අමු අමුවෙ එලිපිට දැම්මට රැඩිකල් කවියෙක් වෙන්නෙත් නැත..

නිල් චිත්‍ර පටියක් බලලා ස්වයං වින්දන විදීම ඕන පිරිමියෙකුට සාමාන්‍ය දෙයකි..එහෙත් තමාගේඒ චිත්තවේගයන් ප්‍රදර්ශනය මානසික ආබාදයකි..

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment