Thursday, May 15, 2014

මට ලොකුයි මගේ දුක






___________________________


දුක,තනිකම සහ බැඳීම් එක නට්ටේ දෙහි ගෙඩි තුනක් වගේ..වෙනස එක නට්ටෙ දෙහි දුර්ලභ වුවද යතෝක්ථ තුන කාටත් පොදුය..
සියළු සංස්කාර ධර්මයන් හේතු කොට ගෙන එනම් සරල කියතොත් බැඳීම් හේතු කොට ගෙන දුක සහ තනිකම ඇතිවේ..

ජීවිතයේ ඔබ මම විඳින දෙය ඇත්තටම දුක ද?දුක කියන්නේ ඒක??
දුක කියන්නෙ කොල්ල කෙල්ලව අතාරින එකටද?
වර්තමාන සමාජයේ නිරුවත හැරුනකොට හොඳට මාර්කට් කල හැක්කේ දුකයි..
එනම් පෙම්වතුන්ගේ විරහවයි..

ආදරේ කියන්නේ දුකක්ද ?
නැත ආදරේ යනු මිනිසුන් සතුටෙන් ති‍යන දෙයක් මිස දුකෙන් තියන දෙයක් නොවේ..
විරහව යනු හරි සුන්දර අත්දැකීමකි..විඳිය යුතු සුන්දර හැඟීමකි..
එය කලා කෘතියක් බවට පෙරළුනු පසු එය ඇස් වලට කඳුලු එන තරම් සංවේදී.. අප එයට කිව යුත්තේ "පට්ට දුකක් කියාද? හොඳ නිර්මාණයක් කියාද?"

අතලොස්සක් පමනක් විඳ ඇති සැබෑ ආදරය තුල දුකේ හෙවනැළි නැත..එහි මතකයක් අංශුවක් නෑර සතුට උපඳු වන සිතු විලියි..

පලවෙනි කොල්ල දාල ගියාම කෙල්ලො හොටු පෙරන් අන්ඬනවා ජිවිතේ ලොකුම දුක වගේ.ඒ‍ත් දෙවැනි තුන්වෙනි හතර වෙනි කොල්ලා ගියාමත් අඬන්නේ ඒ විදියටමයි..

"කඳුළු යනු ආත්මයට වහින ග්‍රීස්ම වැස්සකි"

විරහව හැමදාම හැපෙන නෙල්ලි ගෙඩියක් වනුයේ සැබෑ ආදරයක් තුල පමනි..අනිත් සියල්ල තාව කාලික හැඟීම් වේ..

මිනිහෙක් තවත් මිනිහෙකුගේ දුකක් අහනකොට කියන පොදු කාරනයක් ඇත.
ඒ "අපෝ ඕක මොකද්ද මට උන දේවල් එක්ක"
සමහර විට එය ඇත්ත විය හැක..

නමුදු දුක යනු පෞද්ගලික හැඟීමකි.. සිත් දෙකක ඇති වෙන දුක් කවදාවත් සංසන්දනය කල නොහැක..

තනිවීම..

තනිකම ගැන පොරටෝක්ස් දෙන අය ඕන තරම් මට හමුවී ඇත.
තනිකම ගැන පොදු මතය වනුයේද
කොල්ල,කෙල්ල හෝ යාළුවෙක් ලඟ නැති උනාම දැනෙන පාළුවයි..

කෙදිනක හෝ ඔබට බඩගින්න දැනී ඇත්ද?
බඩගින්නට වතුර උගුරක් ඉල්ලන් බොන්න කෙනෙක් නැතිවී ඇත්ද
දෙනෝදාහක් ඉන්න ටවුන් එකක් මැද සිනා වෙන්නට කෙනෙක් නැතිවී ඇත්ද
කවදක හෝ තමන්ට තමන් මඟ හැරී ඇත්ද

තනිකම යනු අතලොස්සක් පමනක් විඳ ඇති ඒ තරම් බිවිසුනු අත්දැකීමකි..එය පාළුව තරම් සරල දෙයක් නොවේ..
මනුස්සයෙකු නොවිඳිය යුතු අත්දැකීමකී..

කාගේ දුකද ලොකු කාගේ තනිකමද පොඩි කියා මැනීමට මිම්මක් නැත..
නමුත් තමන් විඳින දෙය හරි හැටි අවබෝද කර ගැනීමෙන් එහි පරිමාව ගැන ස්වයං විනිස්චයක් කර ගත හැක..

බැඳීම්,දුක තනිකම යනු බහුතරයක හුරතල් සූටික්කෝ සූටික්කියෝ විදින තරම් සරල දෙ‍යක් නෙමෙයි..ජිවිතයේ පතුල බලන්න ඔබට එහි හරය වැටහේවී..

R é D R ü M

M ü R D è R

2 comments: