Friday, May 16, 2014

― Kailash Kher

මා දැක ඇති දෙවියන් මැවූ අපූරුත නිර්මාණය ගැහැණිය යි.
දෙවනිය ඊට සමානව මැවූ සත්සරයි..
ගැහැණිය ඝණ වස්තුවක් වීම හා සත්සර ඝණයක් නොවීම හැරුනු කොට මහ වෙනසක් මට එහි නොපෙනේ..
වස් පිහිටුවන ගැහැණුන් ගුණ පිහිටුවන ගැහැණුන් මෙන්ම සත්සරේ යක්ෂාක්ශර දේවාක්ෂර ඇත..
ගැහැණියකගේ භාෂාව වෙනස් වූ විට අදහස් සංනිවේදන අඩුවේ.නමුදු ගැහැණිය ගැහැණියමයි.සියළු අංග පුලංග එකම වේ..
ගැහැණිය සමඟ ඇති බැඳීම උපරිමාත්වයට පත්වූ විට ඇත්තේ නිහැඬියාවකි..
ආත්මීය අදහස් හුවමාරුවකි.
ගැහැණිය සමඟ ඇති  අඩු බැඳීම එනම් අනියම් ගැහැණියක් සමඟ ඇත්තේත් නිහැඬියාවකි.ඒ කතා කරන්නට දෙයක් නොමැතිවීම තුලයි.

නුඹේ කටහඬත් එලෙසයි.මට නුඹ කියන කිසිවක් නොතේරෙයි.නමුදු මා එය විඳියි.ගැහැණියක් මෙන්ම නුඹද හදවතේ හීනිම නහරයන් හරි අපූරුවට කම්පනය කරයි..නුඹේ කට හඬ දෙවියන් පිනවීමට ගීතිකා ගැයීමට දෙවියන් දුන් කට හඬක් වැනිය..එහි ඇත්තේ උමතුවකි අංශුවක් වත් අඩු නැති නිම්හිම් නැති පිපාසයකි.
උපරිමත්වයට පැමිනි ගැහැණියක් සමඟ මෙන්ම නුඹෙ කට හඬ සමඟද වචනවලට පෙරලීමට කිසිවක් නැත.
ගැහැණිය සමඟ ඇත්තේ ආදරයේ නිහඬ බව මෙන්,
නුඹේ කටහඬ සමඟ ඇත්තේ නිහඬ බවේ සංගීතයයි.
නුඹේ කටහඬට ජය!!!

Sounds of Silence
― Kailash Kher

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

No comments:

Post a Comment