Wednesday, May 14, 2014

Plz, I love you

ඔයාට නොකීවට මාත් ඒකට ආසයි ඩා.
හෙමින් ඉන වටේට අතදාල,
ලඟට අරන් තුරුල් කරන්,
දඟකමට කොන්ඩෙ ටිකක් එහාට කරලා
හෙමින් හුස්ම වදින්න,
බෙල්ල ඉම්බින්න ආසයි.
මම එහෙම කලොත් ඔයා බයවෙයි නේද ඩා.
නෑ...
ඔයා බයවෙන් නෑ,
මොකද මගෙ ගැන ඔයා හොඳටම දන්නවා..
ඔයාට නොකීවට මාත් ඔයාට මහ ගොඩක් ආදරෙයි,
මගේ ගැන මෙච්චර දන්න ඔයා,
ඒක නොදැන ගන්න විදියක් නෑ.
ඒක ආදරයක් උනා නම්,
මට ඒක ඔයාට කියල දෙන්නවත් තිබුනා..
ඒත් ඒක අංශුවක් අඩු නැති පිස්සුවක් ඩා..
දවසක මරලා දානව ඇත්තමයි..
mmmmm.,
plz,
I Love You ඩා..

අහස කළු කලාට මොකටද -
වහින්න අහසේ වැහි නැත්නම්..
මහ වැසි වැටුනත් මොකටද -
මල් පිපෙන් නැති ගස් ඇත්නම්..
මිදි යුෂ උනත් මොකටද -
රස දැනෙන්න දිව නැත්නම්..
ආදරේ අරන් නුඹ ආවත් මොකටද -
පෙම්වන්ත මයි හිත පව් කාරනම්..
ඉතින් තව ජීවත් වෙලා මොකටද -
නුඹ මට මේ භවේ හිමි නැතිනම්

Réd Rüms dairy note.

( 04 . 01 . 2012)

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment