Saturday, May 24, 2014

Take it easy




______________


දන්නවා දැන් ඇති බව.
ඒත්, තවමත් මම
ඒ හීනවල කෑලි එකතු කරන්
අමාරුවෙන් අමුණගෙන..,
ඇහෙන් නොවැටී ගල් වෙච්ච කඳුළු සායම් වලින්,
හිස්තැන් වහල..
අළුත් හිත් ගොඩක් අස්සේ,
පරණ කිලිටු වෙච්ච මයි හිතත් තියලා
ඔහේ බලන් ඉන්නවා..
දන්නවා ඔයාගෙ බිමත්
මේ හිතෙන් කැත වෙනවා..
ඒත් මම කියලා මොනවා කරන්නද..
ලේ වලට දිය උන හිංද ද මංදා,
මම මහ ගොඩක් ඇබ්බැහි වෙලා ඔයාට..
එකයි හැමදේම දැනිලත්,
නොදැනුනා වගේ ඉන්නේ..
මතකද තංගමේ,
මේ කුණු ගෑවිලා, කැඩිලා,බිඳිලා,අමුණලා
කරල තියන හිතමයි..
අපි බලාපොරොත්තුවෙන් කැටයම් දාලා
හීන වලින් රේන්ද අල්ලා හැඩ කලේ...
Take it easy ඩා..
නිකමට වගේ කීවේ...

Rédrümගේ දින පොතේ සටහනක් (21.08.2012)

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment