Thursday, May 15, 2014

(මරණය, නුඹෙන් තොර වූ ජීවිතය තරම් අමිහිරි එකක් යැයි නොහැඟේ..)


ලඟින් ඉන්නම බැරිමනම්,
කමක් නෑ නුඹ වෙන්ව යන්න..
පාළු හීනෙක රහසින් සුවඳ නුඹේ
තියා යන්න..
කඳුළු ඕසෙට එනවා නම්
කඳුළු ඉවර කොට යන්න..
තව්තිසාව සරසන්න
මගේ හිනාව ගෙනයන්න..
හාද්දක් දෙන්නම ඕනිනම්
කමක් නෑ මට දී යන්න..
දරදඬුව රිදෙන්නට එක්වරක්
මට තුරුල් වී යන්න..
හිනෙකට නුඹේ ආවොතින් මම
හිත හයිය කර ගන්න..
අපේ මතකය ගුලිකොට නිල්වලාවට
දා යන්න..
නුඹට යන්නම ඕනනම් කමක් නෑ
නුඹේ තව්තිසාවට නුඹ යන්න..
මට කියන්නම බැරිනම් තරහ නෑ
නොකියාම නුඹ යන්න..

(මරණය, නුඹෙන් තොර වූ ජීවිතය තරම් අමිහිරි එකක් යැයි නොහැඟේ.. - ඩයරියේ පිටුවක් )

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment